Pages

Monday, November 19, 2012

රිලව් ඇවිල්ලෝ...



අද කියන්න යන්නෙ අපේ පැත්තේ ප්‍රාදේශීය අර්බූධයක් ගැන.. රිලව්.. මුලු ගමම ආක්‍රමණය කරල..  සමහර ඉඩම් වල උන් අධිගෘහිත වෙලා.. රතිඤ්ඤ නෙවෙයි බෝම්බ දැම්මත් යන්නෙ නැති ගානට උන් බය නැතිවෙලා.. කිසිම අවුලක් නැතිව ඇරල තියෙන ගෙවල් වලට පැනල තියෙන කෑම අරගෙන යනව.. ගෑනු අයගෙ ළමයින්ගෙ ඇඟට පනිනව..
අර ඩී.ඩී.ටී. වලට  මැලේරියා මදුරුවෝ පුරුදු වුණා වගේ රිලව් රතිඤ්ඤා වලට අනුවර්තනේ වෙලා...

දිවිය නගන්න ඇට බීජ පැකැට් බෙදල දුන්නට කොහේ වවන්ටද? වැඩිහරියක් ගෙවල් වල වැඩේ අතෑරල දැම්මෙ මේ රිලව් නිසා. අපි වවනව.. උන් කනව..

මේ ප්‍රශනෙ අපේ ගමට විතරක් නෙවේ මයෙ හිතේ.. රන්දෙණිගල වගේ ගම් වලටත්, නුවර ටවුමේ පවා ලක්ෂ ගාණක් රිලව්... ඔය පේපර් මාකිං යන ටීචර්ලගෙ කෑම පැකට් හෙමත් මුන් උදුරගෙන යනවලු..
මෙතන තියෙන අවුල තමයි රිලව් මීට අවුරුදු හතර පහකට කළින් මෙහෙම හිටියෙ නැති එකයි.. එහෙනං කොහෙන්ද මෙච්චර රිලව් තොගයක්? මොකෝ මේ අවුරුදු හතර පහේ දී එක වතාවකට රිලවියක් පැටව් විසිපහ තිහ වදන්ටැයි?.. 

කොහොම නමුත් රිලව් බෝ වෙලා.. ආරංචි හැටියට ටවුමට ආපු රිලව් ගම් වලට ගෙනත් දාලා අළුත් ලෙඩක් මවල තියෙන්නෙ අපේ ආණ්ඩුවේ රස්සා කොරන මහත්තුරුමලු..  ඊට පස්සෙ අඩුම තරමෙ ටවුමෙ රිලව් වඳ වුණානං මොනව හරි කියුවහැකි.. ඒ වැඩෙත් බාගෙටනෙ.. මේකෙං වු‍ණේ රට පුරා රිලව් බෝවුණ එක විතරයි.. උන් අල්ලල ඔය ජාතික කැලෑවකට දැම්මනං මොකද වෙන්නෙ?

මේකෙන් තවත් අවුලක් මතුවෙලා.. රිලව් එන එක නවත්වන්ඩ මිනිස්සු තරඟෙට ගස් කපල දානව.. කොස් ගස් වගේ වටින ගස් පවා සෑහෙන්ඩ අතු කපල දාල.. ගිය අවුරුද්දෙත් ඔය වැඩේම කරපු හන්දා මේ අවුරුද්දෙ නියඟෙට කොස් ගෙඩියක් හොයාගන්ට බැරිව ගියා.. කවුද දන්නෙ ලබන අවුරුද්දෙත් නියඟයක් එයිද නේයිද කියල..

වෙච්චි වැරැද්ද හදන එක කාගෙ කාගෙත් යුතුකමක් ඕං.. නැත්තං බෝංචි පැලයක් වත් අපේ ගම් වල මිනිස්සුන්ට වවාගන්ට බැරිවෙයි.. එතකොට රට ස්වයං පෝෂිත කොරන්ට සෑහෙන්ට අමාරු වෙන්ට ඉඩ තියෙනව හොඳේ..

15 comments:

  1. ඔන්න මාත් ආවා. ඇත්තමයි මලයා අපටත් රිලවුන්ගෙන් මාර කරදර. මේකට ස්ථිර විසදුමක් තාම නැනේ..
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. තෑන්ත්ස් නලින් අයියා මේ පැත්තට ආවට.. තුවක්කු දෙනව කියුවා.. අල්ලල ගිහින් කැලේට දානව කියුවා.. තාම එකක් වත් නෑ.. ස්ථිර විසඳුමක් අපිම හොයාගත්තොත් තමා..

      Delete
    2. ආ නලින් අයියා මං මේ අහන්නමයි හිටියේ.. කොමෙන්ට් එකට ලිංක් එක දැම්මෙ කොහොමද අප්පා..

      Delete
    3. කමෙන්ට් එකට ලින්ක් එක දාන්නේ මෙහෙමයි මචන්.
      a href ="http://chandanadm.blogspot.com/">මෙතනට පේන්න ඕන වචනය දෙන්න /a>
      මුල් a අකුරට මුලින් < ටයිප් කරන්න. අන්තිමට a අකුරට මුලිනුත් ඒක දෙන්න. ඔය මගේ බ්ලොග් එඩ්රස් එක තියන තැනට යාන්ත්‍රිකගේ බ්ලොග් එඩ්රස් එක දැම්ම නම් හරි. මේ පහලින් මං දාල තියන්නේ
      බලන්න හරිද කියල වැඩේ

      Delete
  2. අනික ඔය වගේමයි අපේ පැත්තෙ පොල් වගාවට දඬු ලේනුන්ගෙන් වෙන හානිය. උන් අත්තෙන් අත්තටනේ පනින්නේ. අපේ කිරිඅත්තා මේකට මොකද කරේ වත්ත වටේම අයිනට වේනන තිබ්බ ගස් ඔක්කොම කපා දැම්මා. දැන් උන්ට එහා වත්තෙන් මේකට පින්නන විදිහක් නෑ.වැඩේ නම් අගෙයි.පොලුත් රැකෙනවා යම් දුරකට. නමුත් අපරාදෙ ගස් ටික.නියම ලිපියක්.ඇස් කන් වහන් ඉන්න අයට ඇරෙන්නට මෙන්න කියවන්න.

    ReplyDelete
    Replies
    1. හැම පැත්තටම මොකක් හරි ප්‍රශ්ණයක්.. ඒවුණාට කමක්නෑ දඬු ලේන්නු මරන්නෙ එහෙම නෑ හො‍ඳේ.. රිලව් වගේ නෙවෙයි උං එකදේශිකයි.. ලෝකෙටම ලංකාවෙ විතරයි.. තෑංක්ස් සහෝ මේ පැත්තට ආවට..

      Delete
  3. මෙව්වා නම් හොයා බැලිය යුතු කාරණා තමයි..

    ReplyDelete
    Replies
    1. කවුරුත් හොයලා බලන්ට නෑ අප්පා...

      Delete
  4. ඔන්න එහෙනම් අපිත් ආවා...කතාවනම් ඇත්ත තමයි..පුදුම වදකභාරයෝ තමා රිලවු කියන්නේනම්..නියම පොස්ටුවක් යාළුවා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා ආවට..:)

      Delete
  5. සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ මහපොලව එයාලටත් උරුමයි. නමුත් එයාලගේ වාසභූමි මිනිසා විසින් ආක්‍රමණය කරන කොට එයාලට ඉන්න තැනක් නැති වෙනවා. රිලවුන්ට විතක් බැනල වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ රිලවු ගෙන්නපු උංට...

      Delete
  6. හප්පේ රිලව් නම් බං අපිටත් මල වදයක් වෙලා තියන්නේ. මෙලෝ දෙයක් හිටවනවා නම් බොරු. මං පෝස්ටුවකුත් ලියල ඇති ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවන්නංකො ඇ........

      Delete