Pages

Thursday, January 3, 2013

යාන්ත්‍රික ඉඟි වැකි




            යාන්ත්‍රික භාෂාව ටිකක් විතර වෙනස්.. නිතර අහන්න දකින්න නොලැබෙන වචන වගේම වැකි ඒ භාෂාවෙ ඇතුළත්.. මේ ඒවගේ ටිකක්.. ඔයාලගේ ඩික් එකටත් එකතු කරගන්න හොඳනම් විතරක්..

01.කට්ට කන්නාට මදය කෑමට ලැබේ..
හා නැද්ද මං අහන්නේ.. මදය කන්නනං කට්ට කන්නම වෙනවනේ.. මේක මට කියවෙන්නෙ ක්ලාස් සිහිවුණහම..

02.යකාගෙ ආණ්ඩුවේ පුතාගෙ ඇමතිකම වගේ..
            ඇමතිගෙ පුතා ඒම නං මෙයා කොහොම වෙයිද?
පිංතූරය මෙතනින්
03.බටයගෙ කෙල්ල වගේ..
            තේරුන්නෑනේ?.... ඒ කියන්නෙ හරියටම නිශ්චිත නෑ කියන එක... මොකද ‍මේ බටයට අවුරුදු පහකදී කෙල්ලො තිස් දෙකක් හිටිය.. දැං එකත් එක්ක තිස් තුනයි.. හැබැයි ඌ මීටරේ..

04.ප්‍රොපෙසර්ට වැරදුණු ප්‍රශ්න පත්තරේ වගෙ...
            ඇයි පහුගිය ෆිසික්ස් ප්‍රශ්න පත්තරයක්  ෆිසික්ස් රට වටේ කරකවල ටොං පචයක් දාල හදල තිබ්බේ... ඒක වැරදියි කියුවම ඒකටත් උත්තරයක් දුන්නනේ..ගණං පේපර් එකකටත් එහෙම කළා නේ.. ඉතිං  ඕන පැත්තකට හරවල දෙන්න පුළුවන් උත්තර තියෙන ඒවට මෙහෙම කියනව.. එදා ඉඳන් මේක යාන්ත්‍රිකයගෙ ඉඟි වැකියක්..

05.ඩේවිඩ් ප්‍රතිමාව සීගිරියට ගෙනාව වගේ..
            කොහොම තියෙයිද?.... ඩේවිඩ් ප්‍රතිමාවේ සුළු සුළු වෙනස්කම් එහෙමත් වෙයි නේහ්?....

06.මගේ කොම්පියුටරේ වගේ..
            නැති දේකුත් නෑ... ඇති දේකුත් නෑ...
පිංතූරම මෙතනින්
07.රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා අපෙ අප්පච්චිට මාමා කියුව වගේ..
            අන්ධ භූත මෝඩ කතාවක් දැක්වීම සඳහා යෙදේ.. 
            ඇත්තටම කියනවනම් රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා තමයි යාන්ත්‍රිකයා...:) 

        මේවා එකදිගට කල්පනා කරකර කියන ඒව නෙමෙයි... ක්ෂණිකව මොකක්  හරි වචනයකට මැදින් දාන්න යනකොට එළියට එන ඒව... අද තමයි මුල් වරට පෙළගස්වන ලද්දේ.... තව ඇති.. එකදිගට මතක්වෙන්නෙ නෑ..:(

------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?....... හරියටම දැනගන්න ෆිසික්ස් ලන්තෙ කියවන්න..