Pages

Saturday, December 1, 2012

පසුම්බි චෝරක කතා වස්තුව

     අවුරුද්දකින් විතර යට ගිය දවස මේ ලංකාද්වීපයේ මිහිඳු නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හී.. මහානුවර එක්තරා ග්‍රාමයක කෙළෙඹි පුත්‍රයින් දෙදෙනෙක් ඉතා සමගිව වාසය කරන්නෝය.. මෙසේ වාසය කරන කල්හී පළමු කෙළඹියාගේ කිසියම් වූ උවමනාවක් සඳහා කොළොම් පුරේට යාමට උවමනා වීය..

     හෙතෙම සිය මිතුරා අමතන්නේ..
             "එම්බල යහළුව.. මාගේ ඉතා වැදගත් වූ කටයුත්තකට කොළොම් තොට බලා යාමට සිදු වී.. නුඹත් මා සමඟ එන්නේ දැ" යි විමසී..

   
               යාන්ත්‍රික තෙමේ පසුම්බිය සොරාගත්තේ මෙතැනින් ය                  
                                                      

    එවිට මිතුරා
            "කුමකින් කොළඹ යන්නේ දැ" යි විමසූ කල්හී

     "අපගේ ජීප් රියෙන් යමු" යි කීය..
    ඉන් පසු දෙවන මිතුරා "හා යමු" යි කීය..

     මෙසේ දෙදනා කොළඹ යාමට දින වෙන්කරවාගෙන නියමිත දිනයේ දී ජීප් රියේ නැගී කොළඹ ගොස් උවමනාව ඉටු කො‍ටගෙන ආපසු එන්නේ අතරමඟ දෙවැනි මිතුරු කෙළඹියා පළමුවැන්නා අමතන්නේ..
 
     "එම්බා මිතුර.. මෙතෙක් දුර ආ ගමනේ ඉතා වෙහෙසකරය.. ඉදින් අතරමග නැවතී යමක් කා ප්ලේන්ටියක් පානය කර යමු දැ" යි විමසීය..

      එවිට පළමුවැනි කෙළඹි පුත්‍ර තෙමේ "යහපති මිතුර, මටද ඉතා වෙහෙසකරය.. තව කුසගින්නක් ද දැනේ.. යමක් කා ප්ලේන්ටියක් බී යමු" යි කීය..

      මෙසේ මිතුරන් දෙපළ අතරමග වූ පොල් අතු සෙවිලි කළ බුෆේ කඩයකට සෙට් වී බඩ කට පුරා අනුභව කොට ටී එකක් ද පානය කොට නැවත ඒමට ජීප් එකට නගින්නට සූදානම් වන තැන පළමු මිතුරු තෙමේ දෙවැන්නා නැවත අමතන්නේ..

      "මචං.. වැරදුණා.. යහළුව.. අර නුඹට පෙනේද? ජිප් රිය ආසන්නයේ පසුම්බියක් වැටී ඇත.. එහි පාටින් හා හැඩයෙන් ඉතා වටිනා බවක් හා මුදල් ද ඇති බවක් පෙනේ.. මා ජිප් රියට නැගී අතර නුඹ පසුම්බිය කිසිවෙකුට නොපෙනෙන සේ ගනූ." යැයි ඇණ වී..

    දෙවැන්නාද හොඳ මට්ටමේ හොර දෙටුවෙක් වන නිසා :) "එසේමැයි" කී ය..

     මෙසේ කතිකා කොට ගත් පරිදි දෙවැනි කෙළෙඹි තෙමේ පසුම්බිය අතට ගත් සැණින් ජැන්ඩියට හැඳ පැළඳගත් නෝනා කෙනෙක් ඔවුන් අමතන්නේ....

      "මහත්තයා.... මහත්තයා...."
                  මිතුරන් දෙපළ අතේ මාට්ටු වීම පිළිබඳ ගල් ගැසී බලා සිටින්නේ.... නැවත අර නෝනා කතා ‍කොට..

       "ඔය පර්ස් එක තියලා යන්ට........ ඕක............ අපේ පොඩි උන් සෙල්ලං කරන එක......."
    
       එතැනම පසුම්බිය බිමදැමූ මිතුරා ආපසු නොබලා ජීප් රියට නැග පයට දිරී දී ලෑල්ලට පාගා නුවරට වන්නේය...................................................................

......................යාන්ත්‍රිකයාගේ අටවන පසුම්බි චෝරක කතා වස්තුව මෙතැනින් නිමයි..................................

22 comments:

  1. බලාගෙන ගියහම උන් මාර හොරු නෙව. හික්ස් :)
    ඒක නෙමේ. බොලාට මතකද කාලයකට උඩදි සිරස ටීවි එකෙන් පෙන්නුවා නූලග ගැට ගහපු පර්ස් එකක් අහුලන මිනිස්සු ගැන සීන් එකක්. අන්න ඒ වගේ සීන් එකක් ද දන් නෑ. :)

    ReplyDelete
    Replies
    1. මතකයි...මතකයි....... එහෙම එකක් නෙමේ.. මේක ඇත්තම කතාවක් ලූ.... හික්..

      Delete
    2. ලූ කියන්නේ එතන බොලා ඉදලා නෑ.
      ඒක නෙමේ මචං. මේ ස්ටයිල් එකත් මරු. ඒ ස්ටයිල් එකෙත් පෝස්ට් ලියමු.

      Delete
    3. කතාවක් ලියන්ට මම එතන ඉන්ඩම ඕනයෑ...

      Delete
  2. එම්බා කොල, තෙල කතා වස්තුව වූ කලි එල කතාවෙකි.. :):)
    මරු සීන් එක නේ. දැන් පොඩි එවුන් සෙල්ලන් කරන්නෙත් පර්ස් වලින්. කතාව නියමෙට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. බොරු මොකටද එතනදි පොඩ්ඩක් විතර අතිනුත් දැම්මා...

      Delete
  3. එම්බල යාන්ත්‍රික මානවකය, තා කතා බිනීමේ ලේඛණ ගතකිරිමේත් රුසියකු වන්නාහ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නැතුව..නැතුව... මා කතා ලිවීමට හපනෙක් බව අපේ අම්මාත් කීවාය..

      Delete
  4. හූ හූ හුක්කි හුක්කි හූ සහ තවත් ඉතා දිගු හූවක් :D

    ReplyDelete
    Replies
    1. උඹ හූ කියුවෙ මටනේ?????????

      Delete
  5. මරු වැඩේ හොරාට.... හි හි

    ReplyDelete
    Replies
    1. අඩෙයප්පඩා..... ලිහිණි අක්කත් ඇවිත්...... වෙල්කම් වේවා කියුවා..... ඕවට තමා කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කරුම කියලා. හික්..

      Delete
  6. බොල කෙළ තොල්ල, මූසාවාද පබදින්නට තා මහත් සූරයෙක් බැව් පෙනේ ...
    ජයවේවා ඔහොම යං

    ReplyDelete
    Replies
    1. බොල රතු රජරට, මා මේ පවසන්නේ මුසාවාද නොවන බැවු දැනගනුව...
      තෑංකියු වේවා මේ පැත්තට ආවට........

      Delete
  7. හොද වැඩේ ඔය හොරාට..

    ReplyDelete
    Replies
    1. ඉතිං මගෙ දිහා බලාගෙන කියන්නෙ..?? මං අහිංසකයා හරී..
      තැංකියු අක්කෙ මේ පැත්තට ආවට...

      Delete
  8. මේ පැත්තට එන්න ප්‍රමාද වීම ගැන හිතේ තියෙන්නෙ පසුතැවීමක්. ආයෙමත් මගහැරෙන්නෙ නෑ.

    පළමු කෙළඹියා යාන්ත්‍රිකයෙක් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං ආයෙත් මාව අල්ලගන්න හදනවා... මෙතව මම හිටියෙවත් නෑ නෙව..
      ප්‍රමාද වෙලා හරි අපිව බලන්න ආපු එක ගැන ගොඩක් සතුටුයි.. අනික ප්‍රමාද වෙන්ට තරං කාලෙකුත් නෑ මේක පටන් අරං..

      Delete
  9. හය්යෝ වෙච්ච දෙයක්.රෙදිත් නැතුවයි එන්න වේනනේ ඇත්ත එකක් අහුලාගත්තානම් නේද පුරෝහිත...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. දැනුත් එන්ට ඇත්තෙ රෙදිත් නැතුව තමා..
      ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා..!!! හික්..

      Delete
  10. හොදම හොදම හොදම වැඩේ.... හොරාට... මෙතන මට හොද වැඩේ කියන්ඩ ආවා.... හු...හු......

    ReplyDelete
    Replies
    1. මට මේ වැඩේ කරන්න බෑ........ ඇ..... ඈ.....:((
      ඔක්කොමලම මට හොරා කියනව ඈ......:(
      ඒ වුණාම මං ඔයාව පිළිගන්නව ඈ.........(
      ඔය හොරා මං නෙමෙයි ඈ.......:((

      Delete