Pages

Monday, November 19, 2012

රිලව් ඇවිල්ලෝ...



අද කියන්න යන්නෙ අපේ පැත්තේ ප්‍රාදේශීය අර්බූධයක් ගැන.. රිලව්.. මුලු ගමම ආක්‍රමණය කරල..  සමහර ඉඩම් වල උන් අධිගෘහිත වෙලා.. රතිඤ්ඤ නෙවෙයි බෝම්බ දැම්මත් යන්නෙ නැති ගානට උන් බය නැතිවෙලා.. කිසිම අවුලක් නැතිව ඇරල තියෙන ගෙවල් වලට පැනල තියෙන කෑම අරගෙන යනව.. ගෑනු අයගෙ ළමයින්ගෙ ඇඟට පනිනව..
අර ඩී.ඩී.ටී. වලට  මැලේරියා මදුරුවෝ පුරුදු වුණා වගේ රිලව් රතිඤ්ඤා වලට අනුවර්තනේ වෙලා...

දිවිය නගන්න ඇට බීජ පැකැට් බෙදල දුන්නට කොහේ වවන්ටද? වැඩිහරියක් ගෙවල් වල වැඩේ අතෑරල දැම්මෙ මේ රිලව් නිසා. අපි වවනව.. උන් කනව..

මේ ප්‍රශනෙ අපේ ගමට විතරක් නෙවේ මයෙ හිතේ.. රන්දෙණිගල වගේ ගම් වලටත්, නුවර ටවුමේ පවා ලක්ෂ ගාණක් රිලව්... ඔය පේපර් මාකිං යන ටීචර්ලගෙ කෑම පැකට් හෙමත් මුන් උදුරගෙන යනවලු..
මෙතන තියෙන අවුල තමයි රිලව් මීට අවුරුදු හතර පහකට කළින් මෙහෙම හිටියෙ නැති එකයි.. එහෙනං කොහෙන්ද මෙච්චර රිලව් තොගයක්? මොකෝ මේ අවුරුදු හතර පහේ දී එක වතාවකට රිලවියක් පැටව් විසිපහ තිහ වදන්ටැයි?..