Pages

Sunday, December 23, 2012

යාන්ත්‍රික දේවතාවා බැලූ දසමහ බැලුම්



            යාන්ත්‍රික දේවතාවා නිම්මාණරතියේ සිට දිවැසින් මනුලොව දෙස බලා සිටින්නේ, තවත් සියදාස් ගානක් දෙවි දේවතාවුන් පැමිණ,
            අවසර යාන්ත්‍රික දේවතාවුණි, මේ ඔබ වහන්සේ මිනිස් ලොව ඉපදෙන්නට කාලයයි ලෙස මිනිස් ලෝකයේ ඉපැදෙන්නට ආරාධනා කළහ..
යාන්ත්‍රික දේවතාවා ඒකාලේ හෙන දරුණු ඩයල් එකක් ලූ
පිංතූරය මෙතනින්

            යාන්ත්‍රික දේවතාවා කල් යල් බලා මිනිස් ලොව ඉපැදෙමියි සිතා එසේමැයි කියා දේවතාවුන්ගේ ආරාධනය ඉවසා වදාළේය...

            ඉතින් යාන්ත්‍රික දේවතාවා ඊට ගැලපෙන පරිසර තත්ව පිරික්සන්නට පටන්ගත්හ..

01.කාලය:-
            යාන්ත්‍රිකයා දෙදා‍ස් පණහේ අදහස් තියෙන අනූව දශකයට අයත් එකෙකි.. යාන්ත්‍රිකයා ප්‍රිය කරන සිංදු පවා ඊට ගැලපෙන සේ වන්නේය.. ඒ නිසා ඌ දෙදාස් පණහට වැඩිය ජීවත් විය යුතුය.. තවද දෙදාහට කළින් ඉපදිය යුතුය.. මේ නිසා එකදාස් නමසිය අනූතුන යාන්ත්‍රික දේවතාවා විසින් සිලෙක්ට් කරන ලදි..

02.දීපය:-
            වමට බර ඩයල් එකක් නිසා ආසියාව සුදුසු යැයි තීරණය කලේය..
03.දේශය:-
අනාගතයේදී යාන්ත්‍රිකයා සිංහලෙන් බ්ලොගක් කොටන්නට පටන්ගන්නේය.. තවද පල් හෑලි ලියා අනුන්ගේ කාලයද කා දමන්නේය.. මේ නිසා සිංහල රටක ඉපැදිය යුතුය.. ඉතිං එහෙවු රටවල් ඇත්තේ එකක් නිසා ඉපැදෙන්නට ලංකාව තෝරා ගත්තේය..

04.කුලය:-
            යාන්ත්‍රික දේවතාවා මෙය සිලෙක්ට් කරන ලද්දේ මංගල යෝජනා තීරය කියවීමෙන් පසුවය... :)

05.මව:-
            සුදුස්සාට සුදුසු තැන දෙන යාන්ත්‍රික දේවතාවා, යාන්ත්‍රකයාගේ මව වීමට පෙර පින් ඇත්තියන්ගේ නම් ලිස්ට් එක පිරික්සන්නේ, යාන්ත්‍රිකයාගේ මව වීමට වැඩිම සුදුසුකම් ඇති අපේ අම්මාට ඒ චාන්ස් එක දීමට තීරණය කළේය..

06.පියා:-
            කළිං ආත්මෙ දෙයියො උණත් යාන්ත්‍රිකයාත් අවලං වීමට ඉඩ තිබෙන්නේය.. එසේ නොවී උගෙ අනාගතය හදන්නට ඉතා සුදුසු පිය වරයෙක් උවමණාය.. ඊට ගැලපෙන පෙර පින් ඇති පියෙක් යාන්ත්‍රික දේවතාවා තෝරා ගත්තේය..

07.සහොදර සහොදරියෝ:-
            සහෝදරයන් නම් අරහන්ය.. උන් එක්ක මරාගන්නවාට වඩා අනාගතයේ යාන්ත්‍රිකයාට වැඩ තිබෙන්නේය.. තව ඉස්කෝලෙ ගිහිං එනකොට හවස් වන්නේය.. ඉතිං ඒ අතරේ තමන්ගේ ඇඳුමක් මැද දීමට වත් සහෝදරියක් සුදුසුය.. අනික ඈ වැඩිමල් වූවොත් ඔක්කේම අබ්ලික්ය.. ඒ නිසා යාන්ත්‍රිකයාට වඩා බාල විය යුතුය.. තවද තනි සොයුරියක් සිටියොත් ඈ ආරක්ෂා කිරීමට අමතරව තවත් දෙයක් යාන්ත්‍රිකයාට නැති වන්නේය.. ඒ නිසා එක වගේ ඉහත ගුණ ඇති සොයුරියන් ඩබලක් ඉතා අගනේය.. මෙසේ සිතූ යාන්ත්‍රික දේවතාවා පෙර පින් ඇත්තියන් අතරින් ඉහළින්ම සිටි දෙදෙනෙක් ස්වකීය කිඹුල් සොහොයුරියන් ලෙස සුදුසුයැයි සටහන් කරගත්තේය...

08.ආගම:-
            යථාර්ථයට මුල් තැන දෙමින් ගැඹුරු සහ පෙර ප්‍රාර්ථනා පරිදි බුදු දහම තෝරා ගත්හ...

09.පාසල:-
            පාසල් කීපයකටම යාමට පිං කැර ඇති නිසා ඊට ඉඩ දීමට යාන්ත්‍රික දේවතාවා තීරණය කළේය..:) තවද යාන්ත්‍රිකයා කළිං ආත්ම වලදී ෆ්‍රී ටියුෂන් කර පිං සිදු කරගෙන තිබූ බැවින් සුපිරි ගුරුවරු සෙට් එකක් ලැබීමට නියමිතය.. ඒ අය පෙර ආත්ම වල යාන්ත්‍රිකයාගේ ගෝල බාලයින් වන්නේය.. මේවන විටත් මෙලොව එළිය දැක තිබූ ඒ අය අය කළ කරුම පටිසන් දීම් වශයෙන් ඔවුන්ට අති දුෂ්කර පාසලක් ඒ වනවිටත් ලැබී තිබුණේය.. අනුන්ගේ පවු ගෙවන්නට යාන්ත්‍රිකයාට සිදුවන්නේ මෙතනදීය.. මොනවා කරන්නටද කියා යාන්ත්‍රික දේවතාවා ඒ පාසල ඔහුගේ දෙවන පාසල ලෙස තෝරා ගන්නේය..
           
ඒත් යාන්ත්‍රික දේවතාවා පෙර කිසිම ආත්මයක පහත දැක්වෙන සබ්ජෙක්ට් ටික කිසිදු ගෝලයෙකුට උගන්වා නොතිබුණේය...
1.      මියුසික් (ඉංගිරිසියෙන් සංගීතය)
2.      කඩ්ඩ
3.      අයි.ටී
ඒ පව පළ දීමක් ලෙස මේ ආත්මයේදී යාන්ත්‍රිකයා කැමති වුවත් ඒවා
ඉගෙන ගන්නට නොලැබෙන්නේය.. ඒත් කළිං ආත්මයක සාධාරණව ලොකු ඉස්කෝලෙකට ළමයි දා දුන් පිණ පසුව පටිසන් දෙන්නේය..
           
            මෙසේ සලකා බැලූ දේවතාවා සුදුසු පාසල් හතරක් අනාගතය සඳහා තෝරා තබන ලද්දේය..

10.ග්‍රාමය:-
            අනාගතය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යනු දුටු දේවතාවා හුස්ම ගත හැකි පරිසරයක් සහිත කන්ද උඩරට ඩොටේ ග්‍රාමයක් වාසස්ථානය පිණිස තෝරා ගන්නේය.. නමුත් සෞඛ්‍යය ගැන පමණක් හිතා කළ ගොන්කමේ තරම පසුව යාන්ත්‍රික දේවතාවට වැටහෙන්නේය.. ක්ලාස් යාමේ පව පටිසන්දීමට පටන්ගත් පසු යාන්ත්‍රිකයාට දෙලොවම එපා වන්නේය..

-----------------------------------------------------
මෙසේ සියළු තේරීම් අවසානයේ යාන්ත්‍රිකයා කල් යල් බලා මිනිස් ලොව පිළිසිඳ ගත්තේය.. එයින් දසමසක් ගතවූ තැන චෑවු ගා මෙලොව උපත ලැබුවේය..

-------------------------------------------------------------------------------------
කෝ දැන් කට්ටියම මට ස්තූති කළානං..
මොකා... ඒ ඇයි කියලා අහන්නේ..? ඇයි මතක නැද්ද මේ ලෝකෙ බේරගත්තෙ මමනේ... ආ.. ඇයි නැද්ද කියන්නේ? මගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක් නොවුණානං බලන්න තිබුණා කට්ටිය අද ජීවත් වෙන හැටි... මගේ විශේෂ ඉල්ලීම පරිදි ආයුෂ පවත්වාගතයුතු නිසා තමයි ලෝක විනාසෙ කල් දාන්න ලෝක පාලක දෙයියො එකඟ වුණේ.....
හරී.... ඉතිං ඒකෙ ගෞරවේ මංම භාරගන්නංකෝ........8-}

49 comments:

  1. වෙන මොකුත් තිබුනෙම නැද්ද?...තෝරාගන්න

    ReplyDelete
    Replies
    1. ම්......... විනාඩියකින් මතක් කරල කියන්නම්..

      Delete
  2. අම්මටසිරි මූ හිටපු දෙයියෙක්නේ..
    හිටපු දෙයියෙක් වෙලත් අපිට දිව්‍යෙලාකෙ යන්න තිබ්බ චාන්ස් එක කෑවනේ..චික්.. කැතයි ඈ.. මම ලෝක විනාසේ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද..

    මේ හෙට අනිද්දට තව එකක් සෙට් කරන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම ඉටුකළ නොහැකිය.... සොරිය.. මට දිවිය ලෝකෙ ඉඳලම එපා වෙලා තියෙන්නෙ.. මේ ලෝකෙවත් අවුරුදු හැත්තෑපහක් ඉන්න කියල හිටියම ඒකත් කන්න හදනවා..

      Delete
  3. //යාන්ත්‍රිකයාට වඩා බාල ස්වකීය කිඹුල් සොහොයුරියන්// ඉන්නවලු නේද... එහෙනම් අපිටත් පොඩ්ඩක් හිතල බලන්න පුළුවන්.... හිකිස්ස්

    ReplyDelete
    Replies
    1. මෙච්චර දිග පෝස්ට් එකේ උම දැක්කෙ ඔයටික විතරද?

      Delete
    2. අඩේ මමත් මේකෙ දැකපු වැදගත්ම කොටස ඕකමයි (දිව දොට්ට)
      @පෙට්ටියේ අධිපති සහ මම යාන්ත්‍රික දේවතාවාගේ අතවැසියන් වනු කැමැත්තෙමු.. හි හි

      Delete
    3. අඩේ ස්කූල් බස්එකේ වෙච්ච සීන් මෙතන වෙන්ඩයි යන්නේ.....:((

      Delete
    4. අඩේ හොදා හොඳ මස්සිනාල දෙන්නෙක් යාන්ත්‍රිකයට සෙට් වෙන්නයි යන්නේ.

      Delete
    5. හේ හේ යසියා... කවද්ද අපි යන්නෙ... රවුමක් දාල එමු නේද ?

      මරු මරු. මස්සිනාල තුන් දෙනාම "බ්ලොග් අවකාශයේ මිතුරෝ"

      Delete
    6. එනවනං වරෙං දවසක් කියල... මොකද මට එතකොට හැංගුවැකිනේ...

      Delete
    7. එහෙම කියන්න එපා. අනික හදිස්සියකුත් නැහැනේ. කාලෙ ආපුවහම කතා කරල බලමු. අපි හොඳ කොල්ලොනේ.

      Delete
  4. උඹ ඔය බැලුම් වලට බැළුවෙ නැද්ද තමන්ට අනාගතේ ලැබීමට නියමිත දෙමස්සිනාවරු ගැන.. හිකිස්..

    //ඇයි මතක නැද්ද මේ ලෝකෙ බේරගත්තෙ මමනේ..//

    සිරාවට ?? මොකටද යකෝ බේර ගත්තෙ.. මගේ දිවියලෝකෙ යන්න තිබ්බ චාන්ස් එකත් කෑවා.. ඉරිසියාව

    ReplyDelete
    Replies
    1. උඹට චාන්ස් දීල මට මේලෝකෙ ඉන්න තියෙන චාන්ස් එක නැති කරගනිංකො.. :P

      Delete
  5. හි හි.. මං හිතුවා මෙහෙම එකක් ලියයි කියලා.... දැං ඉතිං නංගිලව පරිස්සම් කරපං... හොඳ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඇදගෙන නෑම් හිරූ අක්කෝ.... :(

      Delete
    2. හහ්.. හිරූ අක්කට ඉරිසියාව. අපි හැමෝම සහෝදර සහෝදරියො.. ඉතිං අපේ කොල්ලෙක්ගෙ සහෝදරියො අපේ සහෝදරියො තමයි.. හි හි

      Delete
    3. අම්මපා... දෙනවනං දෙන්නෙ මටත් මොනවහරි දෙනවනං...:)

      Delete
    4. ඉතිං බං යසියටත් නංගියෙක් ඉන්නවනේ

      Delete
    5. ඒ නං සලකා බැලුවැකි...:)
      ඒත් මගේ කරුමෙටවත් ඒත් චූටි නංගියෙක්වත් උණොත්...:(

      Delete
    6. අපොයි. නංගිව දුන්නොත් විතරමද සලකල බලන්නෙ. එහෙනම් ඉතින් සීමා සහිත වෙනව. අකමැතියි අනිවා... :(

      Delete
    7. ඇයි යකෝ.... මුං මගෙංමනෙ කඩාගන්න බලන්නේ.. ඒකත් නිකංම..
      ඒම පුළුවනෑ...

      Delete
    8. එහෙම කියන්න එපෝ.. හරි හරි අයියා. දැන් ඔය කතාව නවත්වමු. ( නංගි මට ඈහ් :) )

      Delete
  6. අපොයි...මුටත් හිතෙන දේවල්..... හැබැයි මලේ ලෙසටම ලියා ඇත.... අර කෙල්ලෝ දෙන්නව දැන් පරිස්සම් කර ගන්න වෙයි..... හික්......

    ReplyDelete
    Replies
    1. ඈබං සමනලියෝ ගැන බැලුම් බැලුවෙ නැද්ද ඒ දවස්වල

      Delete
    2. @සමනලී,
      අනිවා... දැඩි ආරක්ෂක විධිවිධාන යොදන්න වෙයි...

      @නලින් අයියා
      ඒ දවස්වල කියන්නෙ ඉතිං එච්චර කාලෙකුත් නෑ.. ඔය සමනලී අක්කටත් අක්ක කියුවට ඇන්ටියෙක්ද කොහෙද..:)

      Delete
    3. මේ මොහොතේ සමනලීගේ රතුවුණ මුහුණ දැකීමට කැමැත්තෙමි.. :D

      Delete
  7. ස්තුති වේවා
    අද උපන්දිනේද? එහෙනම් සුභ උපන් දිනයක් සහෝ
    ඈ උඹ 93ද? මට වඩා අවුරුද්දක් බාලයිනේ හූ ඈ පොඩි එකා!

    ReplyDelete
    Replies
    1. උපන්දිනේ නෙමෙයි බං... ෆන් එකට ලියුවේ...
      එතකොට නිසාන් අවුරුද්දකින් අයියා...
      හා.. අයියා...

      Delete
  8. මලේ මෙන්න මෙතැන නම් උපහාසය ඉස්තරම් //03.දේශය:-
    අනාගතයේදී යාන්ත්‍රිකයා සිංහලෙන් බ්ලොගක් කොටන්නට පටන්ගන්නේය.. තවද පල් හෑලි ලියා අනුන්ගේ කාලයද කා දමන්නේය.. මේ නිසා සිංහල රටක ඉපැදිය යුතුය.. ඉතිං එහෙවු රටවල් ඇත්තේ එකක් නිසා ඉපැදෙන්නට ලංකාව තෝරා ගත්තේය..//
    බොහොම හොද දක්ෂ නිර්මාණාත්මක පෝස්ටුවක් මලයා.

    ReplyDelete
    Replies
    1. අනේ නිකං ඉන්න......... මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ...:)

      Delete
  9. අමුතු දේවල් ගැන ලියනවාට මම නම් ලයික්... තව ටිකක් අකුරු ලොකු කරනවා නම් තවත් ලයික්...

    ReplyDelete
    Replies
    1. ක්‍රමේ හොයාගත්ත ගමන් අකුරු ලොකු කරන්නම්...

      Delete
    2. Dashboard - Template - Customize - Advance

      ඔතනට ගියාට පස්සෙ අකුරු ලොකු කරගන්න පුලුවන්...

      Delete
    3. වැඩේ හරි....
      තැංකියු සිරා අයියා ක්‍රමේ කියල දුන්නට..
      එකපාරම බෑනේ.. ටික ටික එපෑ ඉගෙන ගන්න... :)

      Delete
  10. මං දාපු කමෙන්ට් එක කොහෙද ගියේ.. මොඩරේට් කරල ද..?

    ReplyDelete
    Replies
    1. නෑනේ. වෙන මොකක්ද වෙලා..
      මරු බැලුම් ටික... අනිත් දෙවිවරු කියන්න ඇත්තේ "මෙහෙ හිටිය ඇති.. දැන් වත් පල.." කියල වෙන්න ඇති..

      එළකිරි පෝස්ට් එකක් දෙයියෝ..:D

      Delete
    2. සඳ බොඳවෙයි.... එහේ තමයි යාන්ත්‍රිකයට සුපිරි සැලකුම්... මෙහේ කොහෙද අපිව ගනන්ගන්නෙත් නෑනේ.. :(

      Delete
  11. හේහේ..දස මහ බැලුම්....පට්ට පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕමයි ප්ලෑන් කරල ඉපදෙන්නේ...:))

      Delete
  12. 11වෙනි එකත් බලකො, බොට ගැලපෙන මසිනා කෙනෙක්,
    නැත්නම් නගාල පවුනෙ.

    එව්ව නැතත් කමක් නෑ. මොබයිල් ව(ර්)ෂන් එකේ විචාර තීරුවේ පාට වෙනස් කරපන්. පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැං පරක්කු වැඩී සහෝ... ඒ කාලෙ නං බලන්න තිබුණා.. දැං දේව බල නැත...:(

      මොබයිල් වර්ෂන්... අනේ මංදා..

      Delete
  13. දෙයියනේ....අකුරු පොඩ්ඩක් ලොකු කරොත් නරකද??

    ReplyDelete
    Replies
    1. දෙයියනේ නෙමෙයි සාදු සාදු කියන්න...
      අකුරු ලොකු කරන්නම්..

      Delete
  14. එතකොට යාන්ත්රිකයාට සුදුසු යාන්ත්රිකාවක් හොයාගන්න අදහස් කරන්නේ මොන ග්‍රහ ලෝකයෙන්ද?

    අර හෙඩින් එකේ තියන 'යාන්ත්‍රික සිතක අමරණීය සිතවිලි සමුදාය' කියන වැකියේ සිතවිලි වෙනුවට සිතුවිලි කියා යෙදීම වඩාත් හොඳයි නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒකට තව කල් යයි විචාරක තුමා...
      මොකද තව ටික කාලයක් හැපී එකේ ඉන්න ඕන...:)
      ඔය හෙඩින් එක හැදුවෙත් මම.. ඒත් ඕක දැක්කෙත් අද.. පුළුවන්තරම් ඉක්මණට හදන්නම්...

      Delete
  15. යාන්ත්‍රික දේවතාවා මෙය සිලෙක්ට් කරන ලද්දේ මංගල යෝජනා තීරය කියවීමෙන් පසුවය... :)
    :Dමෙයාත් හිතන දේවල් ...හි හි ....

    ReplyDelete