Pages

Friday, December 14, 2012

මගේ මත හත


01).ලොක විනාසේ:-
මේ පින්තූරය ගත්තෙ මෙතනින්

උණත් නොවුණත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. යාන්ත්‍රිකයගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක්.. ඉතිං  ලෝකෙ වැනසුනත් නොවුණත් යාන්ත්‍රිකය ජීවත් වෙනව දෙදාස් හැට අටේ අප්‍රේල් දහනමය වෙනකන්.. ඒක නිසා ලෝක විනාසෙ මට ප්‍රශ්ණයක් නෙමෙයි..

02).ළඟක ඉඳන් එන පිටසක්වලයො:-
රෙඩාර් වලට අහුවුණේ නෑ කියල එහෙම ජාතියක් නෑ කියන්න බෑනේ..?? අනික ඒ දැක්ක එළි වලට කියන්නෙ අද්භූත වස්තු කියල.. එහෙවු එකේ රෙඩාර් වලට අහුවුණානං ඒවා අද්භූත වස්තු වෙනවැයි?? මං මේ කියන්නෙ පිටසක්වලයො ඉන්නව කියල නෙමෙයි.. ඉන්නත් ප්ුළුවන් නොඉන්නත් පුළුවන්..  ඉතින් පණ්ඩිතකම් පැත්තක තියල කෝකටත් හොයල බලන එක කාටකාටත් හොඳයි.. එහෙම කියන්නෙ මේ විද්‍යාඥයෝ ජීවයක් තියෙවද බලන්න අඟහරුගෙ වතුර හොයන්න ඩොලර් බිලියන කෝටි ගානක් වියදම් කරපු ජාතියක් නිසා..



03).දොශාභියෝගේ:-
මොනව වුණත් නෝන මහත්තය ගෙදර යන්න ලෑස්ති වුණානම් හොඳයි..

04).රතු වැස්ස:-
චන්ද්‍රා වික්‍රමසිංහ මහත්තය කියපු දේ ඉහ මුදුනින් පිළිගන්නව.. ඒක අහලවත් පොඩ්ඩක් මේ ගැන වැඩිපුර හොයල බැලුවනම් තව තව මේ විශ්වයේ අභිරහස් හොයාගන්න පුළුවන් වෙයි.. අපි නොහිතන දේවල් තමයි මේ විශ්වයේ වෙන්නේ.. ඉතින් ඇහැට පේන කණට ඇහෙන දේ විතරක් විශ්වාස කරනකන් යථාර්තය දකින්න වෙන්නෙ නෑ.. මේක බුදුධිය මත පදනම්ව නෙමෙයි මනසට මුල්තැන දීල පටන්ගත්තනම් ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි..

05).පක්ෂ දේශපාලනය:-
පක්ෂ දේශපාලනේ මට පෙන්නන්න බෑ.. ලංකාවට හරියන්නේ ඒ කාලෙ ඉඳන් තිබිච්ච රාජාණ්ඩු ක්‍රමය.. මොනව කරන්නද? සුද්දා රාජාණ්ඩුවක් කියන්නෙ මිනිස්සුන්ට තහනම් ක්‍රමයක් කළානේ.. ඒ වුණාට එංගලන්තෙ තාම රැජිනගෙ යටතේ..

06).නොබැඳි ප්‍රතිපත්තිය:-
මේක තියනකන් දියුණු වෙමින් පවතින රටවල් කවදාවත් දියුණු රටවල් ගොඩේට වැටෙන්නෑ.. ෂුවර්.. එක්කො අපි වාමාංශික වෙන්න ඕන.. නැත්තම් දක්ෂිණාංශික වෙන්න ඕන.. (අපි කියුවෙ මුළු ලංකාවම) අනික බහු පක්ෂ ක්‍රමය කිසිම රටකට ගැලපෙන්නෑ.. පක්ෂ දෙකක් හොඳටම ඇති.. අනික දිනන පක්ෂෙ සීයට අනූවට වැඩි ප්‍රතිශතයකින් දිනනවනම් මම ඒත් කැමතියි..

07). අධ්‍යාපන ක්‍රමය:-

පින්තූරය ගත්තෙ මෙතනින්

වහාම වෙනස් විය යුතුයි.. මං ඕ ලෙවල් කරපු ඉස්කෝලෙ  ගුරුවරු හිටියෙ දාසයයි.. අමතර විශයන් විදියට තිබුණෙ චිත්‍ර, නැටුම්, භූ ගෝල විද්‍යාව, කෘෂි කර්මය, ගෘහ විද්‍යාව විතරයි.. ඒ වුණාට ඕ ලෙවල් ඇඩ්මිෂන් කොලේ විෂයන් පණහක් විතර තිබුණ.. මේක අන්තිම අසාධාරණයි.. ඒ ලෙවල් කරපු ඉස්කෝලෙ එක විශයට ගුරුවරු හයක් හිටපු වෙලාවල් තිබුණ.. ලංකාවෙ ළමුන්ගෙන් එක කොටසකට එක විදියකටත් තව කොටසකට තව විදියටත් සලකල එකම විභාගයකට මුහුණ දෙන්න සිදුවීම අන්තිම කණගාටුදායකයි..


34 comments:

  1. හොඳ නිගමන ටිකක් යාන්ත්‍රිකයා

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් සහ දකින්න තියෙනදේවල් මට පේන හැටි නලින් අයියා.. ස්තුති ආවට..

      Delete
  2. ජය වේවා!!... ඔබ හරි විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. මාව ෂුවර් නෑනේ... ඒක ඇත්ත මටවත් මාව ෂුවර් නෑ..:)

      Delete
    2. අලේ එහෙම එකක් නෙවෙ.. :(

      Delete
  3. ඔන්න ඔය විදියටම ටිකක් සද්දෙන් කිව්වොත්...උපදේෂක තනතුරක් අනිවා ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. යාන්ත්‍රික උපදේශකයා... ඒකත් නරකම නෑ... ඊළඟ පාර ට්‍රයි කරල බලන්න ඕන..

      Delete
  4. 1. අහලම දැන් ඇති වෙලා, ඉක්මනට මෙ අව්රුද්ද ඉවර වෙනව නම් කියල හිතෙනව. එතකොටවත් නවතීයිනෙ.

    2. දකිනකල් පිලිගන්නෙ නෑ. සමහරවිට එහෙම උන් ඇති.

    3. එයාට මක් උනත් අපිට පාන්ද. ඒත් ඉතින් එයාටත් එහෙම උනා නම් අපිට මොනව වෙන්න බැරිද කියල හිතෙනකොට නම් බයයි.

    4. තියන රස්නෙ හැටියට රතුවට හරි වහිනවනම් හොදයි. (වැස්ස මොකද පරක්කු)

    5. පුරුෂ පක්ෂෙයි, කාන්තා පක්ෂෙයි කියල බෙදෙන්නෙ නැතුව ඔනෑ තරම් පක්ෂ හදාගත්තට කමක් නෑ. (එහෙම උනොත් දුක තමයි)
    කොහොමත් එකාට එක ගානෙ පක්ෂ නොතිබුනත් පරම්පරාවට එක ගානෙ හරි හැදෙයි ලගදිම.

    ඔව්ව අපේ රජාට ඇහෙන්න කියන්ට එපා. සයිට් එකේ වැඩ නවත්තල එයි රජකම ගන්ට.

    6. ඒ ගැන හිතන්න වෙලාවක් නෑ. දවල්ට කන්නෙ මොනවද කියල මම කල්පනා කරන්නෙ.

    7. මාරයාටයි, මාතලන්ටයි භාරදෙන්ට වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ටික තව පෝස්ට් එකක දාන්න හිතෙනවා..

      Delete
  5. ඒ කියන්නෙ යාන්ත්‍රිකයගෙ දැං වයස 25 යි. ඉපදුනේ 1987 අප්‍රේල් 19
    එකක් අමතක වෙලා වගේ "ආර්ථිකය"

    ReplyDelete
    Replies
    1. 2068-2012=56
      75-56 =19 (ඒ කියන්නෙ මගේ වයස දහනමයයි)
      2068-75 =1993 (ඒ කියන්නෙ මං ඉපදුණේ අනූ තුනේ)
      එමනිසා අවසාන පිළිතුර
      = උඹ ගණං පේල්..:)
      සිරා නේන්නං මට ආර්ථිකේ අමතක උණානේ..:0

      Delete
    2. අඩෝ මං O/L ගණන් පේපරේ 2 පාරක් ලියපු කොල්ලෙක් (2008 පේපර් අවුල් උන නිසා)

      අම්මට සිරි එහෙනම් උඹටත් මට වගේ ජල භීතිකාව ඇති මේ මාසෙ රිසල්ට් එන නිසා :D

      Delete
    3. උඹත් මේ අවුරුද්දේ ඒ ලෙවල් කරදාද බං?

      Delete
  6. මට නම් ඔය වගේ මත නැහැනේ :)

    ReplyDelete
    Replies
    1. වෙලාවට.. නැත්තං
      උඹ=මම වෙනවා..:0

      Delete
  7. මරු මත ටික.. රාජාණ්ඩු මතය තමා පොඩ්ඩක් අවුල් මට. ඇයි බං දැන් ඉන්නේ එහෙම කෙනෙක් නෙවෙයිද.. අර සිංදුවකුත් තියන්නේ "අපටත් පහලව ඇතේ" කියල. අන්තිම මතයට නම් අත් දෙකම උස්සන්න වෙනවා. අපිටත් O/L විභාගෙදි ඔහොම තමයි උනේ.

    ReplyDelete
    Replies
    1. අන්තිම මතේට ගොඩදෙනෙක් අත් උස්සයි.. ඒ ලෙවල් කරපු ඉස්කෝලෙදි මධ්‍යම පළාතෙ අඩුම රිසාල්ට් තියෙන ඉස්කෝලෙ ළමයි ගෙනල්ල සති දෙකක් ඉගැන්නුවා.. ඒ ළමයින්ට ඔය තරම්වත් නෑ..

      Delete
  8. //යාන්ත්‍රිකයගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක්..//

    හික්ස්... ඕක කොහොමෙයි මලේ හොයා ගත්තේ????

    ReplyDelete
    Replies
    1. තවත් එක් මතයක්.. හැබැයි මගේ මත වැරදිල නෑ.. ඔය හැත්තෑ පහ දාගන්න හේතුව වයසක මිනිස්සු විඳින දුක් දැකපුවම ජීවිතේ එපා වුණ එක.. එහෙම කියල ජීවත් නොවීත් බෑනේ.. ඒ හින්දා හැත්තෑ පහක් ජීවත් වෙන්න තීරණය කළා..:))

      Delete
  9. සමනලිට තියන ප්‍රශ්නේ මටත් තියනවා :)

    යාන්ත්‍රිකයගේ ඉස්කෝලේ සංගීතේ තිබුනෙත් නැතෙයි. හරිම අසාධාරණයි නෙව.

    ReplyDelete
    Replies
    1. //තවත් එක් මතයක්.. හැබැයි මගේ මත වැරදිල නෑ.. ඔය හැත්තෑ පහ දාගන්න හේතුව වයසක මිනිස්සු විඳින දුක් දැකපුවම ජීවිතේ එපා වුණ එක.. එහෙම කියල ජීවත් නොවීත් බෑනේ.. ඒ හින්දා හැත්තෑ පහක් ජීවත් වෙන්න තීරණය කළා..:))//
      ඔන්න සමනලීට දුන්න උත්තරේ ඔයාටත් දුන්නා..:)
      යාන්ත්‍රිකයගෙ ඉස්කෝලෙ සංගීතෙ තියා බටනලාවක් වත් තිබුණේ නෑ.. හැබැයි සංගීත අංශයෙන් සිංදු කියල ඕල් අයිලන්ඩ් රෑන්ක් ගහපු කොල්ලොත් අපෙ ඉස්කෝලෙ හිටියා..
      අනිත් එක සංගීතෙ නොතිබුණු එකත් යාන්ත්‍රිකයට හොඳට හිටිය.. තාලෙකට අඩියක් තියාගන්න බැරි යාන්ත්‍රිකයා ඒ නිසා චිත්‍ර කළා..මේ හින්ද හොඳට චිත්‍ර ඇඳගන්න යාන්ත්‍රිකයට පුළුවන් උණා.. චිත්‍ර වලට ඒ එකකුත් ආවා.. මේ ලෝකෙ වෙන හැමදේම වෙන්නෙ යාන්ත්‍රිකයගෙ හොඳට කියන්නෙ ඒ නිසා..:)

      Delete
  10. අම්මෝ ලෝක විනාශේ. මෙහේ කට්ටිය නම් ලෑස්ති වෙනවා ලෝක විනාශෙට එන අඳුරට මුහුන දෙන්න. :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. තැංකූ කියුවා මතක් කළාට..:) මං එදාට කරන්නෙ සී.එෆ්.එල් එකක් හංගගෙන පණ බේරගන්න එක.. එතකොට මට පුළුවන්නෙ ලෝකෙ පළවෙනි විදුලි බුබුල හදපු එකා වෙන්න..:D

      Delete
  11. මතට තිත තියන්ඩ එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැත.. බීලම ඔක්කොමල මැරුණම හොඳ උන් ටික ඉතිරි වෙනවනේ..:)

      Delete
  12. 1993 අප්‍රේල් 19 වන දින් යාන්ත්‍රික කොළුවා (බිළිඳා) ප්‍රතම වතාවට හෑවු ගාන ලදී.

    අයියට තාම 19 ද ?? අදහස් නම් එල. පල්ලෙහ එව්ව ගැන නම් හිතන්නත් අප්පිරිය වෙලා.

    ReplyDelete
    Replies
    1. උඹ මට බාලද මලයා... හුරේයි.. මට වඩා බාල එකෙක් මේකෙදි හම්බ උණෝ..:D

      Delete
  13. අවුරුදු 75ක් ජීවත් වෙනවය කියල හෝයා ගත්ත හැටි කියන්න බැරිද ? මම අහල තියෙන හැටියට මම අවුරුදු 68 ක් ජීවත් වෙනව. ඒ කියන්නෙ තව අවුරුදු .... මාස 1 යි දවස් 18 ක් වගේ ... :ප්

    ReplyDelete
    Replies
    1. ආයි කොපි පේස්ට් කර කර ඉන්ට බෑ බං.. ඔන්න සමනලීට දීපු උත්‍තරේ උඹටත් දුන්නා..:)

      Delete
  14. යාන්ත්‍රිකයටත් යමක් කමක් තේරෙනවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. නැතුව.. මං තාම පොඩි එකෙක් නෙවී..:)

      Delete
  15. හිකිස්‌.. පට්ට මල්ලි... මම මේ 2011 උසස්පෙළ කරලා එල්ලෙන්න වැලේ වැල් නැතුව බලං ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒම වෙයිද දන්නෑ ඇ.......:)

      Delete