Pages

Friday, December 14, 2012

මගේ මත හත


01).ලොක විනාසේ:-
මේ පින්තූරය ගත්තෙ මෙතනින්

උණත් නොවුණත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. යාන්ත්‍රිකයගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක්.. ඉතිං  ලෝකෙ වැනසුනත් නොවුණත් යාන්ත්‍රිකය ජීවත් වෙනව දෙදාස් හැට අටේ අප්‍රේල් දහනමය වෙනකන්.. ඒක නිසා ලෝක විනාසෙ මට ප්‍රශ්ණයක් නෙමෙයි..

02).ළඟක ඉඳන් එන පිටසක්වලයො:-
රෙඩාර් වලට අහුවුණේ නෑ කියල එහෙම ජාතියක් නෑ කියන්න බෑනේ..?? අනික ඒ දැක්ක එළි වලට කියන්නෙ අද්භූත වස්තු කියල.. එහෙවු එකේ රෙඩාර් වලට අහුවුණානං ඒවා අද්භූත වස්තු වෙනවැයි?? මං මේ කියන්නෙ පිටසක්වලයො ඉන්නව කියල නෙමෙයි.. ඉන්නත් ප්ුළුවන් නොඉන්නත් පුළුවන්..  ඉතින් පණ්ඩිතකම් පැත්තක තියල කෝකටත් හොයල බලන එක කාටකාටත් හොඳයි.. එහෙම කියන්නෙ මේ විද්‍යාඥයෝ ජීවයක් තියෙවද බලන්න අඟහරුගෙ වතුර හොයන්න ඩොලර් බිලියන කෝටි ගානක් වියදම් කරපු ජාතියක් නිසා..