Pages

Monday, November 26, 2012

ඩෙංගු මර බිය දුරු කළ අපේ දොස්තර නෝනා‍

         ඔය සුද්දා ලංකාව අතෑරල යනකොට නිකංම ගියේ නෑනේ. ඌ ගියේ කළු සුද්දො පැටවු ටිකකුත් හදල නෙව. අපේ තිබිච්චි හැම දේම උදුරගෙන උංගෙ ලට්ට ලොට්ට ටික දාලනේ ගියේ..
     
        අපේ මිනිස්සුත් රට බඩුනං ඕන දෙයක් කියල බාර ගන්න ජාතියක් නිසා උන් දුන්නු ඕන කුණු ගොඩක් බාර ගත්තෙ ඉහ මුදුනිං.... කිසිම අතුරු ආපදාවක් තැති කසාය කෝප්පෙ වත්තට විසි කොරල පැනඩෝල් පෙත්ත ඕන ලෙඩකට කටේ ඔබාගන්නේ එහෙමනේ... කාටද සහතික වෙන්ට පුළුහං ඕවා සීයට සීයක් කිසි අවුලක් නැති බෙහෙත් කියල.. කවදාවත් අහල තියෙනවද කසාය කෝප්පයක් බීල ආසාත්මිකතාවක් ඇතිවුණ කෙනෙක් ගැන???.. මාත්‍රාවට වැඩියෙං බීල පරලෝකප්‍රාප්ත උණ කෙනෙක් ගැන????... ඔය ඔක්කොම ලෙඩ සුද්දගෙ පෙති වල විතරයි..


         ඔන්න නිවුස් එකක් සුද්දගේ පෙත්තට තරු පෙන්නන ජාතියේ.. අපේ දේශීය වෙද නෝන කෙනෙක්. නම තරංගා කුමාරි වික්‍රමසූරිය.. ඩෙංගු වලට බෙහෙතක් හොයාගෙන.. සත්තයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයිලු... දරුවො ලැබෙන්න ඉන්න අම්මලට.. චූටි බබාලට හෙමත් දීල බැලුවලු.. කිසිම අතුරු ආන්තරාවක් නැතිලු... බෙහෙත ගැන අවුරුදු දෙකක් පරීක්ෂණ කළාලූ... අන්තිමට වැඩේ හරි ගිහිං..
  දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය

        අවුරුදු දෙකක් කැපවීමෙන් වැඩ ‍කළේ කවුරු වෙනුවෙන්ද?  තවමත් නොමිලේ තමං හොයාගත්ත බෙහෙත  ලබාදෙන දොස්තර නෝනා රටටම අභිමානයක් නෙවෙයිද?.. සත පහක් ඒකෙන් උපයන්නෙ නැතිව?..  සුද්දෙක් බෙහෙත හොයාගත්තනං ඌ ඉස්සරලම කරන්නෙ බෙහෙත් කොම්පැනියකට බෙහෙත විකුණන එක..
        
       වෙදකමින් අවුරුදු දාස් ගාණක් හා‍ස්කම් පෙන්නපු රටේ මේ වගේ අය පහළ වෙන එක පුදුමයක් නෙවෙයි..  මේක හොඳ අවස්තාවක් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්ට.. සුද්දගෙ පෙත්තට වඩා අපේ කසාය ටිකේ වටිනාකම පෙන්නන්න... 
      
       ලොවක් වෙනුවෙන් අනුකම්පාවෙන් වසර දෙකක් කැපවී කටයුතු කළ ලංකා මාතාවගේ උත්තම දුවණිය තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමියට අ‍පගේ උත්තමාචාරය........!!!!

ප/ලි-
මේ ප්‍රවෘත්තිය කියවන්න ‍මෙතනින්
මේක ලියුවෙ බටහිර වෙදකම හෙලා දකින්න නෙමෙයි... බටහිර රටවලට ඒ වෙදකම තමා එක.. හැබැයි අපිට අපේ වෙදකම එක වෙන්න ඕන..එහෙම නොවුණට..

ප/ලි-
දිනමිණ පත්තරේ තිබුණු මේ ලිපියත් අනිවාර්යෙන්ම කියවන්න..
     
        

17 comments:

  1. වෛද්‍යතුමියට අ‍පගේ උත්තමාචාරය........!!!!

    ReplyDelete
  2. උත්සාහය හා කැපවීම පමණයි අවශ්‍ය.. එතෙනදි බටහිර,නැගෙනහිර, උතුර දකුණ කියල වෙනස් නෑ යාන්ත්‍රිකයා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... වෛද්‍ය තුමිය ඒකට හොඳ ආදර්ශයක්..

      Delete
  3. ඇත්ත මෙතුමිය. ජාතික සම්පතක්. මගෙත් උත්තමාචාරය....!!

    ReplyDelete
    Replies
    1. පේටන්ට් බලපත්‍රය අරගෙන බෙහෙත සාර්ථක කරගත්තම ලෝකෙටම සම්පතක්..

      Delete
  4. මේ හොයා ගත්ත දේ ප්‍රයෝජනවත් විදිහට යොදවා ගන්න එක බලධාරීන්ගේ වගකීම. එතුමියට මගේ ආචාරය!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... එහෙම නොවුණොත් මේ හොයාගත්ත එකෙනුත් වැඩක් වෙන්නෑ..

      Delete
  5. රටේ වාසනාවට මේ වගේ උත්තමියක් පහල වෙලා ඉන්නේ..එතුමියට අපේ ආචාරය !දිගුකල් වැජඹේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අපේ රටට උවමනා කාලෙට උවමනා විදියෙ අය පහළ වෙනවා..

      Delete
  6. වැදගත් යමක් අපේ දැන ගැනිමට ලක් කිරීම පිළබදව අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ඔයාට වැදගත් උණානම් මට සතුටක්.....

      Delete
  7. සුභ පැතුම් .. නමුත් මොනවා හොයාගත්තත් වැඩක් වෙයිද? මම දැක්ක පිලිකා රෝගයටත් අපේ රටේ කෙනෙක් බෙහෙතක් හොයාගෙන.. නමුත් ඒ ගැන රජයෙන් තියන පිළිගැනීම මොකක්ද? රජයෙන් කරන්න ඕනේ ඒ ගැන හොයා බලා ඒ පිලික බෙහෙත් මහරගම පිලික රෝහලෙන් හරි ව්‍යාප්ත කරන එක නේද? " ගමේ දිවෙසිවරයා ගමට අගේ නෑ " කියනවා වගේ අපේ රටේ හොයාගන්න දේවල් වලට අපේ රටේ යට අගයක් නෑ .. පිටරටින් මේක හොයාගත්තනම් මේ වෙද්දී හොද ප්‍රචාරයක් දීලා ...හැබයි ඉතින් මොන බේත හොයා ගත්තත් සෞඛ්‍ය අමාත්යන්සෙන් නම් සපෝර්ට් එකක් නෑ. උන් බලාගෙන ඉන්නේ පිටරටින් මොන හරි බාල බෙහෙත් ටිකක් ගෙනල්ල කොමිස් කැල්ලක් කඩාගන්න. පිටරටවලින් ඒන් ඕන මගුලක් ගනී... කොමිස් කාක්කො... රජරට වකුගඩු රෝගීන්ට වෙලා තියෙන දේ පේනවනේ. කොහොම උනත් අපි අපි මේ උත්සාහය අගය කරන්න ඕනි .ඔබට තව තවත් මෙවැනි නිර්මාන කරන්න වාසනාව ලැබෙවා
    අපෙ රටට ඔබ මිනිපහනක්ම වෙවා.... මේ වගේ සොයා ගෑනීම් කීයක්නම් උනාද දෑන් ඒවා ගෑන කිසිම කතාවක්වත් නෑ...ඔබතුමියට සංසාරයෙන් එතෙර වීමට මේ පින හේතු වාසනා වේවා..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොටම මුල අපේ දේ දෙකට දාන අධ්‍යාපන ක්‍රමේ කියලයි මට හිතෙන්නේ..

      Delete
  8. හොද ලිපියක් ස්තුතියි මෙ වාගෙ එකක් බලොග් එකෙ පල කරලා අපිව දැනුවත් කලාට මෙහෙම දොසතරලා අපි හුගාක අගය කරන්න ඔනි එත් වැඩෙ කියන්නෙ මෙ වගෙ අයට දැන් කාලෙ හරි තැනක් නැති එකයි ඔබත ජය !!

    ReplyDelete