Pages

Friday, November 23, 2012

සංවේගයෙන් ලියනු ලැබේ.............


මේක ලියන්න හේතු වුණේ අද දවල් රේඩියෝවෙ ප්‍රවෘත්ති වලට අහපු කතාවක් නිසා.. ඒ ලෙවල් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොච්චියට පැනල සියදිවි නහගෙන..ආරංචි හැටියට ලව් හුටපටයක් ලු. මම ගම රට ලියන්නෙ නෑ. ඒකට හේතුව පස්සෙ ඔයාලට තේරෙයි.

මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නෙ හරිම සංවේගයකින්.(මැරුණු දෙන්න ගැන නම් නවේ. )

මැරුණ අයට මේව කියල වැඩක් නෑනේ.. මේ කියන්නෙ මැරෙන්න හිතාගෙන ඉන්න අයට.


මැරුණු ජෝඩුව මැරෙන්න ඇත්තෙ ආදරය දිනන්න වෙන්න ඇති.. ඒගොල්ල දිනුවම කියල හිතනවනම්,
ඒ දිනුවෙ දෙමව්පියන්ගෙ ආදරය පරද්දල. සහෝදර සහෝදරියන්ගෙ ආදරය පරද්දල... එහෙම දිනල වැඩක් තියෙනවද?

ඒ දෙන්න නිකන්ම මැරුණෙ නෑ.. මැරුණෙ ඉස්කෝලෙ ගෞරවය (ඒ නිවුස් එක කියපු රේඩියෝ චැනල් එක කෙල්ලගෙයි කොල්ලගෙයි ඉස්කෝල දෙකේ නම් රටටම ඇහෙන්න කියන්න අමතක කළේ නෑ..), දෙමව්පියන්ගෙ, පවුලෙ ගෞරවය සහොදර සහෝදරියො ඉන්නවනම් ඒ අයගෙ අනාගතය මේ හැම දෙයක්ම මරාගෙන..

සමහර විට මේ දෙන්න තව අවුරුද්දක් දෙකක් උපරිමව ඉවසුවනම් ඔය දිනුව කියල පෙන්නන්න හදපු ආදරේ මේලෝකෙදිම දිනන්නත් තිබුණ..සමහරවිට සතුටින් වෙන්වෙන්නත් තිබුණ.(සතුටින් එකතු වීම = සතුටින් වෙන් වීම)

ඔය කියන දෙක, අවුරුදු දාහතක් ඉගැන්නුවට කන්න බොන්න දුන්නට තමංගෙ දෙමව්පියන්ටත් ණයයි.. නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත හින්දා බදු ගෙවන මුළු රටටමත් ණයයි.. දෙමවුපියන්ගෙ ඇස්වලට කඳුළු ගෙන්නපු මේ දෙන්නට ඒ පව ගෙවාගන්න ලේසි වෙයි කියල හිතනවද?

මෝඩ කමක මහත කියන්නෙ මෙච්චර පවු කන්දක් තියාගෙන ඊළඟ ආත්මෙදි වත් එකතු වෙන්න පුළුවං වෙයි කියල හිතනවද?

හරි මේ ආත්මෙදි එකතු වෙන්න බැරි නම් හොඳම දේ තමයි කාටවත් එපා කියන්න බැරි වෙන විධියට වැඩේ පටන් ගන්න එක.. ඒකට කියන්නෙ බුද්ධිමත්කම කියල.. මොලේ පොඩ්ඩක් පාවිච්චි කළා නම් හැම පැත්තම හුඟක් වෙලාවට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්නෑ.. ඒකට කියන්නෙ සාධාරණ කට්ටකම කියල.

අතිශය වැදගත්:-
  •     මේ දෙන්නගෙ කතාවෙ පසුබිම නොදන්න නිසා ‍මම මේ කියපු කතාව එයාලට අදාල නොවෙන්නත් පුළුවං.. එහෙම නම් මේ පෝස්ට් එක එයාලට පොඩ්ඩක් විතර වෙනස් වෙයි.. ඒත් හඟක් වෙලාවට කොල්ලො කෙල්ලො මැරෙන්නෙ පොඩි ප්‍රශ්ණයක් විසඳගන්න තේරෙන්නෙ නැතිව..
  • මේක ලියන්නෙ කවදාවත් ආදරේ කරල නැති එකෙක්
  • මම කියන දේට ඔයාල එකගනම් ඒ ගැන දෙපාරක් හිතන්න..මොකද මේක ලියන්නෙ "යාන්ත්‍රික සිතිවිල්ල"





14 comments:

  1. ඕව හරි බොළද වැඩ යාන්ත්‍රිකයා...

    ReplyDelete
    Replies
    1. මලයෝ හෙඩිමක් දාන්ටකෝ..

      Delete
    2. හදිස්සියට අමතක උණානේ.........ඔන්න දැම්මා....

      Delete
  2. ඇත්තටම ඒ වෙලාවට ඕවා හිතෙන්නේ නැහැ ඔය හදිසි තීරණයක් නිසා වෙච්ච දෙයක්.නැතුව උන් දෙන්නත් හොඳට හිතලා බැලුවා නම් අද දෙන්නම ජීවත් වෙනවා ඇති.දාහතක් කියන්නේ තාම පොඩි වයසක්.මට වුනත් තාම 20යි මටත් හිතෙන්නේ මම තාම පොඩියි කියලා.

    ReplyDelete
    Replies
    1. හලෝ...දියං මචං අත... අපි දෙන්න එක වයසේ..
      තැංකියු මේ පැත්තට ආවට...

      Delete
  3. හ්ම්ම් පෙන විදියට නම් හොද බ්ලොගක් හොද අද්හස් තියන පොරක් නරකද සිංඩිකෙටර් දෙක තිනකට ඇඩ් උනානම් ඇ

    ReplyDelete
    Replies
    1. අනිවා පුළුවං ඉක්මණට ඇඩ් වෙන්නං...

      Delete
  4. මමත් ඕක දන්නා නිවුස් වල. ඇත්තටම මරුන කියල ප්‍රශ්න විසඳෙනවනම් හැමෝම මැරෙයි ඔන්න ඔයවෙලවට කරන්න ඕනේ මම කල දේ. කියවල නැත්නම් කියවන්න මෙන්න ලීන්ක් එක කොටස් 9යි. http://chithula.blogspot.com/2012/08/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ෂුවර් කෝරළේ මහත්තයා... ඉක්මණට කියවනවා..

      Delete
  5. හිතට එන ආවේගයන්ට වහල් නොවී ටිකක් කල්පනා කරලා බලනවා නම් ඔය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සිය දිවි නසා ගන්නවා කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ යාළුවා කියන්නේ.. කොහෙද මුංට ඕව තේරෙන එකක් යැයි..

      Delete
  6. මචං ඔන්න කමෙන්ට් එකට යටින් ලින්ක් එක දාන හැටි මං මීට කලින් රිලව් ගැන පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදිහට දැම්ම... :)

    ReplyDelete
    Replies
    1. තෑංකියූ වේවා සහෝ... ඒක ඇත්තටම හොය හොය හිටියේ..

      Delete
  7. ආදරයක් හින්ද මෙච්චර කාලයක් හොඳින් බලා ගත්තු දෙමවුපියන්ව අමතක කරන්නෙ කොහොමද.. ආදරේ නිසා පිස්සු වැටිල. හිතා ගන්නත් බෑ

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete