Pages

Monday, December 10, 2012

එච්.අයි.වී වලට විසඳුමක් සමඟින් අළුත් සමාජ රෝගකාරක වෛරසයක් සොයාගැනේ...!!!



                              මේක මෙ‍තනට ආසාදනය වුණේ මෙතනින්


නිවේදක යාන්ත්‍රිකයා:-
ආයුබෝවන්..!!!
මම YNN NEWS වෙනුවෙන් යාන්ත්‍රිකයා.. මම දැන් රැඳී සිටින්නේ ලන්ඩන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය J.V. යාන්ත්‍රිකයා මහතාත් සමගයි. පසුගියදා භෞතික විද්‍යාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නොබෙල් සම්මාන ලාභී මහාචාර්ය යාන්ත්‍රිකයා මහතා අද ජීව විද්‍යා ලෝකය කණපිට පෙරළන්නයි සූදානම.

ආයුබෝවන්..! මහාචාර්ය තුමණි,

Prof.යාන්ත්‍රිකයා:- ආයුබෝවන්..! ආයුබෝවන්...!!

නිවේදක යාන්ත්‍රිකයා:- අපි මේ අළුත් සොයා ගැනීම ගැන කතා කරන්න මත්තෙන් මම කැමතියි ඔබතුමාගෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් දැනගන්න..

Prof.යාන්ත්‍රිකයා:-  මෙහෙමයි.. මගේ මවු රට ලංකාව.. එහෙදී ඒ.ලෙවල් එහෙම කරල ඔය දවසක හවස්වරුවෙ වත්ත සුද්ධ කර කර ඉන්නකොට ෆිසික්ස් පිළිබඳව ඔළුවට ආපු දෙයක් ප්‍රකාශ කළා.. ඒ ප්‍රකාශය මුළු ලෝකෙම අවධානය දිනාගත්ත.. (මහාචාරියා අඩියක් දෙකක් උඩින් යමින්) ඊට පස්සෙ මට මේ විශ්ව විද්‍යාලෙට ආරාධනා කරල ජීව විද්‍යා අංශෙ ප්‍රධානියා කළා..

නිවේදක යාන්ත්‍රිකයා:- ඔබ තුමා උසස් පෙළ ඉගෙනගත්තෙත් ගණිතය.. ඔබතුමාගෙ නියමයෙන් ප්‍රකාශ වුණෙත් භෞතික විද්‍යාව ගැන.. ඒත් දැන් ඔබතුමා බාරව ඉන්නෙ ජීව විද්‍යා අංශය.. මොකක්ද මහාචාර්ය තුමා මේ අවුල..?

Prof.යාන්ත්‍රිකයා:- හා...හා..කට පරිස්සං කරගනින්.. මගෙ රස්සාවත් කන්නැතුව.. අනං මනං කියන්නෑ.. මගේ බුද්ධියේ තරම තේරුම්ගත්තේ මේ මිනිස්සු විතරයි.. ජීව විද්‍යාවටත් ටොපියක් දෙන්න නෑ..නෑ.. වැරදුණා.. ජීව විද්‍යාවටත් යමක් කරන්න කියල තමා මාව මේ අංශෙට දැම්මේ..

නිවේදක යාන්ත්‍රිකයා:- හොඳයි මහාචාර්ය තුමා.. අපි මේ සමාජ රෝග ප්‍රශ්නෙ පැත්තට හැරෙමු.. මේ ගැන ඔබතුමාට මොනවද හිතෙන්නෙ?

Prof.යාන්ත්‍රිකයා:- දැං බලන්න දරුවෝ.. අපේ මිනිස්සු කී දාහක් මේ ජරා ලෙ‍ඩ නිසා මැරෙනවද? මගෙ අම්මේ.. මං වගේ බුද්ධිමත්තු කී දාහක් ඒ අතරෙ ඉන්නව ඇද්ද??? ඒක ගිනි ගිනියෙ බෝ වෙනවා.. ලෙඩේ නතර කළත් අපේ උන් හදන්න පුළුවනැයි.. ඒ ගැන හිතලමයි මං මේ පන්‍ශ්ණෙට විසඳුම් හොයන්න ගත්තේ..

නිවේදක යාන්ත්‍රිකයා:- ඉතිං පර්යේෂණ සාර්ථකද??

Prof.යාන්ත්‍රිකයා:- උඹ මේ කාටද කතා කරන්නෙ කියල දන්නවද? මගේ වැඩ කවද්ද වැරදුණේ බොල??

නිවේදක යාන්ත්‍රිකයා:- සස..ස..සාමාවෙන්න.. සමාවෙන්න මහාචාර්ය තුමා.. අපි කැමතියි ඔබතුමාගෙ විසඳුම දැනගන්න..

Prof.යාන්ත්‍රිකයා:- ආං එහෙම වරෙං.. මේකයි මගේ විසඳුම.. දැං බලන්න මේ ලෙඩේ අවුරුදු තිහ හතළිහක් තියෙනවා..   ඒ ලෙඩේ ගැන දන්නෙත් ටිකයි.. ඔය එච්.අයි.වී වෛරසේ ගැන දන්නෙත් ටිකනේ.. ඉතිං අපිට පුළුවන් එක සැණින් මේ වෛරසය ලෝකෙන් තුරන් කරන්න මගේ මේ සොයා ගැනීමත් එක්ක..

නිවේදක යාන්ත්‍රිකයා:- මොකක්ද ඔබතුමාගෙ සොයාගැනීම...??

Prof.යාන්ත්‍රිකයා:-මෙහෙමයි.. අපි මුළින්ම...................... එච්.අයි.වී. කියන නම වෙනස් කරනවා... වැඩේ ලේසියි.. පහසුයි.. සරලයි.. මුළු ලෝකෙන්ම ක්ෂණිකව එච්.අයි.වී. තුරන් වෙනවා..
ඊට පස්සෙ ඔය තිබිච්චි ලෙඩේට නමක් නැති වෙනවනේ... අපි ඒ ලෙඩේට අළුත් නමක් දානවා.. මං යෝජනා කරල තියෙනවා YSHIV (යාන්ත්‍රිකයා සොයාගත් එච්.අයි.වී.) කියල..
බලන්න මේකෙන් ලැබෙන ප්‍රතිලාභ.. මං ලැයිස්තු ගත කළා..
  1. වසර තිහක් පමණ පැවති එච්.අයි.වී. තුරන් වීම
  2. ඊට පස්සෙ අළුත් ලෙඩක් හොයාගෙන නම දාගන්න පුළුවන් වීම
  3. මං හොයාගත්ත විදියට ඒ හැදෙන්න තියෙන ලෙඩේ රොග ලක්ෂණ එහෙම මේ එච්.අයි.වී. එකට සර්ව සමයි. ඉතිං මෙච්චර කාලෙකට මොනම ලෙඩක් වත් හැදෙන්න කළිං හොයාලෙන තියෙනවද?
  4. හැදෙන්න තියෙන ලෙඩේ රෝග ලක්ෂන එහෙම කළිං ප්‍රකාශ කළ හැකි වීම.
  5. මේ ලෙඩේ අළුත් එකක් නිසාත් එච්.අයි.වී. තුරන් කළ නිසාත් තව අවුරුදු තිහක් මේ ලෙඩේට ප්‍රතිකාර හොයන්න කැප කළ හැකි වීම ( බලන්න එච්.අයි.වී. තිබුණනං අවුරුදු හැටක් හැත්තෑවක් වැය කළා වෙනවනේ...?)
  6. ලෙඩේ පිළිබඳව මුල ඉඳල පරීක්ෂණ ආරම්භ නොකර හොයාගෙන තියෙන තැන ඉඳල පරීක්ෂණ කරන්න පුළුවන් වීම (කවද්ද ලෙඩක් ගැන මග ඉඳල පරීක්ෂණ කරන්න ලැබුණේ? හැමදාම ඉස්සරලම ලෙඩේ හොයාගන්න ඕන, හේතුව හොයාගන්න ඕන, මේ ක්‍රමේදී ඔය ප්‍රශ්ණ මොකුත් නෑ.. මොකද මං කළින්ම කියුවනේ ලෙඩේ රෝග ලක්ෂණ එච්.අයි.වී. වලට සමානයි කියලා...?)

නිවේදක යාන්ත්‍රිකයා:- ඇත්තමයි මහාචාර්ය තුමණි.. අපේ ලෝකෙට ඔබතුමා සම්පතක්.. මේ පිළිබඳ ඉදිරි පර්යේෂණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා..!!
ආයුබෝවන් මහාචාර්ය තුමණි...!!

Prof.යාන්ත්‍රිකයා:-ආයුබෝවන්....!!

නිවේදක යාන්ත්‍රිකයා:- ඉතින් ප්‍රේක්ෂක හිතවතුණි, මේ වැදගත් සාඛච්ඡාව මෙතකින් නිමා කරන්න සිදුවන්නේ මහාචාර්ය තුමාගේ කාර්ය බහුලත්වය නිසයි.. තවත් වැඩසටහනකින් ඊළඟ පෝස්ටුවෙන් හමුවන තෙක් මම ඔබෙන් සමුගන්නවා..
            මම YNN පුවත් සේවය වෙනුවෙන් යාන්ත්‍රිකයා..
---------------------------------------------------------------------------------------------------
නොකියා බැරිය:-

මේ ඉංග්‍රීසියෙන් විකාශය වූ වැඩසටහන ඉංගිරිසිය නොදැන හෝ ගේමක් දී සිංහල ඉංගිරිසි නොදත් සාමාන්‍ය ජනයා වෙනුවෙන්  ඉතා කරුණාවෙන් පරිවර්ථනය කොට ලියා දක්වන ලද්දේ මං යාන්ත්‍රිකයා විසිනි..

41 comments:

  1. Replies
    1. හිරූ ගේ පළමු ආගමනය....!! සාදරයෙන් පිළිගනු ලැබේ..!!!

      Delete
  2. අනේ අම්මපා මු අපිටත් පිස්සු හදෝනවා........ හික්.......

    ReplyDelete
    Replies
    1. මං පිස්සු හදනවා...?? නෑ නෑ සහෝදරී, පිස්සු වැඩි කරනවා..:D

      Delete
  3. අනේ ..උඹටත් හිතෙන දේවල්...හි..හි..හී

    ReplyDelete
    Replies
    1. මගේ මේ ඔල්මොරොන්දං මොලේට මේ දවස් වල වැඩක් නෑ.. ඉතිං විකාර කියෝනවා..:D

      Delete
  4. "Prof.යාන්ත්‍රිකයා" රට යන්න කලින් අපේ රටේ ඇමති තනතුරක් වත් කලාද.. ඒවගේ උත්කෘෂ්ඨ (@හෙමින්... හරි නේද වචනේ?) ලක්ෂණ පෙන්නුම් කරනවා.:):)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං..Prof.යාන්ත්‍රිකයා උත්තම ගණයේ චරිතයක්....(හෙමින් වචනේ හරි) :)

      Delete
  5. umba maawa apahasuthawayata pathkala bola. Hu kiyala haiyen hinawenna beri thenaka innne.

    ReplyDelete
    Replies
    1. වෙලාවට..... නැත්තං උඹල මේවගේ වැදගත් කතාවලටත් හිනාවෙනවනේ..

      Delete
  6. අප්පා උබ අපිවත් මොල් කොරොනවනෙ :\

    ReplyDelete
    Replies
    1. මක් කොරවනවා කියුවා?????? අපි පොඩි උන්.. ඔය ලොකු වදන් දන්නෑ......:D

      Delete
    2. හැ එමද කවිද බොලෙ දන්නෙ

      Delete
    3. පොඩී කියුවට ඉතිං පොඩිමත් නෑ... විස්සක් විතර...

      Delete
  7. මොකද්ද අනේ මන්ඥන් උනානේ
    :)

    ReplyDelete
    Replies
    1. මේව කියවල මොලේ නරක් කරගෙන පස්සෙ මාව අල්ල ගන්නව එහෙම නෙමෙයි..:)

      Delete
  8. ලෝක විනාසෙ ලං උනාම ඔහොම දේවල් හිතෙනවා. කොහොමත් යාන්ත්‍රිකයාගෙ සර්කිට් අවුලක් ගිහින් වගේ.. රෙපෙයාර් කර ගත්තොත් නරකද ? ලොල් :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල.. මේව ඔරිජිනල් එච්.පී. සර්කිට්.. අයින්ස්ටයින්ට වැරදුණත් යාන්ත්‍රිකයට වරදින්නෑ..

      Delete
    2. මං කිව්වෙ.. තත්වය තවත් දරුණුයි වගේ.. :D

      Delete
  9. යාන්ත්‍රිකයා හොද යකඩ ටිකක් තලන්ට අරගෙන නෙව. නියමයි...

    ReplyDelete
    Replies
    1. තැලෙන යකඩෙ උඩ පැන පැන නෙව තලන්නෙ..

      Delete
  10. ඒ තරම්ම මේකනම් වදින්නේ නෑ යාන්ත්‍රිකයා.

    ReplyDelete
  11. හප්පොච්චි තාත්තේ...පිස්සු වගේ නොවැ..

    ReplyDelete
  12. මම ආසාවෙන් කියවන්න බලාගෙන ආවේ. කෝ ඉතින් ඒඩ්ස් වලට උත්තරයක් නෑනේ තාම :)

    ReplyDelete
    Replies
    1. ඒකෙත් නම වෙනස් කරමු

      Delete
  13. ඒක එහෙනම් සියවසේ සොයාගැනීම වෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවා..... එහෙම වෙයි...!
      සිරාත් ඉස්සෙල්ලම ආවෙ අදලු... ඉතිං සතුටින් පිළිගන්නවලු..

      Delete
  14. මචන් නියම සිතුවිල්ලක් බන් ඇත්තමයි ..
    උබව දාන්න ඕනේ තිර පිටපත් අංශයට ...
    දිගටම ලියහන් බන්...

    ReplyDelete
    Replies
    1. මොකේද? එක්කො බෑ අප්පා.. ඔය පිටපත් මංදන්නෑ.....

      Delete
  15. කෝ ඉතින් ප්‍රශ්නෙට උත්තරේ...

    ReplyDelete
    Replies
    1. පිළිතුර:- නම වෙනස් කිරීම.

      Delete
  16. මහාචාර්ය යාන්ත්‍රිකස් ට ඊළඟ අදහස දත් මැද මැද ඉද්දි පහළවෙන්න බැරි නෑ... :)))

    ReplyDelete
    Replies
    1. බෙන්සීන් වල ව්‍යුහෙ හොයාගත්තෙ හීනෙන් දැකලලු...:0

      Delete
  17. හුටා.. මෙහෙම උන් රටට සම්පතක්...Prof.යාන්ත්‍රිකයා සුවර් එකටම ලංකාවෙ ඇමති පු‍ටුවක් රත් කරපු පොරක්..

    @"යාන්ත්‍රිකයා" චැටක් දාන්න පුලුවන් විදියක් අපේ ඒරියා එකේ සඳහන් කරහන්,

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. ෂුවර් මේ දැන් එනෝ.. මේකා ඇමැට්ටෙක් නෙමේ බං..

      Delete
  18. මරු මරු //හැබැයි මචං පොඩි කොස්සක් තියෙනවා උඹේ ප්‍රොෆා ෆිසික්ස් ගැන මොනවදෝ කියලා ජීව විද්‍යා අංශයි7අට තෝරගත්තු එක තමයි කුජීත ,

    ReplyDelete
    Replies
    1. හා..හා.. ඌට මොකුත් කියන්නෑ..

      Delete