Pages

Thursday, December 20, 2012

ක්ලාස් එකක ඉඳගන්න තැන තෝරා ගැනීමේ රහස්



 ක්ලාස් එකකට ගියාට ඉඳගන්න තැන තෝර ගන්න එක ආවට ගියාට කරන්න බෑ.. ඒකට සුදුසු තැන තොරගන්න ඕන.. මේ යාන්ත්‍රිකයගෙ තැන් තෝරගත්ත හැටි..ලියා තියන්නෙ අනාගත පරපුරේ ප්‍රයෝජනය උදෙසා..:)

ක්ලාස් එකක ඉඳ ගැනීමේ යාන්ත්‍රිකයගේ ප්‍රතිපත්ති මාලාව

01).ගණං ක්ලාස් එකට අදාලව:-
 මැත්ස් ක්ලාස් එකේ දළ සැලැස්ම.. 
නිස් පාටින් තියෙන්නෙ යාන්ත්‍රිකයගෙ බංකුව

ඔය නිල් පාටින් පෙනෙන්නේ යාන්ත්‍රිකයා හැමදාම ගණන් ක්ලාස් එකේ ස්ථානගත වෙන පොට් එක.. එතන තෝරගන්න හේතු ගොඩයි..

පළවෙනි එක ඔතන ඉස්සරහින් ඉන්නෙ සුපිරි මීටරයක්.. ඒක මගේ ආරක්ෂායට හොඳයි.. අනික එතෙන්ට සර්ව පෙනුනත් සර්ට මාව පෙනෙන්නෙ නෑ.. සර් කතා කරන දේවල් ඇහෙන බෆල් එක තිබුණේ මට උඩින් බිත්තියේ.. ඒ නිසා සර්ගෙ මිහිරි කටහඬ කණ බිහිරි කරවන සුළු වුණේත් නෑ.. සර් කියන දේවල් හොඳට ඇහෙනවා.. ඔතන බිත්තිය තියෙන නිසා පොඩි ‍හේත්තුවක් දාගන්නත් පුළුවන්...

රතුපාටින් තියෙන්නෙ අවදානම් කළාපය නොහොත් ගෑනු ළමයින් ගෙ පෙදෙස.. ඉතිං ඔය මැද තියෙන ලයින් එකේ ඉඳගත්තනම් සම්මජ්ජාතියට මෙලෝ දෙයක් ඉගෙන ගන්න වෙන්නැ.. ඩබල් ලයින් වලින් තියෙන්නේ සර්ගෙ ගමන් මාර්ගය.. ඒ අහල පහල ඉන්න එකත් තරමක් විතර අවදානම්.. ඉතිං මං හිටපු තැන ආරක්ෂිතයි වගේම ඉගන ගන්නත් ඉතා සුදුසුයි..:)

පිටිපස්සහ සුදුසුයි ෆන් එකේ ඉන්න.. මොකද ඒ හරියෙ ඉන්නෙ රේඩියෝ අහන සෙට් එක..:))

02). ෆිසික්ස් ක්ලාස් එකට අදාලව:-
                                                    ෆිසික්ස් ක්ලා‍ස් එකේ දළ සැලැස්ම

ඔය ෆිසික්ස් ක්ලාස් එක දවල්ට තැම්බෙනව නෙමෙයි ගිනියම් වෙනව.. ඒ නිසා පරසර තත්ව වලට පොදුවේ ඔරොත්තු දෙන තැනක් හොයා ගන්න එක ඉතා වැදගත්.. ඉතින් ඒ ක්ලාස් එකේ මං හිටපු තැන නිතරම සිහිල් සුළං වදින සෞම්‍ය පරසරයක් ඇති ස්ථානයක් කියුවොත් ඉතා නිවැරදියි.. ඒක තෝරා ගැනීමේදීත් රතු පාට කොටස නොහොත් ගැහැනුළමුන්ගෙන් තර්ජන පවතින ස්ථාන මගහරින්න වෙනවා..

ඊළඟට අපි හිටියෙ බැල්කනියක.. ඒ නිසා සර්ව පැහැදිලිව පෙනෙනවා.. මං හිටපු තැනට ආසන්නව බෆල් හයි කරල තියෙන නිසා හඬත් හොඳට ඇහෙනවා.. ඒත් බැල්කනියෙ ඉස්සරහම ඉන්න බෑ එතකොට සර්ට නෝට්.. කෝකටත් සුපිරි මීටර දෙකක් මගෙ ළඟම තියාගත්තා මගේ ආරක්ෂාව තවත් තහවුරු වෙන්න..

03). කෙමිස්ට්‍රි ක්ලාස් එකට අදාලව:-
                                                 කෙමිස්ට්‍රි ක්ලාස් එකේ දළ සැලැස්ම

කළු තීරය සර්ගෙ ඉගැන්වීම් කලාපය.. යාන්ත්‍රිකයට ටිකක් (ඒ කියුවෙ හොඳටම) කෙමිස්ට්‍රි බැරි නිසාත් ක්ලාස් එකේ ළමයි අඩු නිසාත්, සර්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඇති නිසාත්, ඒක ලැජ්ජාවට කාරණාවක් නොවන නිසාත් පරිසර තත්ව අමතක කරලා ඔය නිල් පාටින් පෙන්නන තැන තිබිච්ච බංකුවේ යාළුවොත් එක්ක ඉඳගත්ත...
ඉස්සරහම පේළිය දුන්න කොල්ලො දෙන්නෙක්ට.. ඒකට හේතු දෙකයි..
එක,
උන් දෙන්නම මීටර්
දෙක,
ඊට ඉස්සරහ පේළියේ හිටියෙ උන්ගෙ කෙල්ලො දෙන්න..
ඉතිං යාළුවට අවස්ථාව දෙන්න ඕන නිසා අපි දෙවෙනි පේළිය තෝරගත්ත..


දැං පේනවනේ.. ක්ලාස් එකක් තිබුණු පළියට, ඒකට ගිය පළියට ඊට සල්ලි ගෙවපු පළියට ඒකෙ ඉඳගන්න බෑ කියල.. තමන්ට සුදුසුම සහ අවශ්‍යතාවට ගැලපෙන තැන තෝරගන්න ඕන.. අවශ්‍යතාවයට ගැලපෙන තැන් ක්ලාස්වල තියෙනවා..

කාට හරි මේ ගැන උපදෙස් ඒම ඕනනම් නොඅඩුව ලබා දෙන්න යාන්ත්‍රිකයා සූදානම්..

41 comments:

  1. මේක දැකලා දුක හිතුනා කොල්ලෝ..

    අපිට ආයෙ ක්ලාස් යන්ඩ බෑනෙ..

    ReplyDelete
    Replies
    1. මට ඇඬිලා තියෙන්නේ.......:(

      Delete
  2. අම්ම පල්ල මන් කවද හරි ලොකු බිස්නස් එකක්
    පටන් ගත්ත දාට උබව ගන්නවා අඩු පඩියට...
    එලම කිරි සහන ශීලී පොරක්නේ බන් උබ..
    ( මටත් කිසි සේත් කෙමිස්ට්‍රි බැහැ ..)

    ReplyDelete
    Replies
    1. පටංගත්ත දාට කියහං.. මං ඉස්සෙල්ලම ඉන්ටවීව් ඇවිත් අද කොමෙන්ට් එක මතක් කරන්නං....

      Delete
  3. මීට අවුරුදු ගාණකට කලින් ඕක ලියවුනා නම්... එහෙනම් අද මං මෙතන නෑනේ. :(

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු ගානකට කළිං ලියුවනං මං මේ වෙනකොට ඉපදිලා නෑනේ..:)

      Delete
  4. මං නම් කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ වාඩි වෙන්නෙම ගෑල්ලමයි පේන මානයේ. නින්ද යාගෙන එනකොට උන්ගෙ මලවිකාර දිහා බලං ඉන්නව. එතකොට හරි (දිව දොට්ට) එක්කො උන් නියපොතු පාට කරයි. අනිත් එකී එක්ක හිකි හිකි ගායි. කොල්ලො දිහා හොරෙන් බලයි. අරකයි මේකයි විකාරයයි. ඒ විකාර බලල මටත් විකාරයි. අන්තිමට විභාගෙත් විකාරයි

    ReplyDelete
    Replies
    1. සිරාමයි බං.. ඒවනං බලන්න වටිනවා..:) කොණ්ඩෙ ආය කටුවක් ගහන්න තැනක් නැති තරං.. ඕව බලල ඔළුව නරක් කරගන්නවට වඩා හොඳයි මෙලෝ සිහිය පවත්වගන්න එක..:)
      කෙමිස්ට්‍රි ක්ලාස් එක කියන්නෙ නිදාගන්න කියාපු පොට් එක..:)

      Delete
    2. ඇත්තම තමා. අනිත් ක්ලාස් දෙකේ ඉගෙනගෙන මේකෙ නිදි කිරනවා. සර් හොඳ උනාට පොවන්ඩ කියල ඈහ්...

      Delete
  5. හික්.... ඒකත් හොද ක්‍රමේ තමා....

    මමත් ආසම නැති විෂයක් තමයි කෙමිස්ට්රි කියන්නේ.... හාපෝ.... මතක් වෙනකොටටත් ඇග හිරිවටනවා.... මට පේන විදියට මලයා මැත්ස් කරපු එකෙක් වගේ. මොකද ඔය කෙමිස්ට්රි වැඩිපුර දිරවන්නේ නැත්තේ මැත්ස් කරන අයටනේ....

    ReplyDelete
    Replies
    1. මැත්ස් කරන වුන්ට කෙමිස්ට්‍රි දිරවන්නැත්තෙ ඒ අය ඒ අය පාඩං නොකරන නිසා.. ඉතිං කෙමිස්ට්‍රි "පාඩම් පඩි" නේ.. ඉතින් මැත්ස් වුන්ට කෙමිස්ට්‍රි අරහං..:)

      Delete
    2. "කෙමිස්ට්‍රි අරහං වූවන්ගේ සංගමය" පටන් ගමුද එකක්. මෙතනම පස් දෙනෙක් විතර ඉන්නවා

      Delete
    3. ඔතන මචන් පාඩම් කිරීමේ හැකියාව / කැමැත්ත නෙවේ තියෙන්නේ
      maths අයට කෙමිස්ට්‍රි බැරි වෙන්න.මැත්ස් වලට ෆිසික්ස් වලට දක්ෂ අය ලෝකේ
      දකින්නේ වෙනස් විදිහකට බන්.ඕක පැහැදිලි කරන්න පොස්ට් එකක්ම දාන්නන වෙනවා...

      Delete
    4. @පෙට්ටියේ අධිපති
      මොකෝ කියන්නේ... මාව ප්‍රසිඩන්ට් කරනවනං මං එකඟයි..

      @ෂාන්
      ඇත්ත බං... උඹ දාහං පෝස්ටුවක්..

      Delete
  6. amma mita aurudu 2ta withara kalin wath kiwanam math ada methana na

    ReplyDelete
    Replies
    1. මම ඒලෙවල් කරන්න පටංගත්තෙත් අවුරුදු දෙකකට කළිං..

      Delete
    2. ඒ කියන්නෙ දැන් exam ලියපු පොරක්ද මේ

      Delete
  7. උමගේ මොලේ ඇත්තටම වයර් කෑලි වැඩිද බලාපං.. පට්ට තේරිල්ල නෙව..

    ReplyDelete
    Replies
    1. දේශකයා තමයි මගෙන් එහෙම අහපු හය හරි හත හරි..:)

      Delete
  8. 1985 දී ගියපු දෙව්රුවන් අල්විස් ගේ chemistry class එක මතක් උනා .

    ReplyDelete
    Replies
    1. 1985 මං ඉපදිලත් නෑ හී..........:))

      Delete
  9. සැහ්, පුරා වසර 13ක් පාසල් ගියත්,විභාග 3ක් කරත්,එකම එක ක්ලාස් එකකටවත් ගිහින් නෑ බොලව්..ඒ නිසා මට ඔව්වා අදාල නෑ..හැබැයි මලයා,,මොලේ නම් මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ක්ලාස් ගියේ නෑ.....??? විස්සාස කොරන්ටත් අමාරුයි වගේ..:)

      Delete
  10. මගේ නම් වැඩි මනාපේ අවදානම් කලාපෙට.. අවදානම් කලාපේ දිහා බලාගෙන ඉදලා අන්තිමට විභාගෙත් අන්තිම අවදානම් උනා.. ඒ දවස්වල තේරුනේ නෑනේ උන් මෙච්චර අවදානම් කියලා. උඔ එහෙනම් මැත්ස් කරන මැක්සා පොරක්නේ.. මම නම් බයෝ කරල අම්බානක බය උනා..

    ReplyDelete
    Replies
    1. ආ...හා... මැත්ස් කළාට මැක්සා නැතියො...
      අපිත් ඉතිං අවදානම් කළාපෙට අවධානය යොමු නොකළාම නෙමෙයි.. කෙල්ලොන්ගෙ අළුත් ෆැෂන් ඊළඟට.. කොණ්ඩා මෝස්තර ගැන දැනගන්න නම් ඒ පැත්ත ගැන අවධානයෙන් ඉන්නම වෙනවා...:)

      Delete
  11. හනේ උඹගේ සැලසුම්..:) මොක වුනත් වැඩේ නරකම නෑ. ආයේ ඉතින් ලබන ආත්මේ දිහාට ක්ලාස් යන්න පුළුවන් උනොත් මේ රහස් ටික ප්‍රයෝජනයට ගන්නම් කෝ. ඇත්තටම මටත් ඒ සුන්දර කාලය මතක් උනා මේක කියවද්දී. මමත් ක්ලාස් වල ස්ථාන ගත වෙන්න බැලුවේ හේත්තුවක් දාන්න පුළුවන් තැනක්.
    ඔය කෙල්ලෝ ඔච්චරකට අවදානම් ද බං..

    ReplyDelete
    Replies
    1. ෆිසික්ස් ක්ලාස් එකේදීයි කෙමිස්ට්‍රි එකේදීයි හේත්තුවක් දාගන්න පුළුවන් තැනක් හොයන එක අමාරුයි.. හැබැයි ගණන් එකේදි නං මුල් තැන හේත්තුවට තමයි..
      කෙල්ලො අන්තිම අවදානම්..:))

      Delete
  12. අනේ මන්දා.. ඔක්කොම වගේ අදහස් දක්වලා තියෙන්නේ පිරිමි පාර්ෂවය නේ... හි හි....

    මං නං ඉතිං කොයි ලෝකේ හිටියත් සර්ට මාට්ටු වෙනවා මොකක්හරි තකතීරු වැඩක් කරලා... ඒක නිසා ඔය මොන තියරිය උනත් මට වැඩක් නෑ.. ඉකෝන් වලට ඇරෙන්න අනිත් ඔක්කොටම මම මීටරේ... හි හි..

    කොහොමත් අපි ක්ලාස් යන කාලේ බණ්ඩාගේ සක්‍යා එකේ ටික්කන්ට ඕනේ තැන නේ අපි ඉඳගන්න ඕ‌ෙන්.. ඒ ටික්කෝ සර්ට හපන්... ඉතිං ඉඳගන්න තැන ඉඳලා නිදා කිරන එක විතරයි කරන්නේ.. නිකම් නිදිකිරන්න ක්ලාස් යන්න ඕනෙ යැ සල්ලි දීලා... මම රිවිෂන් වලට විතරක් ගිහින් තියරි වලට වෙන ක්ලාස් එකකට ගියා.. කොහොමත් ඉකෝන් මට ඇල්ලුවේම නෑ... ඒක නිසා යන්තම් එස් එකකින් ගොඩ දාගත්තා...

    සිංහල පන්තියේ නම් කිසි අවුලක් නෑ.. කොල්ලෝ තමයි ඉස්සරහා පේලි වල ඉන්නේ.. ඒක නිසා එකෙක්ටවත් ක්ලාස් එකේ පිටිපස්සට වෙලා පිස්සු නටන්න බෑ.. මං ගිය අනිත් එක පන්තියක වත් මුලු හොයාගෙන නිදා ගන්න එවුන් හිටියේ නැද්ද කොහෙද.. මොකද ඒ හැම එකකම සර් පන්තිය වටේම රවුම් ගහනවා එකෙක් නෑර අල්ලගන්න... හි හි

    කොල්ලන්ට අනිත් කෙල්ලො අවදානම්ද කියලා නම් මං දන්නේ නෑ.. මං නං කොල්ලන්ට අවදානම්.. ඒ කාලේ... හි හි..

    ReplyDelete
    Replies
    1. හිරූ අක්කා පට්ට මීටරේ වගේ..
      අපේ ක්ලාස් වලත් සර් එහා මෙහා යනව.. හැබැයි ඒකෙන් බේරිලත් ඉන්න පුළුවන්..
      පිටිපස්සම පේළියේ සුපිරි් සෙට් එකක් හිටියා.. උනුත් ඉතිං අපේ යාළුවෝ තමයි.. නිතරම රේඩියෝ අහන ජනමාධ්‍යත් එක්ක එවුන්ගෙ සමීප සම්බන්ධතා තිබුණ..:)
      ඒ ෆිසික්ස් ක්ලාස් එකේ.. ඒකෙ සර්ට හැමවෙලේම ඇවිදින්න අමාරුයි.. ළමයි තුන්දාහක් හාරදාහක් විතර ඉන්නවා.. හෝල් එකත් හෙන ලොකුයි.. ඉතිං පිටිපස්ස සුපිරි ෆන්..:)

      Delete
    2. ෆන් ගන්නද බොල දාස් ගනන් දෙන්නෙ. පාර්ක් එකක් පැත්තෙ යන්නකෝ (මමනම් ගිහින් නැතුවා)

      Delete
  13. කෙමෙස්ට්‍රි,සූ,බොට්නි,‍ෆිසික්ස්....ඔය ඔක්කොටම අපිට් ඉන්න උනේ අන්තිම පේලිවල බං ඇයි හැමදාම පරක්කුවෙලා යන්නෙ..ඉස්සරහට යන්න ගියොත් සූ....සූ ..කාල ඉවරය්ක් නෑ..! (අපේ කාලෙ විශයන්4යි)

    ReplyDelete
    Replies
    1. අපිට ඒ අවුල නෑ.. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ක්ලාස් එකට එන්න වෙන්නෙ ඉස්සරහින්...:)

      Delete
  14. ලබන ආත්මේ ක්ලාස් යාද්දී අත්හදා බලන්නම් මචන් :)

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ ළඟින් මං ඉඳගන්නම්..:)

      Delete
  15. දැන් ඔය කාලෙ අපේ ගතවෙලා ඉවරයිනෙ බං...ඒ නිසා ඉදිරියට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් මොකක් හරි අටමගලයක් අටවපංකො මලේ...

    ReplyDelete
  16. යාන්ත්රිකයාගේ කපටි මොලේ නොහොත් අනුන්ගේ පහනින් එලිය බැලීම. සිරාවටම පාස් උනාද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කපටි මොළේ??????????? මේ මගේ????????? නෑ.....:)
      පාස් ද බලන්න රිසාල්ස් එන්ට එපැයි???

      Delete
  17. මමත් කරන්නෙ ඔය තුනම තමා. ඉන්නෙත් ඔහොමම පොට් වල. හැබැයි අපේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ ඔහොම තැනක් නෑ අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. කෙමිස්ට්‍රිය පට්ට පොඩි ක්ලාස් එකක්..

      Delete