Pages

Monday, December 17, 2012

ඒයි.. මට ඇහෙන්න බනිනව නෙමෙයි..



                            ලංකාවේ වැදගත්ම පොට් එක.. පින්තූරය මෙතනින්.


දකින දකින හැම තැනම මොකෙක් හරි මොකකට හරි දේශපාලකයෙක්ට බනින්නේය. පහුගිය දිනෙක එවැනි කතාවක් අසා යාන්ත්‍රිකයාට මේ සිතිවිල්ල පහල විය.

යාන්ත්‍රිකයාට දේශපාලකයින්ට බනින උන් පෙන්නන්නට බැරිය.. ඒ මේ නිසාය.. මේක ලිවීමෙන් පසුව යාන්ත්‍රිකයාට වැටෙන කොමෙන්ටුවත් නොවැටී යාමේ අවදානමක් ද ඇත්තේය.
     
ලංකාවේ හැම එකෙක්ම දේශ පාලකයින්ට බනින්නේ හරියට එතුමන්ලා පාර්ලිමේන්තු ගියේ අහසින් වගේය. ලංකාවේ කවුරුවත්ම ජීවිතේට ඡන්දය නොදාපු අය වගේය. නමුත් පාර්ලිමේන්‍තුවේම දෙසිය විසිපහකි. තවද පළාත් සභා ද 9 කි. ඒවායේ මන්ත්‍රීවරු ගාන නම් යාන්ත්‍රිකයා නොදන්නේය.. නමුත් එකෙක් දෙන්නෙක් නම් නොවන්නේය.. ඒ මදිවට ප්‍රාදේශීය සභා ගානද සැලකිය යුතු ඉලක්කමකි.. මෙසේ ගත් කළ මන්ත්‍රීවරු පඳුරකට එකා ගානේ සිටිති.. නමුත් මේ එකෙක් වත් ලංකාවේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ගිය අය නොවිය යුතුය.. මොකද ඒ තරමට ලංකාවේ මිනිස්සු දේශ පාලකයොන්ට බනින නිසාවෙන්ය..

යාන්ත්‍රිකයා කීපදෙනෙක්ගෙන්ම ප්‍රශ්නයක් ඇසුවේය.. ඒ දේශපාලනේට ඇති සුදුසුකම මොකක්ද කියාය.. ඒ හැමෝම දුන්නු උත්තරේ උණේ කිසිම සුදුසුකමක් උවමනා නැති බවය.. යාන්ත්‍රික සිතිවිල්ලට අනූව ලංකාවේ වැඩි දෙනෙකුගේ මතයද එයම විය හැක..

නමුත් යාන්ත්‍රික සිතිවිල්ල ඊට වඩා වෙනස් ය.. එනම් දේශ පාලනේට ඒ සඳහාම උපතින්ම පිහිටිය යුතු මනා හැකියාවක් තිබිය යුතුය.. ඒ හැකියාව යාන්ත්‍රිකයාට තිබුණානම් අඩුම තරමේ යාන්ත්‍රිකයා මේ වන විට ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලීමට අයදුම්පතක් වත් ලියා ඇත... නමුත් යාන්ත්‍රිකයා එසේ නොකළේ යාන්ත්‍රිකයාට ඒ හැකියාව නැති නිසාවෙන්ය.. මේ පෝස්ටුව කියවන ඔබටද ඒ හැකියාව නැති බව නම් ෂුවර්ම ෂුවර්ය.. තිබුණා නම් මේ වන විට ඔබද පාර්ලිමේන්තුවේය.. එබැවින් දේශපාලකයින් ට කිසිදු දැනුමක් නැතැයි ප්‍රකාශ කිරීම යාන්ත්‍රිකයා තරයේම හෙලා දකින්නේය..

තවද අපේ මිනිසුන් ඡන්දයක් ළං වනකන් දේශ පාලකයින්ට බනින්නෝය.. ඡන්දෙ ආවහම එතුමන්ලාට පෙළපාලි යන්නෝය.. දහ අට වෙනකන් බලා ඉන්නේ ඡන්ද පත්‍රිකාව ගෙදරට ලැබෙනකන්ය.. ඡන්දෙ දීලා ඡන්දෙ දුන්නු මිනිහාටම පලු යනකන් දෙහි කපන්නෝය.. ඊළඟ ඡන්දෙදී ආයිමත් පෙලපාලි යන්නෝය..

කැලණියේ ඇමතිතුමා හොඳම නිදර්ශනේය.. එතුමාව ලංකාව පුරා ඉන්න ශ්‍රී ලංකා කාරයින්ටමද පෙන්නන්නට බැරිය.. ඒත් එතුමා කැළණි පුරවැසියන්ට තමන්ගේ රජතුමාය.. ඒ හැකියාවය..

සජිත් මහත්තයට පාර්ලිමේන්තුවට එන්නට හැකි උනේ හැකියාව නිසාය.. පක්ෂ උප නායක උණේ හැකියාව නිසාය.. නමුත් පක්ෂ නායක කමවත් ඇමති කමක්වත් ගන්නට බැරි උණේ නොහැකියාව නිසාය..

වික්‍රමසිංහ මත්තයාටද එසේමය.. එතුමා දිගුකලක් බහුතර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පක්ෂ නායක වුනේ ඒ හැකියාවෙන්ය.. කවදාවක වත් ජනාධිපති නොවන්නේද ඒ හැකියාවෙන්මය.. ජනාධිපති තුමාටද එසේමය.. කවුරු බැන්නත් රජ පුටුවේ වැඦබෙන්නේ හැකියාව නිසාය.. යාන්ත්‍රිකයා ගරු කරන්නේ මේ හැකියාවටය..

මොනවා කළත් දිනන එකා දිනනවාමය.. ඒනිසා කළ යුතු හොඳම දේ දිනන එකාට මුක්කුවක් ගසාගෙන තමන්ට යමක් කර ගැනීම බව යාන්ත්‍රික සිතිවිල්ලය..

යාන්ත්‍රිකයා දේශපාලනේට ආවානම්

     
      එහෙනම් යාන්ත්‍රිකයාට විපක්ෂව මත දරන එකෙක් වත් ඉතුරු නොවන්නේය.. ඒ කියන්නේ වැඩි දෙනා කූඩු වල ගත කරන්නට ඉඩ තිබේ.. එහෙනම් යාන්ත්‍රිකයා හිට්ලර්ට දෙක නොවන්නේය.. නමුත් කිසිම එකෙක් යාන්ත්‍රිකයා අතින් නම් මැරුම් නොකන්නේය.. ඊට හේතුව යාන්ත්‍රිකයාට කූඩැල්ලෙක් වත් මැරීමට නොහැකි වීමය...

එහෙනම් උපරිම සමාජවාදී ඇණ්ඩුවක් ලංකාවේ බිහිවන්නේය.. එක එකාට ගැති නැති ගඩාපිගේ ලිබියාව වැනි රටක් වන්නට ඉඩ තිබුණේය.. නමුත් ලංකාව එවැනි නායකයෙක් ලබන්නට වාසනාව නැත්තේය..:( තවද කිසිම දවසක යාන්ත්‍රිකයා දේශපාලනේ නම් කොහොමවත්ම නොකරන්නේය..

හදිසියේවත් යාන්ත්‍රිකයා ජනාධිපතිවරණේටවත් ඉල්ලුවොත් මේක කියවන ටිකදෙනාවත් යාන්ත්‍රිකයාට ඡන්දය නොදී සිටින්නේ නම් ඒක කාට කාටත් හොඳය..:D
 ----------------------------------------------------------------------------------------------
මේ පෝස්ටුව කොටද්දී යාන්ත්‍රිකයා පුළුවන් තරම් කාටවත් අපහාසයක් නොවන සේ කොටන්නට දැඟලුවේය.. එය වැරදී ඇත්නම් සමාවුව මැනවිය..:)
තවද බොහෝ දෙනෙක් කාර්ය බහුල නිසා යාන්ත්‍රිකයා වැඩිය කොටන්නට අකමැතිය.. ඒ අනිත් අයට යාන්ත්‍රිකයාගේ පල් හෑලි කියවනවාට වඩා වැඩ ඇති නිසාය.. එමනිසා මේ පෝස්ටුව දිග වැඩි වූවා නම් සමා උව මැනවිය..

33 comments:

  1. අපෝ ඔය වන්න ඔය මැද්දෙ තියෙන ෂූ එකේ වෙන දේවල් නම් කතා කරල වැඩක් නෑ...

    බැන බැන ඡන්දෙ දෙන උන්ට ගහන්න ඕනා ඔක්කොටම කලින්

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දීල බනින උන්ට ගහන්න ඕන..:)

      Delete
  2. යාන්තිකයෝ. ඔයා මාව follow කරල නේද් තියෙන්නෙ. ????

    මම දාපු ලිපි ඔයාගෙ බ්ලොග් රොල්ල් එකේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. හ්.......... සොරි කොල්ලො ඔය බ්ලොග් රෝල ළඟදි අප්ඩේට් කොරන්ට බැරි උණා..:(

      Delete
  3. වැඩක් නෑ බන් මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරලා

    ReplyDelete
    Replies
    1. කතා නොකරත් වැඩක් නෑ...:)

      Delete
  4. ඔන්න ඔහේ ඉල්ලපන් බන් ඡන්දෙ...ගෙදර උන්වත් උඹට ඡන්දෙ දුන්නද කියලා හරියටම දැනගන්න පුලුවන් ඊට පස්සෙ....

    ReplyDelete
    Replies
    1. ඔහොම වැඩක් ඒකාලෙ අපේ ගම්පැත්තෙ උණාලු.. ගමේ ටී.වී එකක් තිබුණු එකම ගෙදර මන්ත්‍රී තුමෙක්ගෙලු.. ඒ මන්ත්‍රී තුමාගෙ ගෙදරට චන්දෙ බලන්න ආපු මසනග දාහටත් වැඩීලු.. ඡන්ද ප්‍රතිඵලේ පන්සීයටත් අඩුයිලු.. අපේ අත්තම්ම කියුවේ..

      Delete
  5. මොනවා උනත් යාන්ත්‍රිකයාගේ කථාව ඇතුලේ බොහෝ ගැඹුරු අරුතක් ඇති බව මට නම්පෙනෙයි.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අන්න අක්කට කමා පෙනුනේ..:)

      Delete
  6. අනේ මන්දා බං.... උඹ ඔය ඉල්ලන් බැනුම් අහන්නනේ හදන්නේ.. මොනවා කළත් බැනුම් අහන එකක්නේ දේශපාලනේ...

    ReplyDelete
    Replies
    1. ඒක දැනගෙන තමා ලියුවේ..:)

      Delete
  7. අනේ අනේ...ඒ ගොල්ලො ගැන කතා කරන්න ගියොත් වෙන්නෙ ඇඟේ ලේ ටික රත් වෙන එක විතරයි. මට දැන් හරි ප්‍රශ්ණයක් තියෙනවා. සතියක් විතර ගෙදර ඉන්න බලාගෙන යමේ යන්න යන්නෙ..අපේ අම්මා ආණ්ඩුවට පක්ෂපාතියි...අම්මෝ..හැබැයි ඉතින් එයාලා තාම ඡන්දය දෙන්නෙ බණ්ඩාරනායක කාලෙ ගැන හිතලද කොහෙද...අම්මා බලන්නෙ ආණ්ඩූ වාහිනී ටික. කටින් වචන එළියට පනින්න නොදී ඉන්න එක තමා ප්‍රශ්ණය... හි හි හී..ඉඳලා ඉඳලා ගෙදර ගිහින් අම්මගෙ හිත රිද්දන්න බෑනෙ..

    ආ මේක අහන්න හොඳද මන්දා...බ්ලොගේට පාවිච්චි කරන සිංහල අකුරුවර්ගය මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. දිනන පැත්තට හුරේ දැම්මොත් ඔබ දිනුම්..:):)
      මොකක්ද අර අකුරු වර්ගෙ කතාව????? මට තේරුන්නෑ.. මං හිතන්නෙ ඉස්කෝල පොත වෙන්න ඕන..

      Delete
  8. අනේ මන්දා මේ දේශපාලන කේස් නම් බොල ..!

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ තියන තේරුම්ගන්න අමාරුම දේ තමයි දේශපාලනේ..:)

      Delete
  9. මං නම් මොකෙකුටවත්ම ඡන්දෙ දෙන්නෙ නැතෝ.. (උඹ ඉල්ලුවත් දෙන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. මං ඉල්ලන්නෙත් නෑ බොල..:)

      Delete
  10. අනේ අනේ මෙයාටත් හිතෙන එව්වා... මමම නම් ඡන්දෙ දාලත් නෑ,දාන්නෙත් නෑ, දාන අයටයි ඉල්ලන අයටයි බනින්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. අන්න... ඡන්දෙ දෙන්නෙත් නෑ.. බනින්නෙත් නෑ.. නියම අක්කෙක්..

      Delete
  11. අනේ මේ මලේ.....ඔයා නම් චන්දෙ ඉල්ලන්න හිතන්නවත් එපා ඔන්.... වෙන වැඩක් නැත්නම් පැත්තකට වෙලා නිදා ගනින්......

    ReplyDelete
    Replies
    1. ඔන්න සමනලී අක්ක කියපු නිසා වැඩේ අතෑරියා....:D

      Delete
  12. පිලිතුර මෙසේය.
    යාන්ත්රිකයා 100% නිවැරදි නැත. ල්ංකාවේ ක්රියාත්මක වන්නේ වක්ර ප්රජාත්රන්තවාදි පාලන ක්රමයක්ය. කෝටි දෙකකට අදික ජනගහනයක් වාසය කරන නිසාවෙන් සෑම මිනිසෙක්ම හවුල් කරගෙන පාලන තීරන ගැනීමට බැරිය. ඒ නිසා ජනතාව එකතුව තමන් වෙනුවෙන් නියෝජිතයෙක් පත් කරනු ලබයි. ඒ නියෝජිතයා ජනතාව විසින් වැටුප් ගෙවන, ජනතාවගේ සේවකයෙක්ය. නියෝජිතය ජනතාවට වගකිව යුතුය. එසේනම් ජනතවට අවශ්ය ආකාරයෙන් කටයුතු නොකරන විට බැනුම් ඇසීමටද සිදුවේ. එය ඔහුගේ රෑකියාවයි. කිසි විටකත් පිනට කරන දෙයක් නොවේ. (උතුම් ජනතා නියෝජිතයෝද නොසිටියා නොවේ.)

    ආයතන ප්රදානියෙක්, තම සේවකයාගේ වරදකට බැනීම ඔබ සාධාරන බව පිලිගන්නවා නම්., ජනතාව දේශපාලුවන්ට බැනීම පිලිබද සිතා වැඩක් නැත.

    වරදක් ඇතොත් සමාව භාජනයකට දමනු මැනවි.

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙ උඹ කියන බැනිල්ල නෙමේ බං.. මො‍කෙක්ට හරි බැනල.. ඌටම ඡන්දෙ දීල.. ආයිත් ඌටම බනින කලාව ගැන..:)

      Delete
  13. මගේ යාන්ත්‍රක මෙවලම් ඔය සබ්ජයට ප්‍රතිචාර නොදක්වයි..

    ReplyDelete
    Replies
    1. හිහී... අක්‍රීය මෙවලම්..:)

      Delete
  14. ඇඩෝව් මර්වින් මාමට මුකුත් ඉයලා අහුවෙන්න එපා හරිය :D

    මට නම් කිසිම අදහසක් නැහැ බන් දේශපාලනේ ගැන!

    ReplyDelete
  15. මාත් කැමතියි පුළුවන් නම් පලා බබෙක් වත් වෙන්න. කොහෙද.. සුදුසුකම් අඩුයි නේ. පස්සේ කාලෙක වත් බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනාගතේට සුදුසුකම් හදාගමු අයියා..:)

      Delete
  16. මට නම් දේශපාලනේ අරහන් ය.

    ReplyDelete
    Replies
    1. මං කැමති මාතෘකා වලින් එකක් ය.

      Delete
  17. අපි කොච්චර කතා නොකර ඉන්න හැදුවත් කතාකරන්න අකමැති උනත් අනිවා කතාකරනන් වෙන මාතෘකාවක් තමයි දේසපාලනේ කියන්නේ.

    ReplyDelete