Pages

Showing posts with label ජාතික ප්‍රශණ. Show all posts
Showing posts with label ජාතික ප්‍රශණ. Show all posts

Thursday, January 10, 2013

A වලින් දැනුම මනින්න පුළුවන් ද?



 
             ඕ ලෙවල් ලියපු පොඩි එකෙක් ගෙන් රිසාල්ට් ආවහම ඉස්සරවෙලාම අහන්නේ මොකක් ද?
            පුතා.. ඒ කීයද?
            ගණං කොහොමද?

මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒ ප්‍රශ්නෙ ගැන.. ඒ වලින් ළමයින්ගෙ දැනුම මණින්න පුළුවන්ද?
            උත්තරය පුළුවන්...

එතකොට මේ ඒ ක්‍රමේ සාධාරණ ද?
            උත්තරය නෑ...

ඒ වලින් දැනුම මනින්න පුළුවන් නම් දැන් තියන ක්‍රමේ සාධාරණ නැත්තෙ ඇයි...???

            මේ බලන්න... මේ බ්ලොග් ලියන කියවන වැඩි දෙනෙක් ටවුමෙ ලොකු ලොකු ඉස්කෝල වල ගිහිං තියෙන නිසා ඒ ප්‍රශ්නෙ එන්න නැතුව ඇති... ඒත් මේ ඒ වලින් රිසාට් බලන ක්‍රමේ අසාධාරණයි කියන්නේ ගමේ ඉගන ගත්තු ළමයින්ට..

            මං මුලින් ඉස්කෝලෙ ගිය හද්ද වන්නියක තියෙන කොළබිස්ස කණිෂ්ඨ විද්‍යාලය මං මෙතනදි උදාහරණෙට අරගන්නව..(කාට හරි ප්‍රශ්නයක් නම් මං එකක් උදාහරණෙට අරගෙන සමස්ථය ගැන කතා කරනව කියල ඒ අයට උදාහරණ ඕන තරම් දෙන්න තියෙනව..)

            ඇත්තටම ළමයෙක්ගෙ ඕලෙවල් රිසාල්ට් එකට (අනෙක් සියළු විභාග සඳහා පොදුයි.) බලපාන කරුණු කීපයක් තියෙනව..

1.      ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම
2.      ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම
3.      තරඟකාරීත්වය
4.      තෝරා ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)

රයිට්... අපි මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරමු..

01. ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම...

           
            මේ අංක එක... මොන දේ තිබුණත් වැඩක් නෑ මේක දශමයක් වත් නැත්තම්.. උදාහරණයක් විදියට මම ඕ ලෙවල් ලියපු කාලෙ  නුවර මං ඒ ලෙවල් ලියපු ඉස්කෝලෙ සීයට අටක් ඕ ලෙවල් ෆේල් ‍...
 පින්තූරය මෙතනින්
            දැං ඔයාට හිතෙයි සීයට අටක් කියන්නෙ මොකක්ද කියල.. සීයට අටක් කියන්නෙ ළමයි දෙසියකින් ළමයි දාසයක්.... හැම පහසුකමක්ම තිබිල ( ඒ කියන්නෙ අඩුම තරමෙ මිදුල අතුගාන්න වත් මේ ළමයින්ට නෑ.. ඒකටත් සේවකයො ඉන්නව.) අළුත්ම පොත්පත් ඇඳුම් හැම දෙයක්ම මදිවට මේවගෙ ඉගෙන ගන්නෙ උපරිමේටම සල්ලි තියෙන දෙමවුපියන්ගෙ දරුවො.. ඉතින් මේකට එකම හේතුව කැපවීම නෙමෙයිද?

            මං ගිය හද්ද වන්නියේ ඉස්කෝලෙ සීයට දහයක් පේල්.... ඇස් උඩ ගියා නේද?...... සීයට දහයක් කියන්නෙ එක ළමයෙක්.. මොකද අපෙ පන්තියේ හිටියෙ ළමයි දහයයි..

            මේකෙන් පේනව මොනදේ තිබුණත් වැඩක් නෑ කැපවීම නිත්තම් කියල..

ඊ ළඟට බුද්ධිමත් කම...

            කියන්නම ඕන මේ වගේ ළමයි ඉන්නෙත් ටවුමෙ ඉස්කෝල වල කියල.. ගමේ ඉස්කෝල වල ඉන්නෙ අසීමිතවය කැපවෙන බුද්ධිමත් බව තරමක් අඩු ළමයි..

            හොඳම උදාහරණෙ අපේ බටයා... සම්මතේට පොතක් අල්ලපු නැති ‍මෙයා ඕලෙවල් ඒ හයයි බී තුනයි.. ඔක්කොම හිතල තියෙන්නෙ මේක ෆේල් වෙයි කියල..

02. ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම...


            ගුරුවරු කොච්චර ඉගෙනගෙන තියනවද කියන එක මෙතනට අදාල නෑ... ළමයට ග්‍රහණය කරගන්න පුළුවන් විදියට උගන්නන්න පුළුවන් වෙන එක ප්‍රමාණවත්.. මගේ වාසනාවට මට කොළබිස්සෙදි ඒ වගේ ගුරුවරු ටික දෙනෙක් ලැබුණ..

            ඒත් අවාසනාව කියන්නෙ මේ වගේ ඉස්කෝල වලට ගුරුවරු නැති එක.. පන්ති එකොළහක් තිබුණු කොළබිස්සට හිටියෙ ගුරුවරු දාසයයි.. (විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ඇතුළුව)

            අපේ ඉස්කෝලෙට විතරක් නෙමෙයි.. අහල පහල හැම ඉස්කෝලෙකටම මේ ප්‍රශ්නෙ මෙහෙම්මම තිබුණ.. තියෙනව..

            නුවර හැම ඉස්කෝලෙකටම අතිරික්ත ගුරුවරු විසි පහක් තිහක් ඉන්නව..

03.තරඟකාරීත්වය...


            මේක බලපාන්නෙ කොහොමද?
           
            ටවුමෙ ඉස්කෝල වල පළවෙනියගෙ සහ දහවෙනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු උපරිමව විස්සක් විතර... ගමේ ඉස්කෝලෙක පළවෙනියගෙ දෙවනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු තිහක් හතළිහක්..

            මේක බලපාන්නෙ මෙහෙමයි.. දෙවනියා පළවෙනියට වඩා ලකුණු තුන හතරකිවන් නම් අඩු, පළවෙනියා ඊළඟ වතාවේ මීට වඩා ලොකු තරඟයක් දීල එක වෙන්නයි බලන්නෙ.. ඉතින් එතකොට නිකන්ම වගේ අයිලන්ඩ් රෑන්ක් එකක් ගානට ලකුණු වැඩි වෙනව..

            හැබැයි පළවෙනියගෙ දෙවනියගෙ ලකුණු පරතරය තිහක් තිස්පහක් නම්, පළවෙනියට ඒ ප්‍රශ්න නෑ.. පාඩුවේ ඉඳල පාස් වෙන්න බලනව.. ඉතින් පළවෙනිය හැමදාම පළවෙනිය... දෙවනිය හැමදාම දෙවනිය..

            මේ ලකුණු වලින් කවදාවත් ඒ පහ හයකට වඩා යන්න බෑ..... ඒක තමයි තිත්ත ඇත්ත.. මේකට වැරදි ළමයි නෙමෙයි..

            මට ඕ ලෙවල් වලට ගණන් වලට තියෙන්නෙ බී එකක්... මොකද මට ඒ එකක් ගන්න ඕන උනේ නෑ.. මං හිතාගෙන හිටියෙ ඒ නමයක් ගන්නේ  ලංකාවෙ පළවෙනිය දෙවනිය විතරයි කියල.. මොකද ඒ නමයක් ගත්ත ළමයි ගැන අහල්ල ලැබුණෙ එච්චරයි.. කවදාවත් මේ අහල ගම් හතක වත් ළමයෙක්ට ඒ නමයක් තිබිල නෑ.. ගණන් වලට ඒ තිබිල නෑ..

            ඔයා ගිය මාසෙ විතර රූපවාහිනියෙ ගිය ධාරා වැඩ සටහනට පෙන්නපු ඉස්කෝලෙ බැලුවනම් (අවාසනාවට මට ඒ ඉස්කෝලෙ නම මතක නෑ) අපෙ ගුරුවරු කවද්ද අපිට මෙහෙම ඉගැන්නුවේ කියල හිතෙයි.. ඒ තරමට ඉන්න ගුරුවරු හතර පස් දෙනා කැප වෙනව.. රෑ ක්ලා‍ස් කරල උගන්නනව..

            ඊට පස්සෙත් මෙතෙක් ඒ පාලලේ ලැබිච්ච වැඩිම රිසාල්ට් එක (හතයි පහක් වගේ මතක) ලැබුණ..

            ගුරුවරු සහ ළමයි මෙච්චර කැප වෙලත් ‍ඒ අටක නමයකට යන්න බැරිවුණේ ඇයි?
            උත්තරේ තරඟකාරීත්වයක් නැති වීම..

මම ඔට්ටුවක් අල්ලනව.. මෙතන ඉන්න ඒ අටක් නමයක් ගත්තු ඕන කෙනෙක්ට මේක විවෘතයි.. ඒ ඉස්කෝලෙ වැඩිම රිසාල්ට් එක අරගෙන පාස් වුණ මල්ලිවයි ඔයාවයි එකට එකම සිලබස් එකක් එකම විදියට උගන්නල තරඟයක් තිබ්බොත් 100% ෂුවර් ඒ මල්ලි දිනුවෙ නැතත් ඔයාට හිතාගන්න බැරි තරඟයක් දෙනව..

04. තෝරා ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)


            මේක ඒ වලට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

            අපි එක එක්ටකනා කැමති දේවල් වෙනයි.. මේ කාණ්ඩ විශයනුත් ඒ වගේ... තුන්දෙනෙක් කැමති විශයන් තුනකට..

            ඔයා කැමති දෙයක් ඉගෙන ගන්න තියෙනවනම්... ඒක කැමැත්තෙන්ම හොය හොය ඉගෙනගන්නව නේද? ඒත් ඔයාට කැමති දේ ඉගෙන ගන්න නැතිව වෙන කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න වෙනවනම්.... ඔයාට ඔයා කැමති විශයට ගන්න තිබ්බ රිසාට් එක ලැබෙයිද?

            අහන්න අකමැති වුණත් ඇත්ත මේකයි... වැඩි ඉස්කෝල ප්‍රමාණයකට අමතර විශයන් වලට තියා හර විශයන් වලට වත් ගුරුවරු නෑ.. ඉතින් ළමයින්ට සිද්ධ වෙනව තියෙන දේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඉගෙන ගන්න.. ඉතින් අපරාදෙ ඒ එකක් දෙකක් නැති වෙන එකයි වෙන්නෙ..

එහෙනම් මොනවද කරන්න පුළුවන්?....




01.ගුරුවරුන්ට ඕන විදියට නොව ක්‍රමත් ව ගුරු මාරු කිරීම් සිදු කිරීම

            මෙහෙම කළොත් හැම ඉස්කෝලෙකටම ගුරුවරයෙක් ලැබෙයි.. එතකොට වත් මේ ළමයින්ට සාධාරණයක් වෙයි..



02.හැම පාසලකම සම්පත් දියුණු කිරීම

            ටොයිලට් එකක් වත් නැති ඉස්කෝල අනන්තයි.. ඇස් පේන කවුරුහරි ඉන්නවන නම් මේ ගැන හොයල බැලුවොත් නරකද? මේ ළමයි ඉල්ලන්නෙ කොම්පියුටර් ලැප්ටොප් නෙමෙයි.. ටොයිලට් එකක්.. අබලන් ටොයිලට් එකට යන්න, කාල බොන්න වතුර ටිකක්...
 පින්තූරය මෙතනින්

ඔය එකක් වත් බැරිනම් මේක වත් කරන්න..

03.ඕ ලෙවල් ප්‍රථිඵල දිස්ත්‍රික් මට්ටමින් නොව පාසල් මට්ටමින් ලබා දීම


            මෙහෙම අසාධාරණයට ලක් වෙච්චි ළමයින්  සහ අතිශය සැප විඳින ළමයි එක ගොඩට දාල දැනුම මනින එක ගොං කමක් කියල මේක කියවන කොට ඕන කෙනෙක්ට තේරෙයි.. ඒ ළමයින්ට සාධාරණයක් කරන්න නම් ඒ ළමයින්ගෙ පාසලට සාපේක්ෂව රිසාල්ට් එක දෙන්න..

            මේ ගැන තව කියන්න ගොඩක් දේ තියෙනව.. ඒත් අද පෝස්ටුව දිග වැඩි වුණා..  කියන්න ඕන මේ පෝස්ට් එකට හේතුව ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු දැකපු එක.. මේක හදල තියෙන්නෙ කවදාවත් ගමේ පොඩි එකෙක්ට ටවුමක ඉස්කොලෙකට යන්න බැරි වෙන්න...  කොළඹ රෝයල් එකට කඩයිම් ලකුණු එකසිය අසූ ගානක්..

            මේ ක්‍රමේ ටවුමෙ ළමයි තවත් ලොකු ඉස්කෝල හොයන එක නවත්තන්න හොඳයි.. හැබැයි ගමේ ඉන්න බුද්දිමත් අහිංසකයින්ට ඉස්සරහට එන්න නොදෙන එකට මං එකහෙලාම විරුද්ධයි..

            මේ පෝස්ට් එක ලියුටෙ ටිකක් විතර ආවේගයෙන්.. උපරිමව කාටවත් අපහාසයක් නොවෙන්න ලියන්න උත්සාහ කළා..  ඒක වැරදුණා නම් සමාවෙන්න..

=============================================================
පහුගිය ටිකේ යාන්ත්‍රිකයා ආෆ්ටර් ඒ ලෙවල් බිස්නස් එකක් පටන්ගත්ත.. ඒ නිසා දැන් ටිකක් කාර්ය බහුලයි.. කීයක් හරි හොයල තියාගත්තම රිවිශන් යන්න වුණොත් පාවිච්චි කළෑකි කියලයි වැඩේට බැස්සේ..

ඒ නිසා ඩෑෂ් බෝඩ් එකට ලොග් වුණේ දවස් ගානකට පස්සෙ.. ගොඩක් ලිපි කියවන්නත් බරි වුණා.. ඒ ගැන සමාව ඉල්ලනවා.. ඉස්සරහටත් මේ වගේම බිසී වෙයි.. ඉස්සර වගේ ලිපි වැටෙන එකකුත් නෑ..... ඒකටත් සමාව ඉල්ලනවා..


Monday, December 17, 2012

ඒයි.. මට ඇහෙන්න බනිනව නෙමෙයි..



                            ලංකාවේ වැදගත්ම පොට් එක.. පින්තූරය මෙතනින්.


දකින දකින හැම තැනම මොකෙක් හරි මොකකට හරි දේශපාලකයෙක්ට බනින්නේය. පහුගිය දිනෙක එවැනි කතාවක් අසා යාන්ත්‍රිකයාට මේ සිතිවිල්ල පහල විය.

යාන්ත්‍රිකයාට දේශපාලකයින්ට බනින උන් පෙන්නන්නට බැරිය.. ඒ මේ නිසාය.. මේක ලිවීමෙන් පසුව යාන්ත්‍රිකයාට වැටෙන කොමෙන්ටුවත් නොවැටී යාමේ අවදානමක් ද ඇත්තේය.
     
ලංකාවේ හැම එකෙක්ම දේශ පාලකයින්ට බනින්නේ හරියට එතුමන්ලා පාර්ලිමේන්තු ගියේ අහසින් වගේය. ලංකාවේ කවුරුවත්ම ජීවිතේට ඡන්දය නොදාපු අය වගේය. නමුත් පාර්ලිමේන්‍තුවේම දෙසිය විසිපහකි. තවද පළාත් සභා ද 9 කි. ඒවායේ මන්ත්‍රීවරු ගාන නම් යාන්ත්‍රිකයා නොදන්නේය.. නමුත් එකෙක් දෙන්නෙක් නම් නොවන්නේය.. ඒ මදිවට ප්‍රාදේශීය සභා ගානද සැලකිය යුතු ඉලක්කමකි.. මෙසේ ගත් කළ මන්ත්‍රීවරු පඳුරකට එකා ගානේ සිටිති.. නමුත් මේ එකෙක් වත් ලංකාවේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ගිය අය නොවිය යුතුය.. මොකද ඒ තරමට ලංකාවේ මිනිස්සු දේශ පාලකයොන්ට බනින නිසාවෙන්ය..

Friday, December 14, 2012

මගේ මත හත


01).ලොක විනාසේ:-
මේ පින්තූරය ගත්තෙ මෙතනින්

උණත් නොවුණත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. යාන්ත්‍රිකයගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක්.. ඉතිං  ලෝකෙ වැනසුනත් නොවුණත් යාන්ත්‍රිකය ජීවත් වෙනව දෙදාස් හැට අටේ අප්‍රේල් දහනමය වෙනකන්.. ඒක නිසා ලෝක විනාසෙ මට ප්‍රශ්ණයක් නෙමෙයි..

02).ළඟක ඉඳන් එන පිටසක්වලයො:-
රෙඩාර් වලට අහුවුණේ නෑ කියල එහෙම ජාතියක් නෑ කියන්න බෑනේ..?? අනික ඒ දැක්ක එළි වලට කියන්නෙ අද්භූත වස්තු කියල.. එහෙවු එකේ රෙඩාර් වලට අහුවුණානං ඒවා අද්භූත වස්තු වෙනවැයි?? මං මේ කියන්නෙ පිටසක්වලයො ඉන්නව කියල නෙමෙයි.. ඉන්නත් ප්ුළුවන් නොඉන්නත් පුළුවන්..  ඉතින් පණ්ඩිතකම් පැත්තක තියල කෝකටත් හොයල බලන එක කාටකාටත් හොඳයි.. එහෙම කියන්නෙ මේ විද්‍යාඥයෝ ජීවයක් තියෙවද බලන්න අඟහරුගෙ වතුර හොයන්න ඩොලර් බිලියන කෝටි ගානක් වියදම් කරපු ජාතියක් නිසා..

Friday, November 23, 2012

සංවේගයෙන් ලියනු ලැබේ.............


මේක ලියන්න හේතු වුණේ අද දවල් රේඩියෝවෙ ප්‍රවෘත්ති වලට අහපු කතාවක් නිසා.. ඒ ලෙවල් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොච්චියට පැනල සියදිවි නහගෙන..ආරංචි හැටියට ලව් හුටපටයක් ලු. මම ගම රට ලියන්නෙ නෑ. ඒකට හේතුව පස්සෙ ඔයාලට තේරෙයි.

මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නෙ හරිම සංවේගයකින්.(මැරුණු දෙන්න ගැන නම් නවේ. )

මැරුණ අයට මේව කියල වැඩක් නෑනේ.. මේ කියන්නෙ මැරෙන්න හිතාගෙන ඉන්න අයට.

Monday, November 19, 2012

රිලව් ඇවිල්ලෝ...



අද කියන්න යන්නෙ අපේ පැත්තේ ප්‍රාදේශීය අර්බූධයක් ගැන.. රිලව්.. මුලු ගමම ආක්‍රමණය කරල..  සමහර ඉඩම් වල උන් අධිගෘහිත වෙලා.. රතිඤ්ඤ නෙවෙයි බෝම්බ දැම්මත් යන්නෙ නැති ගානට උන් බය නැතිවෙලා.. කිසිම අවුලක් නැතිව ඇරල තියෙන ගෙවල් වලට පැනල තියෙන කෑම අරගෙන යනව.. ගෑනු අයගෙ ළමයින්ගෙ ඇඟට පනිනව..
අර ඩී.ඩී.ටී. වලට  මැලේරියා මදුරුවෝ පුරුදු වුණා වගේ රිලව් රතිඤ්ඤා වලට අනුවර්තනේ වෙලා...

දිවිය නගන්න ඇට බීජ පැකැට් බෙදල දුන්නට කොහේ වවන්ටද? වැඩිහරියක් ගෙවල් වල වැඩේ අතෑරල දැම්මෙ මේ රිලව් නිසා. අපි වවනව.. උන් කනව..

මේ ප්‍රශනෙ අපේ ගමට විතරක් නෙවේ මයෙ හිතේ.. රන්දෙණිගල වගේ ගම් වලටත්, නුවර ටවුමේ පවා ලක්ෂ ගාණක් රිලව්... ඔය පේපර් මාකිං යන ටීචර්ලගෙ කෑම පැකට් හෙමත් මුන් උදුරගෙන යනවලු..
මෙතන තියෙන අවුල තමයි රිලව් මීට අවුරුදු හතර පහකට කළින් මෙහෙම හිටියෙ නැති එකයි.. එහෙනං කොහෙන්ද මෙච්චර රිලව් තොගයක්? මොකෝ මේ අවුරුදු හතර පහේ දී එක වතාවකට රිලවියක් පැටව් විසිපහ තිහ වදන්ටැයි?.. 

Thursday, November 15, 2012

බිල්ලගෙ පරමාදර්සේ


            බ්ලොග් එහෙකුත් පටංගත්ත එකේ වැදගත් මොන මොනවහරි කොටන්නං කියල තමයි ඉඳගත්තෙ. මොනා කොරන්ටද...... කම්මැලිකම ඔළුවට ගහල නොවැ. උදේ ඉඳං චොර චොරේ..  වැස්ස නවතින පාටකුත් නෑ... මං අහගෙන අනිත් පැති වලට හෝදගෙන යන්ට වහිනවලු. කොළබිස්සට නං තාම වැස්ස මදි වගේ. තාමත් වික්ටෝරියාවවත් සම්පූර්ණයෙංම පිරිල නෑ මයෙ හිතේ.
             ඇයි අප්පේ අවුරුද්දකට කිට්ටු කාලයක් වේලෙන්ටම පෑව්වා නොවෑ..... අ‍නික්වා තියා කොස් ගස් පොල් ගස් පවා මැරුණා..සමහර  ඉඩම් වල පොල් ගස් විස්ස තිහි.... අපේ ඉඩමේ විතරයි එක ගහක්වත් මැරුණේ නැත්තේ...