Pages

Tuesday, January 22, 2013

ඒ ලෙවල් කරපු උන්ට....** යාන්ත්‍ර මන්ත්‍ර රාජයා**

     ඕං ග්‍රීං ශ්‍රීං.............. ඒස්වා හඃ.....

     නමො නමෝ වයිමා දිව්‍ය රාජායා  ඕං නමෝ ඒස්වා හඃ.....

     පස්වාන් දහසකට ආයි බෝවා... ආයි බෝවා.....ආයි බෝවා.... මේ අත් භවේක කරන ලද්දා වූ ඕනැම කුසල කරුමයක් පළ දේවා.. සියළු පින් අත් වේවා... මෙවන් දුකක් වනේ වන සතෙකුට අත් නොවේවා..

     අවසර ආයිබෝවන්ඩ දේවතාවුන් වහන්ස... මේ ගැත්තා කරන ලද්දාවූ අකුසල කරුමයක් පටිසන් දෙවන්ට පටන්ගෙන ඒවා... නවත්වා වදාරන්ඩ හොඳයි.. මේ අවුරුද්දට විතරක් ජනවාරි තිහක් ලබා නොදෙන්ඩ හොඳයි කරුණා කරන්ඩ දේවතාවුන් වහන්ස...

පිංතූරය ඉස්සුවේ මෙතනින් දේවතාවුන් වහන්ස...




     මේ ගැත්තා කරන ලද්දාවූ අකුසලය නිසා මේ අත් භවයම විඳවන්ට නියමිතයි දේවතාවුන් වහන්ස.. එයින් මේ ගැත්තා ගලවා දෙවන්ඩ හොඳයි.. තවද මාතෘ දිව්‍ය පුත්‍රයාගෙන් මේ තිහෙන් පසු ලබන්නට නියමිත අතුරු අන්ත්‍රා වලින් මුදවා දෙවන්න හොඳයි දේවතාව්න් වහන්ස..

    දෑවුරුද්දක්ම පිච්චියටම කෙලවගෙන එකම ඩෙනිම ඇඳගෙන කන ලද්දාවූ කට්ට නැවත නොකන්නට වැඩ සලසා දෙනු මැනවි දේවතාවුනි... එකල්ලත් හදිසියේ හරි මොකක් හරි විස්සොවිද්දියාලෙකට වැටිල ගුටි කන්න හේතු නොවන්නයි දේවතාවුන් වහන්ස... තවද දේවතාවුනි හෙට අනිද්දා වැළ‍ඳෙන්නට නියමිත උණ සෙම්පරතිශ්‍යාව අන්තිම දරුණු තත්වයකට පත් කරදී ඒ අයුරින් හෝ ගෙදරින් ඇතිවන්නට නියමිත අතුරු ආන්ත්‍රා වලින් ආරක්ෂා කර දෙන්නයි දේවතාවුන් වහන්ස......

     තව වතාවක් කට්ට කන්න උණොත් තව එක ඩෙනිම් කෑල්ලක් ලබා දෙන්න කරුණා කරන්න දේවතාවුන් වහන්ස.. තවද නිවාඩු පාඩුවේ ගෙදර ඉන්ඩත් එක දොහක් වත් ලබා දෙන්නයි දේවතාවුන් වහන්ස....................

    නම්බුකාර විදියට සෙකන්ඩ් ෂයි එකක් කොරන්ට කෙමට අඩුම තරමේ සී එකක් වත් ලබා දෙන්න දෙවි හාමුදුරුවන් වහන්ස.... පාරක බැහැල යන්න පුළුවන් තත්වයක් තිහෙන් පස්සෙ උදා කරල දෙන්නයි දේවතාවුන් වහන්ස....

    ඊට පස්සෙත් එන රිසාල්ටුව හරියට ලබා දෙන්ට ඔබ වහන්සේව අදහන අධ්‍යාපන උන්නාන්සේලාගේ ඇස් අරවන්නයි දේවතාවුන් වහන්ස...  අපි පවුය දේවතාවුන් වහන්ස......

    මේ බලු ගැත්තා මොකක්දෝ කරපු පවකට දෙ‍දාස් දොළහේම ඒ ලෙවල් කොරන්ට හිටියා වෙච්චි දේ වුණා කියලා මතු  මොන ආත්මෙක වත් ඒ ලෙවල් නැති රටක උපදින්ට වරම් දෙන්නයි දේවතාවුන් වහන්ස.....

    සාධු........... සාධු............ සාධූ...................................!!!!