Pages

Thursday, November 15, 2012

බිල්ලගෙ පරමාදර්සේ


            බ්ග් එහෙකුත් පටංගත්ත එකේ වැදගත් මොන මොනවහරි කොටන්නං කියල තමයි ඉඳගත්තෙ. මොනා කොරන්ටද...... කම්මැලිකම ඔළුවට ගහල නොවැ. උදේ ඉඳං චොර චොරේ..  වැස්ස නවතින පාටකුත් නෑ... මං අහගෙන අනිත් පැති වලට හෝදගෙන යන්ට වහිනවලු. කොළබිස්සට නං තාම වැස්ස මදි වගේ. තාමත් වික්ටෝරියාවවත් සම්පූර්ණයෙංම පිරිල නෑ මයෙ හිතේ.
             ඇයි අප්පේ අවුරුද්දකට කිට්ටු කාලයක් වේලෙන්ටම පෑව්වා නොවෑ..... අ‍නික්වා තියා කොස් ගස් පොල් ගස් පවා මැරුණා..සමහර  ඉඩම් වල පොල් ගස් විස්ස තිහි.... අපේ ඉඩමේ විතරයි එක ගහක්වත් මැරුණේ නැත්තේ...
පංපෝරි ගැහුව ඇති.. කියන්ඩ ගත්ත එක කියල ඉමුකෝ.......
           
            පහුගිය දොහේ හිර ගෙදර මාර මාර සං සිද්ධි සිද්ධ වුණාලු.  වැරදි කොළා කියල හිර කරල හිටපු උං  මෙන්න අයිතිවාසිකම් කතා කරන්ට පටං අරං. හිර ගෙදර චෙක් කරන්ඩ පොලීසියට අයිතියක් නෑ කියල තුවක්කු අරගෙන  දහ අතේ වෙඩි තිබ්බලු.. ඇයි ඔය ටී.වී එකෙත් පෙන්නුවේ. මං ඉතිං ලූ,ලූ,  කියල ඉවර කලේ දැං ටීවී වල කියන කතා විස්සාස  කොරන්ට බෑනේ..

            මං මේ කියන්ට ගියේ මෙහෙම වුණේ මොකෝ අපෙ රටට. හිරේ උං පෝන් තියාගෙන ගේම් දෙනවා. එළියෙ නැති සැප උංට ඇතුළේ. එළියෙ හිටියොත් පොලීසිය අල්ලයි කියල බයක් තිබුණත් ඇතුළේ ඒවා නෑ නොවෑ. ඒක ඇතුළේ අයිතිවාසිකම්. ඒකනේ තුවක්කු ගත්තේ....

            මට බය මුං ඊට පස්සෙ මිනී මරන්ටයි තව එක එක ඒවා කොරන්ටයි අයිතිවාසිකම් ඉල්ලයිද දන්නෑ.. එකල්ල හිරෙ දැම්මම ඒකට අයිතියක් නෑ කියයි. කූඩුව ඇතුළට තහනං උත්තේජකයි (අර......ටිකක් සැර වැඩි ඝණ වශයෙන් තියෙන ඒවා) පෝන් එහෙමත් ඉල්ලයි ද දන්නෑ ඒවත් අයිතිවාසිකම් කියල.

            මෙතන භයානකම දේ මේක නෙවෙයි.... රටේ මිනිස්සු මුං වීරයෝ කියල හිතුවොත් එතනින් රට ඉවරයි. ඔය සමහර පළාත්වල ගම කොරවන්නෙයි හැම දෙයක්ම මේ වගේ දාමරිකයෝ. පංසල් වලට වැඳගෙනමයි. උංගෙ කුමාරවරු අනිත් තැං වනසනව. සාමාන්‍ය මිනිස්සුත් උංට දෙවිවරුන්ට වගේ සලකනව. අපි දන්නවනේ පාර්ලිමේන්තුවේම එහෙම කීයක් ඉන්නවද?.. නැද්ද මං අහන්නෙ?

            මෙතනයි අවුල.. මිනිස්සු හිතන්නෙ තමං ගැන විතරයි.. මොකෙක් හරි ගමේ පාරක් හැදුවොත් ඌ තමයි දෙයියා.. නැත්තං රටේ අපරාධකාරයෝ කී දාහක් ද? කොයි උං අහුවෙනවද?

            ගිය සතියෙ පිල්ම්  එකක් බලන්ට කියල ටීවී එක ඉස්සරහ ඈඳි ගත්ත. අර ගිය සතියේ ඉර ටී.වී එකේ ගියේ.. දෙමළ සීන් එකක්.. ඕක බැලුවමයි මෙහෙම හිතුණේ.

            ඔය කතන්දරේ ගෝනි බිල්ලද මොකාද එකා දාමරිකයෙක්.... පටං ගත්ත වෙලේ ඉඳං ඉවර වෙනකං මරනව....... මරනව...... මරනව....... කෙලෝරක් නෑ... ඒකෙ කතාවකුත් නෑ.. ලවු සීන් එහෙකුත් නෑ....... ආයෙත් මරනවා.....

            කිසි ගින්නක් නැතිව පොලීසියටත් ගහනව. ප්‍රසිද්ධියේම අර මං මුලදි කියපු  වර්ගයේ උත්තේජකත් අරං යනවා....... ඌ තමා ප්‍රධාන චරිතෙ..

            පිල්ම් එක බලන උමුත් උඩපැන පැන අප්පුඩි ගහනව..... කාටද? ප්‍රධාන චරිතෙට.. අංක එකේ කුඩු කාරයට..  හිරේ ඉන්ට ඕන එකාට.....
           
              මේව තමයි රටක තියෙන්න පුළුවං අන්තිම නරක ආදර‍ශ.....  තමිල්නාඩුවට මේව ටොයිස් ඇති.. ඒත් ලංකාවට එහෙම නෑ.. ඒක නිසා ඔය කොයි ටීවී එකත් මොකක් හරි දාන්ට කළිං දහපාරක් වත් හිතුවනං තමා හොඳ......
             
              පොඩි උන් බය වෙයි කියල පිහියෙං අනිනකොට එතෙන්ට කොටු දැම්මට විතරක් මදි... මේව පොඩි අයත් බලන නිසා ඒකේ අර්ථය ගැන දෙපාරක් හිතුවනං තමා වැදගත්.

2 comments:

  1. හරියටම හරි..දැන් අලුත් අලුත් චැනල් එනවා ..මෙලෝ රහකට නැති එව්වා තමයි පෙන්නන්නේ..හිරේ හිටියත් කුඩු ගැහුවත් අන්න වීරයා. ළමයින්ගේ මනස දියුණු වෙන විදිහේ වැඩසටහනක් දකින්නත් ආසයි..ඔය ලියල තියෙන්නේ හොඳට ..නියම කාලීන මාතෘකාවක් ..!දිගටම ලියමු.ජය..!

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් කොරාපු කාලෙ ආසාවට ෆිල්ම් එකක් බලන්ට වෙලාව තිබුණෙ නෑ.. දැං වෙලාව තියෙන කාලෙ බලන්ට ඉඳගත්තහම බලන්න ඒකෙ බලන්න කියල ඇති දෙයක් නෑ..

      Delete