අවුරුද්දකින් විතර යට ගිය දවස මේ ලංකාද්වීපයේ මිහිඳු නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හී.. මහානුවර එක්තරා ග්‍රාමයක කෙළෙඹි පුත්‍රයින් දෙදෙනෙක් ඉතා සමගිව වාසය කරන්නෝය.. මෙසේ වාසය කරන කල්හී පළමු කෙළඹියාගේ කිසියම් වූ උවමනාවක් සඳහා කොළොම් පුරේට යාමට උවමනා වීය..
හෙතෙම සිය මිතුරා අමතන්නේ..
"එම්බල යහළුව.. මාගේ ඉතා වැදගත් වූ කටයුත්තකට කොළොම් තොට බලා යාමට සිදු වී.. නුඹත් මා සමඟ එන්නේ දැ" යි විමසී..
යාන්ත්‍රික තෙමේ පසුම්බිය සොරාගත්තේ මෙතැනින් ය
එවිට මිතුරා
"කුමකින් කොළඹ යන්නේ දැ" යි විමසූ කල්හී
"අපගේ ජීප් රියෙන් යමු" යි කීය..
ඉන් පසු දෙවන මිතුරා "හා යමු" යි කීය..
මෙසේ දෙදනා කොළඹ යාමට දින වෙන්කරවාගෙන නියමිත දිනයේ දී ජීප් රියේ නැගී කොළඹ ගොස් උවමනාව ඉටු කොටගෙන ආපසු එන්නේ අතරමඟ දෙවැනි මිතුරු කෙළඹියා පළමුවැන්නා අමතන්නේ..
"එම්බා මිතුර.. මෙතෙක් දුර ආ ගමනේ ඉතා වෙහෙසකරය.. ඉදින් අතරමග නැවතී යමක් කා ප්ලේන්ටියක් පානය කර යමු දැ" යි විමසීය..
එවිට පළමුවැනි කෙළඹි පුත්‍ර තෙමේ "යහපති මිතුර, මටද ඉතා වෙහෙසකරය.. තව කුසගින්නක් ද දැනේ.. යමක් කා ප්ලේන්ටියක් බී යමු" යි කීය..
මෙසේ මිතුරන් දෙපළ අතරමග වූ පොල් අතු සෙවිලි කළ බුෆේ කඩයකට සෙට් වී බඩ කට පුරා අනුභව කොට ටී එකක් ද පානය කොට නැවත ඒමට ජීප් එකට නගින්නට සූදානම් වන තැන පළමු මිතුරු තෙමේ දෙවැන්නා නැවත අමතන්නේ..
"මචං.. වැරදුණා.. යහළුව.. අර නුඹට පෙනේද? ජිප් රිය ආසන්නයේ පසුම්බියක් වැටී ඇත.. එහි පාටින් හා හැඩයෙන් ඉතා වටිනා බවක් හා මුදල් ද ඇති බවක් පෙනේ.. මා ජිප් රියට නැගී අතර නුඹ පසුම්බිය කිසිවෙකුට නොපෙනෙන සේ ගනූ." යැයි ඇණ වී..
දෙවැන්නාද හොඳ මට්ටමේ හොර දෙටුවෙක් වන නිසා :) "එසේමැයි" කී ය..
මෙසේ කතිකා කොට ගත් පරිදි දෙවැනි කෙළෙඹි තෙමේ පසුම්බිය අතට ගත් සැණින් ජැන්ඩියට හැඳ පැළඳගත් නෝනා කෙනෙක් ඔවුන් අමතන්නේ....
"මහත්තයා.... මහත්තයා...."
මිතුරන් දෙපළ අතේ මාට්ටු වීම පිළිබඳ ගල් ගැසී බලා සිටින්නේ.... නැවත අර නෝනා කතා කොට..
"ඔය පර්ස් එක තියලා යන්ට........ ඕක............ අපේ පොඩි උන් සෙල්ලං කරන එක......."
එතැනම පසුම්බිය බිමදැමූ මිතුරා ආපසු නොබලා ජීප් රියට නැග පයට දිරී දී ලෑල්ලට පාගා නුවරට වන්නේය...................................................................
......................යාන්ත්‍රිකයාගේ අටවන පසුම්බි චෝරක කතා වස්තුව මෙතැනින් නිමයි..................................
බලාගෙන ගියහම උන් මාර හොරු නෙව. හික්ස් :)
ReplyDeleteඒක නෙමේ. බොලාට මතකද කාලයකට උඩදි සිරස ටීවි එකෙන් පෙන්නුවා නූලග ගැට ගහපු පර්ස් එකක් අහුලන මිනිස්සු ගැන සීන් එකක්. අන්න ඒ වගේ සීන් එකක් ද දන් නෑ. :)
මතකයි...මතකයි....... එහෙම එකක් නෙමේ.. මේක ඇත්තම කතාවක් ලූ.... හික්..
Deleteලූ කියන්නේ එතන බොලා ඉදලා නෑ.
Deleteඒක නෙමේ මචං. මේ ස්ටයිල් එකත් මරු. ඒ ස්ටයිල් එකෙත් පෝස්ට් ලියමු.
කතාවක් ලියන්ට මම එතන ඉන්ඩම ඕනයෑ...
Deleteඑම්බා කොල, තෙල කතා වස්තුව වූ කලි එල කතාවෙකි.. :):)
ReplyDeleteමරු සීන් එක නේ. දැන් පොඩි එවුන් සෙල්ලන් කරන්නෙත් පර්ස් වලින්. කතාව නියමෙට ලියල තියනවා.
බොරු මොකටද එතනදි පොඩ්ඩක් විතර අතිනුත් දැම්මා...
Deleteඑම්බල යාන්ත්‍රික මානවකය, තා කතා බිනීමේ ලේඛණ ගතකිරිමේත් රුසියකු වන්නාහ.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
නැතුව..නැතුව... මා කතා ලිවීමට හපනෙක් බව අපේ අම්මාත් කීවාය..
Deleteහූ හූ හුක්කි හුක්කි හූ සහ තවත් ඉතා දිගු හූවක් :D
ReplyDeleteඋඹ හූ කියුවෙ මටනේ?????????
Deleteමරු වැඩේ හොරාට.... හි හි
ReplyDeleteඅඩෙයප්පඩා..... ලිහිණි අක්කත් ඇවිත්...... වෙල්කම් වේවා කියුවා..... ඕවට තමා කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කරුම කියලා. හික්..
Deleteබොල කෙළ තොල්ල, මූසාවාද පබදින්නට තා මහත් සූරයෙක් බැව් පෙනේ ...
ReplyDeleteජයවේවා ඔහොම යං
බොල රතු රජරට, මා මේ පවසන්නේ මුසාවාද නොවන බැවු දැනගනුව...
Deleteතෑංකියු වේවා මේ පැත්තට ආවට........
හොද වැඩේ ඔය හොරාට..
ReplyDeleteඉතිං මගෙ දිහා බලාගෙන කියන්නෙ..?? මං අහිංසකයා හරී..
Deleteතැංකියු අක්කෙ මේ පැත්තට ආවට...
මේ පැත්තට එන්න ප්‍රමාද වීම ගැන හිතේ තියෙන්නෙ පසුතැවීමක්. ආයෙමත් මගහැරෙන්නෙ නෑ.
ReplyDeleteපළමු කෙළඹියා යාන්ත්‍රිකයෙක් වෙන්ටැ.
ඔන්න ඔන්න ඉතිං ආයෙත් මාව අල්ලගන්න හදනවා... මෙතව මම හිටියෙවත් නෑ නෙව..
Deleteප්‍රමාද වෙලා හරි අපිව බලන්න ආපු එක ගැන ගොඩක් සතුටුයි.. අනික ප්‍රමාද වෙන්ට තරං කාලෙකුත් නෑ මේක පටන් අරං..
හය්යෝ වෙච්ච දෙයක්.රෙදිත් නැතුවයි එන්න වේනනේ ඇත්ත එකක් අහුලාගත්තානම් නේද පුරෝහිත...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
හිකිස්.. දැනුත් එන්ට ඇත්තෙ රෙදිත් නැතුව තමා..
Deleteප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා..!!! හික්..
හොදම හොදම හොදම වැඩේ.... හොරාට... මෙතන මට හොද වැඩේ කියන්ඩ ආවා.... හු...හු......
ReplyDeleteමට මේ වැඩේ කරන්න බෑ........ ඇ..... ඈ.....:((
Deleteඔක්කොමලම මට හොරා කියනව ඈ......:(
ඒ වුණාම මං ඔයාව පිළිගන්නව ඈ.........(
ඔය හොරා මං නෙමෙයි ඈ.......:((