Pages

Saturday, December 1, 2012

පසුම්බි චෝරක කතා වස්තුව

     අවුරුද්දකින් විතර යට ගිය දවස මේ ලංකාද්වීපයේ මිහිඳු නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හී.. මහානුවර එක්තරා ග්‍රාමයක කෙළෙඹි පුත්‍රයින් දෙදෙනෙක් ඉතා සමගිව වාසය කරන්නෝය.. මෙසේ වාසය කරන කල්හී පළමු කෙළඹියාගේ කිසියම් වූ උවමනාවක් සඳහා කොළොම් පුරේට යාමට උවමනා වීය..

     හෙතෙම සිය මිතුරා අමතන්නේ..
             "එම්බල යහළුව.. මාගේ ඉතා වැදගත් වූ කටයුත්තකට කොළොම් තොට බලා යාමට සිදු වී.. නුඹත් මා සමඟ එන්නේ දැ" යි විමසී..