Pages

Wednesday, November 28, 2012

මටත් ඕනෙ කැබ් එකක්.........


      පහුගිය දවසක අපි අනුරාධපුරේ ගියා නොවැ ත්‍රීවීල් එකක... චූට්ටං ෆැමිලි ටුවර් එකක්.. ඒක වෙනමම කියන්න ඕන කතාවක්... එක පස්සෙ බලමුකෝ..
                                    
     අනුරාධපුරේ ගියේ ඇස්ටෝං ගෙදරක.. ත්‍රීවීල් එකේ පහක් තහනං උණත් අපි ගියා.. කොහොම හරි ගෙහුං හෙම ‍උත්සවේට කරල දෙන්ට ඕන යුතුකං ටික එහෙම ඉස්ට සිද්ධ කරල නිදා ගන්නකොට රෑ දොළහට එකට විතර ඇති..(එහෙට යනකොටත් රෑ අටට විතර)

    පහු වෙනිදා නුවර අපිට අළුත් අමුතු සිරිත් එක්ක උත්සවේ තිබුණ.. තේ බොන වෙලාවට ඒ කියුවෙ උදේ දහයට විතර... කොහොමෙං කොහොම හරි ඔය අනුරාධපුරෙ ගමන නං සම්මජ්ජාතියට අමතක වෙන්නෑ.. ඔය බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන "ඈ" (උදා:- ගිහිං එන්නං ..) ඉස්සරෝම අහන්න හම්බවුණෙත් අනුරාධ පුරේදී.. කළුතරිං සෙට් එකක් ඇවිත් හිටිය.. ඕනම වාක්‍යක කෙළවරට "න" දාල කතා කරන විධියත් අපිට නිකං මැජික් වගේ.. නුවර අපි ඉතිං ඔය ටී.වී. එකේ විදියටනෙ කතා ‍කරන්නෙ.. ‍එකම වෙනස කෙළවරට "න" වෙනුවට "ට" , "ඩ" වැටෙන එක තමා.. ඒ කියන්නෙ "යන්න" කියන වචනෙ නුවරදි "යන්ඩ" හරි "යන්ට" හරි වෙනව.. ඒක අනුරාධ පුරේදී "යන්ඩ ඈ.." 


       ඕන්නැති බහුබූත කියෙව්ව ඇති වගේ.. ඔන්න තේ වෙලාවෙදි අපේ නංගි ඇවිත්
                                 "අයියා අර ඇවිත් ඉන්නෙ කරුණෙ අංකල් ද බලන්.."
                                                                                                   කියුව.
    ඔය කරුණෙ අංකල් අපෙ අප්පච්චිගෙ හිටපු යාළුවෙක්.. අපි අනුරාධපුරෙ පදිංචියට ගිය කාලෙ එයත් අපිත් එක්ක පදිංචියට ගියා.. දෙන්නම එකට රස්සාවත් කළේ.. සමෘද්ධි කලාප සහකාර කළමනාකරු.. කියුව හරිද මංදා.. කොහොම හරි මොකක් හරි කේස් එකකට කරුණෙ අංකල්ව රස්සාවෙං දොට්ට දාල තියෙනව අපි නුවරට අයි ආවට පස්සෙ.. එයාට පුතාල දෙන්නෙක් එක දුවෙක් ඉන්නව.. ඒ කියන්නෙ අපේ පවුලෙ ප්‍රතිලෝමෙ..

       මම හිමීට ඔළුව දාල බැලුව.. ඇත්ත නේන්නං.. මේ අංකල් තමා.. මං චරිතෙ වගේ ගිහිං අතට අත දීල කතා කළා.. අඩෙයප්පඩා මෙයා ඇවිත් තියෙන්නෙ ෆැමිලි එක පිටිංනේ.. කට්ටියටම මං කතා කරන කොට අපෙ අම්මත් ඇවිත් කතා කළා.. "කොල්ල ලස්සන වෙලා.. උස ගිහිං.." පංපෝරි ගොඩයි. :) නංගිල දෙන්න වැඩසටහනට එනටර් උණාට පස්සෙ කෙල්ලො දෙන්නව වර්ණනා කරපු හැටි.. අපි පැයක් හමාරක් ආගිය තොරතුරු කතා කරකර හිටියයි කියමුකො..

       මං නිකමට ඇහුවා
                   "අංකල් මොකේද ආවෙ?"
  
                                 ඒ කැබ් එකනං මේ වගේ නෙමෙයි... හැබැයි ඒකත් පස්ට වාහනේ...
      
           අත දිගෑරල පෙන්නපි ටොයොටා කැබ් එකක්... මට ඇ‍‍ඬෙන්න වගේ.. ඇයි යකෝ රස්සාවෙං එළියට වැටිච්චි මිනිහා.. අංකල්ගෙ ලොකු පුතත් මෙකක් දෝ බැංකුවකලු වැඩ.. (පස්සෙ දැනගත්ත ඌ ඒකෙත් කෙලියක් නටල කියල) මුං එකෙක්ටවත් ඕ ලෙවල් වත් පාස් වෙන්ට බැරි වෙලා.. ඉතිං කොහොමද කැබ් එකක් ගත්තෙ??????????

       ඒ වෙලාවෙ ඉඳං මට ඔල්මොරොංදං වගේ.. බලන බලන අත කැබ් මයි පෙනෙන්නෙ.. ඉරිසියාවකට නෙමේ.. මට තියෙන අවුල අපිට එහෙම දියුණු වෙන්ට බැරි වුණේ ඇයි..(ඉරිසියාවකට නෙමේ..????)

       අරගලේ පටංගත්ත... කටිටිය ගිය වෙලේ ඉඳං.. කැබ්.... කැබ්... කැබ්........ එකම වචනෙ කැබ්.... ආපහු ත්‍රීවීල් එකේ එනකොටත් මගේ ඩික්ෂණරියේ එකම වචනෙ කැබ්.....

      මගේ කං කරච්චලේ අහං ඉන්ට බැරිම තැන අප්පච්චි කතා කළා..
             "ඔය කියවිල්ල දැං නවත්තගනිං..උං වාහන ගත්තෙ කොහොමද කියල කවුද දන්නෙ?.. අපිටත් කොහොම හරි ගන්නවනං ගන්ට තිබුණා..රාජ්‍ය සේවකයො හිඟන්නු කියල අහල නැද්ද? මේ අවුරුදු දෙකට උඹට වියදං කරපු සල්ලි ඉතුරු කළා නම් අපිට බෙන්ස් එකක්ම ගන්ට තිබුණා.."

       සුපුරුදු පරිදි මගේ පංති ගාස්තු වලින් කතාව නැවතුණා..
              මගේ ඔළුවෙ තාමත් රෝද හතරෙ වාහනයක් තියෙනවා.. මමත් කොහොමහරි..... කො‍හොම හරි...... කොහොම හරි.... කොහොම හරි....... රෝද හතරෙ වාහනයක් ගන්නව.. ගන්නව.. ගන්නවමයි...........

ප/ලි:-
මට ප්ලේන් එකක් ගන්න ඕන උණා හයේ දී... නවයෙදී නැවක්.. හැබැයි මේක දහතුනේ දී........

පබ්ලිෂ් කරන්න ටිකකට කළිං/ලි:-
මේක නිතං මෝඩ කතාවක් වගේ නං ඒ කියන්නෙ ඔයාට තේරිලා නෑ... ආයි කියවන්න.....

14 comments:

  1. අපේ මලයෙකුටත් උගේ අම්මා ඔහොම කතාවක් කිව්වා.

    උගේ අම්මා නම් කිව්වේ උබට වියදම් කරපු සල්ලි ඉතුරු කලා නම් කුඹුරු ඉඩං කෑල්ලක් අරන් දාන්න තිඋනා කියලා.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නව මින් විසිතුරු මේ පැත්තට..
      ඔය වගේ කතා ඒ ලෙවල් කරන/ කරපු අයට නං සුපුරුදු වාක්‍යාංශ..:)

      Delete
  2. හරි එහෙනම් උඹ හොඳට ඉගෙනගෙන ලොකූඌඌ රස්සාවක් කරලා වාහනයක් ගනින්.

    ReplyDelete
    Replies
    1. මට කාල් එකක් ගන්න උකූඌඌ බබෙක් වෙන්න වෙයිද දන්නෑ??????

      Delete
  3. Replies
    1. නැතුව නැතුව.. පෙර පින ඕනෙමයි... හැබැයි සල්ලිත් ඕනේ..

      Delete
  4. හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරලා රෝද හතරේ හීනය සැබෑ කර ගන්න ලැබේවා!!
    අර පළාතෙන් පළාතට වෙනස් වෙන වචන හරඹේ නම් වෙලාවකට හිනාගස්සනවා අපිව. අපිත් එක්ක වැඩ කළා කුරුනෑගල දිහායින්ද කොහෙන්ද ආපු අක්ක කෙනෙක්. එයා කියන්නේ "මල්ලි, අපේ අඹ ගහේ ගෙඩි ගොඩ... හැදිලා" නැත්තං කියනවා "ඊයේ ගොඩ.. වැස්ස"
    "ගොඩක්" කියන වචනෙට ඒ අය කියන්නේ "ගොඩ" කියල. අපේ උන් එයාට හිනා වෙනවා. එයා අපිට හිනා වෙනවා.

    ReplyDelete
    Replies
    1. තව මාතර පැත්තෙ ඈයො කතා කරන විදිය දැක්කනං...

      Delete
  5. හාහා කමක් නැ...ප්ලේන එකෙන් පස්සේ නැවක්නේ..දැන් ස්කැමල් එකක් වගේ හිතේ තියාගන්න..තව ටික කාලෙකින් තමයි වාහනෙකට මාරැ වේනන ඕනේ...මොනව උනත්

    නිරෝගි වේවා...සැප වේවා..දිඝායු වේවා...චිරං ජයතු..වාහන සම්පත් ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. එහෙමයි උතුමාණෙනි...!!!
      ප්‍රාර්ථනා ගොඩයි... ඔබටත් එසේම වේවා.

      Delete
  6. අප්පෙ මං මුලිංම ඔයාට ඔය සිහින සැබැ වෙවා කියලා ප්‍රර්ථනා කරනවා නරකද ඔවා හොදට ඉගෙනගෙන ලොකු ලොක්කෙක් වෙලා ඔවා ගත්තානං .....:) ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. තෑංක්ස්.. තෑංක්ස්... අර කතාවක් අහල නැද්ද හෙට කියන්නෙ අද බලාපොරොත්තු කියල.. අහල නැත්තං අදවත් අහන්නකෝ..

      Delete
  7. යාන්තිකයා 13 ද ඉන්නෙ ? කොල්ල මේ පාරද A/L ?????

    ReplyDelete
  8. දහතුනේදී කැබ් එකක් නං ආයිබෝවන්ඩ මේ යනවිදියට බොට මොකක් වත් නෑ.. ඒ මොකද කියන්න ආයේ ප්‍රාර්ථනා කොරන්න බොට 14 ක් නෑ නෙව...

    ReplyDelete