අපේ මිනිස්සුත් රට බඩුනං ඕන දෙයක් කියල බාර ගන්න ජාතියක් නිසා උන් දුන්නු ඕන කුණු ගොඩක් බාර ගත්තෙ ඉහ මුදුනිං.... කිසිම අතුරු ආපදාවක් තැති කසාය කෝප්පෙ වත්තට විසි කොරල පැනඩෝල් පෙත්ත ඕන ලෙඩකට කටේ ඔබාගන්නේ එහෙමනේ... කාටද සහතික වෙන්ට පුළුහං ඕවා සීයට සීයක් කිසි අවුලක් නැති බෙහෙත් කියල.. කවදාවත් අහල තියෙනවද කසාය කෝප්පයක් බීල ආසාත්මිකතාවක් ඇතිවුණ කෙනෙක් ගැන???.. මාත්‍රාවට වැඩියෙං බීල පරලෝකප්‍රාප්ත උණ කෙනෙක් ගැන????... ඔය ඔක්කොම ලෙඩ සුද්දගෙ පෙති වල විතරයි..
ඔන්න නිවුස් එකක් සුද්දගේ පෙත්තට තරු පෙන්නන ජාතියේ.. අපේ දේශීය වෙද නෝන කෙනෙක්. නම තරංගා කුමාරි වික්‍රමසූරිය.. ඩෙංගු වලට බෙහෙතක් හොයාගෙන.. සත්තයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයිලු... දරුවො ලැබෙන්න ඉන්න අම්මලට.. චූටි බබාලට හෙමත් දීල බැලුවලු.. කිසිම අතුරු ආන්තරාවක් නැතිලු... බෙහෙත ගැන අවුරුදු දෙකක් පරීක්ෂණ කළාලූ... අන්තිමට වැඩේ හරි ගිහිං..
දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය
අවුරුදු දෙකක් කැපවීමෙන් වැඩ කළේ කවුරු වෙනුවෙන්ද? තවමත් නොමිලේ තමං හොයාගත්ත බෙහෙත ලබාදෙන දොස්තර නෝනා රටටම අභිමානයක් නෙවෙයිද?.. සත පහක් ඒකෙන් උපයන්නෙ නැතිව?.. සුද්දෙක් බෙහෙත හොයාගත්තනං ඌ ඉස්සරලම කරන්නෙ බෙහෙත් කොම්පැනියකට බෙහෙත විකුණන එක..
වෙදකමින් අවුරුදු දාස් ගාණක් හාස්කම් පෙන්නපු රටේ මේ වගේ අය පහළ වෙන එක පුදුමයක් නෙවෙයි.. මේක හොඳ අවස්තාවක් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්ට.. සුද්දගෙ පෙත්තට වඩා අපේ කසාය ටිකේ වටිනාකම පෙන්නන්න...
ලොවක් වෙනුවෙන් අනුකම්පාවෙන් වසර දෙකක් කැපවී කටයුතු කළ ලංකා මාතාවගේ උත්තම දුවණිය තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමියට අපගේ උත්තමාචාරය........!!!!
ප/ලි-
මේ ප්‍රවෘත්තිය කියවන්න මෙතනින්
මේක ලියුවෙ බටහිර වෙදකම හෙලා දකින්න නෙමෙයි... බටහිර රටවලට ඒ වෙදකම තමා එක.. හැබැයි අපිට අපේ වෙදකම එක වෙන්න ඕන..එහෙම නොවුණට..ප/ලි-
දිනමිණ පත්තරේ තිබුණු මේ ලිපියත් අනිවාර්යෙන්ම කියවන්න..
වෛද්‍යතුමියට අපගේ උත්තමාචාරය........!!!!
ReplyDeleteමේ ගෞරවය රටටම...!!!
Deleteඋත්සාහය හා කැපවීම පමණයි අවශ්‍ය.. එතෙනදි බටහිර,නැගෙනහිර, උතුර දකුණ කියල වෙනස් නෑ යාන්ත්‍රිකයා
ReplyDeleteඅනිවාර්යෙන්ම... වෛද්‍ය තුමිය ඒකට හොඳ ආදර්ශයක්..
Deleteඇත්ත මෙතුමිය. ජාතික සම්පතක්. මගෙත් උත්තමාචාරය....!!
ReplyDeleteපේටන්ට් බලපත්‍රය අරගෙන බෙහෙත සාර්ථක කරගත්තම ලෝකෙටම සම්පතක්..
Deleteමේ හොයා ගත්ත දේ ප්‍රයෝජනවත් විදිහට යොදවා ගන්න එක බලධාරීන්ගේ වගකීම. එතුමියට මගේ ආචාරය!!
ReplyDeleteනැතුව නැතුව... එහෙම නොවුණොත් මේ හොයාගත්ත එකෙනුත් වැඩක් වෙන්නෑ..
Deleteරටේ වාසනාවට මේ වගේ උත්තමියක් පහල වෙලා ඉන්නේ..එතුමියට අපේ ආචාරය !දිගුකල් වැජඹේවා !
ReplyDeleteඇත්ත... අපේ රටට උවමනා කාලෙට උවමනා විදියෙ අය පහළ වෙනවා..
Deleteඇත්තටම මේ කටයුත්ත අගේ කළ යුතුම දෙයක්..
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
මේ දැං එනවා.....
Deleteවැදගත් යමක් අපේ දැන ගැනිමට ලක් කිරීම පිළබදව අගය කරමි.
ReplyDeleteඔයාට වැදගත් උණානම් මට සතුටක්.....
Deleteසුභ පැතුම් .. නමුත් මොනවා හොයාගත්තත් වැඩක් වෙයිද? මම දැක්ක පිලිකා රෝගයටත් අපේ රටේ කෙනෙක් බෙහෙතක් හොයාගෙන.. නමුත් ඒ ගැන රජයෙන් තියන පිළිගැනීම මොකක්ද? රජයෙන් කරන්න ඕනේ ඒ ගැන හොයා බලා ඒ පිලික බෙහෙත් මහරගම පිලික රෝහලෙන් හරි ව්‍යාප්ත කරන එක නේද? " ගමේ දිවෙසිවරයා ගමට අගේ නෑ " කියනවා වගේ අපේ රටේ හොයාගන්න දේවල් වලට අපේ රටේ යට අගයක් නෑ .. පිටරටින් මේක හොයාගත්තනම් මේ වෙද්දී හොද ප්‍රචාරයක් දීලා ...හැබයි ඉතින් මොන බේත හොයා ගත්තත් සෞඛ්‍ය අමාත්යන්සෙන් නම් සපෝර්ට් එකක් නෑ. උන් බලාගෙන ඉන්නේ පිටරටින් මොන හරි බාල බෙහෙත් ටිකක් ගෙනල්ල කොමිස් කැල්ලක් කඩාගන්න. පිටරටවලින් ඒන් ඕන මගුලක් ගනී... කොමිස් කාක්කො... රජරට වකුගඩු රෝගීන්ට වෙලා තියෙන දේ පේනවනේ. කොහොම උනත් අපි අපි මේ උත්සාහය අගය කරන්න ඕනි .ඔබට තව තවත් මෙවැනි නිර්මාන කරන්න වාසනාව ලැබෙවා
ReplyDeleteඅපෙ රටට ඔබ මිනිපහනක්ම වෙවා.... මේ වගේ සොයා ගෑනීම් කීයක්නම් උනාද දෑන් ඒවා ගෑන කිසිම කතාවක්වත් නෑ...ඔබතුමියට සංසාරයෙන් එතෙර වීමට මේ පින හේතු වාසනා වේවා..
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේ ඔක්කොටම මුල අපේ දේ දෙකට දාන අධ්‍යාපන ක්‍රමේ කියලයි මට හිතෙන්නේ..
Deleteහොද ලිපියක් ස්තුතියි මෙ වාගෙ එකක් බලොග් එකෙ පල කරලා අපිව දැනුවත් කලාට මෙහෙම දොසතරලා අපි හුගාක අගය කරන්න ඔනි එත් වැඩෙ කියන්නෙ මෙ වගෙ අයට දැන් කාලෙ හරි තැනක් නැති එකයි ඔබත ජය !!
ReplyDelete