Pages

Thursday, November 15, 2012

බිල්ලගෙ පරමාදර්සේ


            බ්ග් එහෙකුත් පටංගත්ත එකේ වැදගත් මොන මොනවහරි කොටන්නං කියල තමයි ඉඳගත්තෙ. මොනා කොරන්ටද...... කම්මැලිකම ඔළුවට ගහල නොවැ. උදේ ඉඳං චොර චොරේ..  වැස්ස නවතින පාටකුත් නෑ... මං අහගෙන අනිත් පැති වලට හෝදගෙන යන්ට වහිනවලු. කොළබිස්සට නං තාම වැස්ස මදි වගේ. තාමත් වික්ටෝරියාවවත් සම්පූර්ණයෙංම පිරිල නෑ මයෙ හිතේ.
             ඇයි අප්පේ අවුරුද්දකට කිට්ටු කාලයක් වේලෙන්ටම පෑව්වා නොවෑ..... අ‍නික්වා තියා කොස් ගස් පොල් ගස් පවා මැරුණා..සමහර  ඉඩම් වල පොල් ගස් විස්ස තිහි.... අපේ ඉඩමේ විතරයි එක ගහක්වත් මැරුණේ නැත්තේ...