Pages

Saturday, October 5, 2013

ඕං ආයිත්..................................

ආයු බෝ වේවා හැමෝටම.....!!!!  
කට්ටියට අපිව මතකද දන්නෙත් නෑ.... ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආයිත් පටන්ගන්නයි යන්නෙ...

දැන්නම් ඉස්සර වගේ ලේසි වෙන එකක් නෑ මං හිතන්නෙ. බ්ලොග් කෙරුවාවත් දඩ කලාවක් වෙලා... මේ ගැන විචාර පවා පත්තර පිටුවල තිබුණා දකින්න ලැබුණා පහු ගිය දවස්වල.. කොහොම හරි අවුරුද්දක් බ්ලොගේ දිහා බලන්නෙවත් නැතිව ඉදලා මොකක්දෝ එහෙකට ආයිමත් පටන්ගන්න හිතුණා...

යාන්ත්‍රිකයා බ්ලොග් කෙරුවාව පටන්ගත්තෙ අවුරුදු එකහමාරකට විතර කළින්. එක එක නම් වලින් බ්ලොග් කීපයක්ම අත් හදා බලලයි යාන්ත්‍රිකයා "යාන්ත්‍රික සිතිවිලි" නමින් මේ බ්ලොගේ පටන් ගත්තෙ... ඒකත් මාස තුනකට වඩා පුද්ගලික හේතු නිසා පවත්වගෙන යන්න බැරි වුණා..... නිදහස ලැබුණ නිසා ඕං ආයිමත් වැඩේ පටන්ගත්ත.....

පහුගිය කාලෙ අන්තර් ජංජාලෙ පැත්තෙ නොආවාම නෙවෙයි... හැබැයි ඔය සමාජ ජාල පැත්තෙ නාවේ දුක හිතෙන නිසයි... කාලෙකට පස්සෙ මේ පැත්තෙ එනකොට පරණ යාළුවොන්ට මාව මතකයි කියල දැක්කම පට්ට සතුටකුත් ආවා...

කොහොම හරි පල් හෑලි ලියවිල්ල නතර කරන්න කාලෙ හරි වගේ.. මොකක් හරි වැදගත් දෙයක් හොයාගෙනම ආපහු එන්නම්...