Pages

Monday, December 17, 2012

ඒයි.. මට ඇහෙන්න බනිනව නෙමෙයි..



                            ලංකාවේ වැදගත්ම පොට් එක.. පින්තූරය මෙතනින්.


දකින දකින හැම තැනම මොකෙක් හරි මොකකට හරි දේශපාලකයෙක්ට බනින්නේය. පහුගිය දිනෙක එවැනි කතාවක් අසා යාන්ත්‍රිකයාට මේ සිතිවිල්ල පහල විය.

යාන්ත්‍රිකයාට දේශපාලකයින්ට බනින උන් පෙන්නන්නට බැරිය.. ඒ මේ නිසාය.. මේක ලිවීමෙන් පසුව යාන්ත්‍රිකයාට වැටෙන කොමෙන්ටුවත් නොවැටී යාමේ අවදානමක් ද ඇත්තේය.
     
ලංකාවේ හැම එකෙක්ම දේශ පාලකයින්ට බනින්නේ හරියට එතුමන්ලා පාර්ලිමේන්තු ගියේ අහසින් වගේය. ලංකාවේ කවුරුවත්ම ජීවිතේට ඡන්දය නොදාපු අය වගේය. නමුත් පාර්ලිමේන්‍තුවේම දෙසිය විසිපහකි. තවද පළාත් සභා ද 9 කි. ඒවායේ මන්ත්‍රීවරු ගාන නම් යාන්ත්‍රිකයා නොදන්නේය.. නමුත් එකෙක් දෙන්නෙක් නම් නොවන්නේය.. ඒ මදිවට ප්‍රාදේශීය සභා ගානද සැලකිය යුතු ඉලක්කමකි.. මෙසේ ගත් කළ මන්ත්‍රීවරු පඳුරකට එකා ගානේ සිටිති.. නමුත් මේ එකෙක් වත් ලංකාවේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ගිය අය නොවිය යුතුය.. මොකද ඒ තරමට ලංකාවේ මිනිස්සු දේශ පාලකයොන්ට බනින නිසාවෙන්ය..

Friday, December 14, 2012

මගේ මත හත


01).ලොක විනාසේ:-
මේ පින්තූරය ගත්තෙ මෙතනින්

උණත් නොවුණත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. යාන්ත්‍රිකයගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක්.. ඉතිං  ලෝකෙ වැනසුනත් නොවුණත් යාන්ත්‍රිකය ජීවත් වෙනව දෙදාස් හැට අටේ අප්‍රේල් දහනමය වෙනකන්.. ඒක නිසා ලෝක විනාසෙ මට ප්‍රශ්ණයක් නෙමෙයි..

02).ළඟක ඉඳන් එන පිටසක්වලයො:-
රෙඩාර් වලට අහුවුණේ නෑ කියල එහෙම ජාතියක් නෑ කියන්න බෑනේ..?? අනික ඒ දැක්ක එළි වලට කියන්නෙ අද්භූත වස්තු කියල.. එහෙවු එකේ රෙඩාර් වලට අහුවුණානං ඒවා අද්භූත වස්තු වෙනවැයි?? මං මේ කියන්නෙ පිටසක්වලයො ඉන්නව කියල නෙමෙයි.. ඉන්නත් ප්ුළුවන් නොඉන්නත් පුළුවන්..  ඉතින් පණ්ඩිතකම් පැත්තක තියල කෝකටත් හොයල බලන එක කාටකාටත් හොඳයි.. එහෙම කියන්නෙ මේ විද්‍යාඥයෝ ජීවයක් තියෙවද බලන්න අඟහරුගෙ වතුර හොයන්න ඩොලර් බිලියන කෝටි ගානක් වියදම් කරපු ජාතියක් නිසා..

Monday, December 10, 2012

එච්.අයි.වී වලට විසඳුමක් සමඟින් අළුත් සමාජ රෝගකාරක වෛරසයක් සොයාගැනේ...!!!



                              මේක මෙ‍තනට ආසාදනය වුණේ මෙතනින්


නිවේදක යාන්ත්‍රිකයා:-
ආයුබෝවන්..!!!
මම YNN NEWS වෙනුවෙන් යාන්ත්‍රිකයා.. මම දැන් රැඳී සිටින්නේ ලන්ඩන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය J.V. යාන්ත්‍රිකයා මහතාත් සමගයි. පසුගියදා භෞතික විද්‍යාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නොබෙල් සම්මාන ලාභී මහාචාර්ය යාන්ත්‍රිකයා මහතා අද ජීව විද්‍යා ලෝකය කණපිට පෙරළන්නයි සූදානම.

Monday, December 3, 2012

යාන්ත්‍රිකයා භෞතික විද්‍යාව කණපිට පෙරළයි...!! ෆිසික්ස් ලොව මවිත කළ විසි එක් වෙනි සියවසේ මහා සොයා ගැනීම ලංකාවෙන්..!!



පහුගිය දා යාන්ත්‍රිකයා ඉතා වෙහෙස වී විශාල කැපවීමකින් හා සැලකිය යුතු කාලයක්ද කැප කරමින් වත්ත සුද්ධ කරමින් සිටි මොහොතේ භෞතික විද්‍යාව කණපිට පෙරළිය හැකි මට්ටමේ මූලධර්මයක් සොයාගන්නා ලදි......

            භෞතික විද්‍යා ලෝලීන්ගේ දැනගැනීම සඳහා යාන්ත්‍රිකයා එය මෙසේ සිය බ්ලොග් අඩවියේ  සඳහන්කරනු ලැබේ. ඔහු විසින් එය යාන්ත්‍රිකයාගේ සංවෘත විවෘතතාව පිළිබඳ සර්වත්‍ර නියමය වශයෙන්ද නම් කොට ඇත.
                  මේ වගේ වැදගත් තැනකට මෙයා රිංගුවේ කොහෙන්ද?? බැලුවම මෙතනින්        
                

Saturday, December 1, 2012

පසුම්බි චෝරක කතා වස්තුව

     අවුරුද්දකින් විතර යට ගිය දවස මේ ලංකාද්වීපයේ මිහිඳු නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හී.. මහානුවර එක්තරා ග්‍රාමයක කෙළෙඹි පුත්‍රයින් දෙදෙනෙක් ඉතා සමගිව වාසය කරන්නෝය.. මෙසේ වාසය කරන කල්හී පළමු කෙළඹියාගේ කිසියම් වූ උවමනාවක් සඳහා කොළොම් පුරේට යාමට උවමනා වීය..

     හෙතෙම සිය මිතුරා අමතන්නේ..
             "එම්බල යහළුව.. මාගේ ඉතා වැදගත් වූ කටයුත්තකට කොළොම් තොට බලා යාමට සිදු වී.. නුඹත් මා සමඟ එන්නේ දැ" යි විමසී..

Wednesday, November 28, 2012

මටත් ඕනෙ කැබ් එකක්.........


      පහුගිය දවසක අපි අනුරාධපුරේ ගියා නොවැ ත්‍රීවීල් එකක... චූට්ටං ෆැමිලි ටුවර් එකක්.. ඒක වෙනමම කියන්න ඕන කතාවක්... එක පස්සෙ බලමුකෝ..
                                    
     අනුරාධපුරේ ගියේ ඇස්ටෝං ගෙදරක.. ත්‍රීවීල් එකේ පහක් තහනං උණත් අපි ගියා.. කොහොම හරි ගෙහුං හෙම ‍උත්සවේට කරල දෙන්ට ඕන යුතුකං ටික එහෙම ඉස්ට සිද්ධ කරල නිදා ගන්නකොට රෑ දොළහට එකට විතර ඇති..(එහෙට යනකොටත් රෑ අටට විතර)

    පහු වෙනිදා නුවර අපිට අළුත් අමුතු සිරිත් එක්ක උත්සවේ තිබුණ.. තේ බොන වෙලාවට ඒ කියුවෙ උදේ දහයට විතර... කොහොමෙං කොහොම හරි ඔය අනුරාධපුරෙ ගමන නං සම්මජ්ජාතියට අමතක වෙන්නෑ.. ඔය බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන "ඈ" (උදා:- ගිහිං එන්නං ඈ..) ඉස්සරෝම අහන්න හම්බවුණෙත් අනුරාධ පුරේදී.. කළුතරිං සෙට් එකක් ඇවිත් හිටිය.. ඕනම වාක්‍යක කෙළවරට "න" දාල කතා කරන විධියත් අපිට නිකං මැජික් වගේ.. නුවර අපි ඉතිං ඔය ටී.වී. එකේ විදියටනෙ කතා ‍කරන්නෙ.. ‍එකම වෙනස කෙළවරට "න" වෙනුවට "ට" , "ඩ" වැටෙන එක තමා.. ඒ කියන්නෙ "යන්න" කියන වචනෙ නුවරදි "යන්ඩ" හරි "යන්ට" හරි වෙනව.. ඒක අනුරාධ පුරේදී "යන්ඩ ඈ.." 

Monday, November 26, 2012

ඩෙංගු මර බිය දුරු කළ අපේ දොස්තර නෝනා‍

         ඔය සුද්දා ලංකාව අතෑරල යනකොට නිකංම ගියේ නෑනේ. ඌ ගියේ කළු සුද්දො පැටවු ටිකකුත් හදල නෙව. අපේ තිබිච්චි හැම දේම උදුරගෙන උංගෙ ලට්ට ලොට්ට ටික දාලනේ ගියේ..
     
        අපේ මිනිස්සුත් රට බඩුනං ඕන දෙයක් කියල බාර ගන්න ජාතියක් නිසා උන් දුන්නු ඕන කුණු ගොඩක් බාර ගත්තෙ ඉහ මුදුනිං.... කිසිම අතුරු ආපදාවක් තැති කසාය කෝප්පෙ වත්තට විසි කොරල පැනඩෝල් පෙත්ත ඕන ලෙඩකට කටේ ඔබාගන්නේ එහෙමනේ... කාටද සහතික වෙන්ට පුළුහං ඕවා සීයට සීයක් කිසි අවුලක් නැති බෙහෙත් කියල.. කවදාවත් අහල තියෙනවද කසාය කෝප්පයක් බීල ආසාත්මිකතාවක් ඇතිවුණ කෙනෙක් ගැන???.. මාත්‍රාවට වැඩියෙං බීල පරලෝකප්‍රාප්ත උණ කෙනෙක් ගැන????... ඔය ඔක්කොම ලෙඩ සුද්දගෙ පෙති වල විතරයි..