Pages

Monday, November 26, 2012

ඩෙංගු මර බිය දුරු කළ අපේ දොස්තර නෝනා‍

         ඔය සුද්දා ලංකාව අතෑරල යනකොට නිකංම ගියේ නෑනේ. ඌ ගියේ කළු සුද්දො පැටවු ටිකකුත් හදල නෙව. අපේ තිබිච්චි හැම දේම උදුරගෙන උංගෙ ලට්ට ලොට්ට ටික දාලනේ ගියේ..
     
        අපේ මිනිස්සුත් රට බඩුනං ඕන දෙයක් කියල බාර ගන්න ජාතියක් නිසා උන් දුන්නු ඕන කුණු ගොඩක් බාර ගත්තෙ ඉහ මුදුනිං.... කිසිම අතුරු ආපදාවක් තැති කසාය කෝප්පෙ වත්තට විසි කොරල පැනඩෝල් පෙත්ත ඕන ලෙඩකට කටේ ඔබාගන්නේ එහෙමනේ... කාටද සහතික වෙන්ට පුළුහං ඕවා සීයට සීයක් කිසි අවුලක් නැති බෙහෙත් කියල.. කවදාවත් අහල තියෙනවද කසාය කෝප්පයක් බීල ආසාත්මිකතාවක් ඇතිවුණ කෙනෙක් ගැන???.. මාත්‍රාවට වැඩියෙං බීල පරලෝකප්‍රාප්ත උණ කෙනෙක් ගැන????... ඔය ඔක්කොම ලෙඩ සුද්දගෙ පෙති වල විතරයි..