Pages

Wednesday, November 28, 2012

මටත් ඕනෙ කැබ් එකක්.........


      පහුගිය දවසක අපි අනුරාධපුරේ ගියා නොවැ ත්‍රීවීල් එකක... චූට්ටං ෆැමිලි ටුවර් එකක්.. ඒක වෙනමම කියන්න ඕන කතාවක්... එක පස්සෙ බලමුකෝ..
                                    
     අනුරාධපුරේ ගියේ ඇස්ටෝං ගෙදරක.. ත්‍රීවීල් එකේ පහක් තහනං උණත් අපි ගියා.. කොහොම හරි ගෙහුං හෙම ‍උත්සවේට කරල දෙන්ට ඕන යුතුකං ටික එහෙම ඉස්ට සිද්ධ කරල නිදා ගන්නකොට රෑ දොළහට එකට විතර ඇති..(එහෙට යනකොටත් රෑ අටට විතර)

    පහු වෙනිදා නුවර අපිට අළුත් අමුතු සිරිත් එක්ක උත්සවේ තිබුණ.. තේ බොන වෙලාවට ඒ කියුවෙ උදේ දහයට විතර... කොහොමෙං කොහොම හරි ඔය අනුරාධපුරෙ ගමන නං සම්මජ්ජාතියට අමතක වෙන්නෑ.. ඔය බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන "ඈ" (උදා:- ගිහිං එන්නං ..) ඉස්සරෝම අහන්න හම්බවුණෙත් අනුරාධ පුරේදී.. කළුතරිං සෙට් එකක් ඇවිත් හිටිය.. ඕනම වාක්‍යක කෙළවරට "න" දාල කතා කරන විධියත් අපිට නිකං මැජික් වගේ.. නුවර අපි ඉතිං ඔය ටී.වී. එකේ විදියටනෙ කතා ‍කරන්නෙ.. ‍එකම වෙනස කෙළවරට "න" වෙනුවට "ට" , "ඩ" වැටෙන එක තමා.. ඒ කියන්නෙ "යන්න" කියන වචනෙ නුවරදි "යන්ඩ" හරි "යන්ට" හරි වෙනව.. ඒක අනුරාධ පුරේදී "යන්ඩ ඈ.."