Pages

Monday, December 3, 2012

යාන්ත්‍රිකයා භෞතික විද්‍යාව කණපිට පෙරළයි...!! ෆිසික්ස් ලොව මවිත කළ විසි එක් වෙනි සියවසේ මහා සොයා ගැනීම ලංකාවෙන්..!!



පහුගිය දා යාන්ත්‍රිකයා ඉතා වෙහෙස වී විශාල කැපවීමකින් හා සැලකිය යුතු කාලයක්ද කැප කරමින් වත්ත සුද්ධ කරමින් සිටි මොහොතේ භෞතික විද්‍යාව කණපිට පෙරළිය හැකි මට්ටමේ මූලධර්මයක් සොයාගන්නා ලදි......

            භෞතික විද්‍යා ලෝලීන්ගේ දැනගැනීම සඳහා යාන්ත්‍රිකයා එය මෙසේ සිය බ්ලොග් අඩවියේ  සඳහන්කරනු ලැබේ. ඔහු විසින් එය යාන්ත්‍රිකයාගේ සංවෘත විවෘතතාව පිළිබඳ සර්වත්‍ර නියමය වශයෙන්ද නම් කොට ඇත.
                  මේ වගේ වැදගත් තැනකට මෙයා රිංගුවේ කොහෙන්ද?? බැලුවම මෙතනින්        
                

යාන්ත්‍රිකයාගේ සංවෘත විවෘතතාව පිළිබඳ සර්වත්‍ර නියමය:-

            විශවයේ පවතින ඕනෑම භෞතික, විවර කළ හැකි දොරක් සහිත උපකරණයක් හෝ පද්ධතියක් එය සංවෘත කොට ඇති අවස්ථාව එයම විවෘත කොට ඇති අවස්ථාවට සර්වසම වේ...

පැහැදිලි කිරීම:-

            ෆිසික්ස් දත් නොදත් සැමදෙනාගේ දැනගැනීම පිණිස මෙම සංකීර්ණ භෞතික විද්‍යා මූලධර්මය යාන්ත්‍රිකයා විසින්ම මෙසේ සරලකොට පහදා දී ඇත. මෙය යාන්ත්‍රිකයා සමග පහුගියදා ප්‍රසිද්ධ පුවත්පතක් සිදුකළ පුවත්පත් සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද බව සලකන්න..

            ඇත්තෙන්ම මේක පැහැදිලි කරන්න තරම් වචන සිංහල භාෂාවේ නෑ.. ඒත් මං ඉංග්‍රීසි භාෂාව වැඩිය නොදන්නා නිසා දන්න වචන දාල හරි සිංහලෙන්ම කියන්නං... මෙහෙමයි.. අපි හිතමු මේ විශ්වයේ තියෙන ඕනෑම වහල තියෙන දෙයක් ඒකම ඇරපු වෙලාවට සර්ව සමයි කියල තමයි මගේ දාර්ශණික බුද්ධියට අනූව ඔය කියල තියෙන්නේ... අපි හිතමු වහල තියෙන මගේ ඇඳුම් අල්මාරිය.. ඒකම ඇරල තියෙන වෙලාවට සර්වසමයි කියල තමයි ඔය කියන්නෙ... ඒක විශ්වයේ තියෙන ඕනම වස්තුවකට අදාල කරන්න පුළුවං නිසා සර්වත්‍ර නියමයක් ලෙසට පෙන්වා දෙන්න පුළුවං”

            යාන්ත්‍රික මහාචාර්ය තුමා මෙය විද්‍යාත්මකව සරල වීජ ගණිතය භාවිතා කොට සාධනය කොට පෙන්වා ඇත. පහත දැක්වෙන්නේ ඒ සඳහා එතුමා භාවිතා කළ සංකීර්ණ ගණිත කර්මයයි.. නමුත් එතුමාගේ තාර්කික ඥාණය හා බුද්ධිය නිසා ඉතා කුඩා පියවර ගණනකින් සිදුකර ඇත.

සාධනය කිරීම:-

දත්තය:- අපගේ පහසුව සඳහා දොරක් ගනිමු..
සාධනය:- දී ඇති දොර බාගෙට විවෘත කර ඇතැයි සලකන්න..
            එවිට,
            බාගෙට ඇරපු දොර = බාගෙට වහපු දොර
            දැන්,
            බාගෙට බාගෙ කපල දැම්මහම,
            බාගෙට ඇරපු දොර = බාගෙට වහපු දොර
            ඇරපු දොර = වහපු දොර

වැදගත්:-

            මින් පසු යාන්ත්‍රිකයා තව දුරටත් නිකංම යාන්ත්‍රිකයෙක් නොවන බවත් ඔහු අයින්ස්ටයින් ගණයේ මහාචාර්ය යාන්ත්‍රිකයෙකු බවත් සැලකුව මනාය......
            තවද මේ සොයා ගැනීමෙන් පසු දෙස් විදෙස් මාධ්‍ය වලින් සහ  විද්‍යා සඟරා වලින් විශාල සම්මුඛ සාකච්චා ප්‍රමාණයකට ආරාධනා ලැබී ඇති නිසා ත් මේ සොයා ගැනීම පිළිබඳව දෙස් විදෙස් මහාචාර්ය වරුන්ගේ ගැටළු වලට පිළිතුරු දීමට සිදුව ඇති නිසාත් මේ සොයා ගැනීම සම්බන්ධව විශාල සම්මන්ත්‍රණ සංඛ්‍යාවකට සහභාගී වීමට ඇති නිසාත් මේ දින කීපයේ මහාචාර්ය යාන්ත්‍රිකයාට බ්ලොග් කියවීමට හා කොමෙන්ටු දැමීමට වෙලාවක් නැති බවද සලකන්න...
           


            

30 comments:

  1. අනේ අම්මප මෙහෙමත් මහාචාර්යවරු...... ඇත්තට කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ඇ........ ඔය මොලේ දාන්න වටිනවා ඇලේ....හී..හී... මරු නියමේ යාන්ත්‍රිකයෝ..... :)



    ReplyDelete
    Replies
    1. අනිත් අය ඉස්ට්‍රයික් කාලෙත් අපි වැඩ..... ඒක නිසා අපිව පෙනුන්නෑ...... :)මේ මොලේ ඇලේ දාල තම්බල රත් කරල ගත්ත නිසා නියමෙට වැඩ.....

      Delete
  2. නඩුවකදි නං ඔය වීජ ගණිතය අප්සැට්

    මිනිහා හොද බඩු කාරයා = මිනිහා තුප්පහි බඩු කාරයා

    ReplyDelete
    Replies
    1. ඇයි දේශක උන්නැහේ මිනිහට මිනිහා කපල දැම්මෑකිනේ...... ඇත්තම කියුවොත් මට ඔය නඩු සීන් එක තේරුන්නෑ.....:)

      Delete
    2. නඩුවෙ මොකක්ද දේශකයො අරිනඩ වහන්ඩ තියෙන්නෙ..?? ඔය නියමෙ අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය දොරක්...:))

      Delete
  3. ම්ං ඒකෙන් ඉගෙනගත්ත දේ තමයි දොර ඇරල තිබුනත්, වහල තිබුනත් එකයි.
    ඒ නිස ගෙදර දොර ඇරල නිදියපන්කො. ම්ං ඇවිත් යන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ෂුවර් මං ඇරල තියන්නම්....... හැබැයි ඇවිත් කියන්නෙපා දොර වහල කියල...

      Delete
  4. ඔය වගේ මොලයක් තියාගෙන ඇයි මෙච්චර කල් හැංගිලා උන්නේ.....

    ReplyDelete
    Replies
    1. මොකද මොලේ තියෙන්නෙ හිස්කබලට වැහිලනේ???????? ඉතිං මොලේ හැංගිලා...

      Delete
  5. Replies
    1. මගෙ මොලේ ගැන දන්නෑ...

      Delete
    2. ඕව හැම එකම හැම දේටම ආදේශ කරන්න බැහැ ළමයෝ..
      transformer එහෙක priciple එක සුරුට්ටුවට දාන්න පුලුවන්ද ?
      උබට ඕක තේරෙන එහෙකුත් නැහැ දේශකයා කිව්ව දේ තේරුම් ගන්නකම් ..

      Delete
    3. මට ඔයා කියපු එක තේරුන්නෑ.....
      සාදරයෙන් පිළිගන්නවා ඔයාගෙ පළමු පැමිණිම....

      Delete
  6. හරි transformer එක පැත්තකින් තියන්න .
    dynamo එක කැරකෙද්දී එකක් ..
    ඒක කරකද්දී එකක් .. සුරුට්ටුව එහෙමද ?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන‍දේ මට තේරෙනවා සහෝ.. මං මැත්ස් කළේ... මේක නිකං කතාවක් විතරයි.. ඔයා සීරියස් අරං......:)

      Delete
  7. මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවන්නේ......

    කාටද?

    මටද? නෑ... එහෙනම්?

    දොරක් ආශ්‍රයෙන් මෙලෝ යකෙකුට වැඩක් නැති, පට්ට පජාත යැයි කියන්න පුළුවන් නියමයක් ඉදිරිපත් කළ අපේ යාන්ත්‍රික උන්නැහේට.. :)

    මාර නියමේ ඈ..

    ReplyDelete
    Replies
    1. අඩෝව්....... මොකාද යකෝ මගේ නියමෙට පජාතයි කියන්නේ......???? මං ඉන්න පැත්තට ඇවිත් සද්ද දාන්නෙ කවුද යකෝ...??? පණපිටිං අරින්නෑ හරී... අර නොබෙල් තෑග්ගෙ කතාව නිසා බේරුණා කියල හිතාගත්තොත් හොඳා...:)
      ඒ වුණාට මෙහෙට එන උං පිළිගන්නව හරී.....:)

      Delete
  8. අප්පද බොල.. මේ ඉන්නේ විද්‍යාඥයෝ. සන්තෝසයි අප්පා නව සොයා ගැනීම ගැන.. ඒත් මං බැලුවේ මේ වගේ වැදගත් සොයාගැනීමක් අනාවරණය කරන වෙලාවේ කවුද අර මුණ ඔබාගෙන ඉන්නේ කියල..:):)
    එල එල.. මහාචාර්ය යාන්ත්‍රිකයා ගේ මේ ලිවිල්ල මරු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... චන්දන අයියට තමා අපේ අගේ තේරුනෙ...

      Delete
  9. අප්පට සිරි මට වැරදිලා මන් මේ වෙන බ්ලොග් එහෙකටද කොහෙද ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹ කොකට එන්ඩ කියල හිතාගෙනද ආවේ????????

      Delete
  10. යාන්ත්‍ර විද්‍යාව නෙ... හයියෝ මට නම් අස්පට් විෂයක් පිකිස්‌.....................,,,ඉස්සෙල්ලම පාර ෆේල්....අපරාදේ, ඔයා හිටිය නම් අහගන්න තිබ්බ සරලව නේද? :)))

    ReplyDelete
    Replies
    1. ෂුවර්...... බොක්කෙන්ම උගන්නවා... එහෙනම් එකපාරම ඒ එකක්.. අපරා...දේ

      Delete
  11. කරකෝල දෙකට නමල පොලේ ගැහුව වගේ.

    ReplyDelete
    Replies
    1. මට ආඩම්බරයි පත්තර ලොක්කෙක්ට එහෙම කරන්න ලැබුණ එකට... හික්..

      Delete
  12. හුටා... එතකොට මේ නියමෙට අනුව,
    කලිසමේ සිප් එක වසා තැබීම = විවෘතව තැබීම..
    ඉඳල ඉවරයි..

    ReplyDelete
    Replies
    1. හරියටම හරී.. මට ආඩම්බරයි මාව තේරුම්ගත්ත එකෙක් වත් හිටියට..

      Delete
  13. දන්න ‍ෆිසික්ෂ් ටිකත් කපොති ... හිකිස්ස්


    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  14. හී හී හොදයි හොදයි වැඩේ මේකයි මට හිතෙන්නෙ ඕකෙ මුලින්ම ලියපු එකෙන් අදහස් වෙන්නෙ
    ඇරල තියෙන දොරෙන් 1/2ක් = වහල තියෙන දොරෙන් 1/2 කට
    ඕකෙ වැරැද්දක් තියෙන්නත් එපැයි නැත්තං හරි නෑනෙ බටහිර විද්‍යාවනොවැ ඊගාවට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කියයි

    ReplyDelete