Pages

Tuesday, January 22, 2013

ඒ ලෙවල් කරපු උන්ට....** යාන්ත්‍ර මන්ත්‍ර රාජයා**

     ඕං ග්‍රීං ශ්‍රීං.............. ඒස්වා හඃ.....

     නමො නමෝ වයිමා දිව්‍ය රාජායා  ඕං නමෝ ඒස්වා හඃ.....

     පස්වාන් දහසකට ආයි බෝවා... ආයි බෝවා.....ආයි බෝවා.... මේ අත් භවේක කරන ලද්දා වූ ඕනැම කුසල කරුමයක් පළ දේවා.. සියළු පින් අත් වේවා... මෙවන් දුකක් වනේ වන සතෙකුට අත් නොවේවා..

     අවසර ආයිබෝවන්ඩ දේවතාවුන් වහන්ස... මේ ගැත්තා කරන ලද්දාවූ අකුසල කරුමයක් පටිසන් දෙවන්ට පටන්ගෙන ඒවා... නවත්වා වදාරන්ඩ හොඳයි.. මේ අවුරුද්දට විතරක් ජනවාරි තිහක් ලබා නොදෙන්ඩ හොඳයි කරුණා කරන්ඩ දේවතාවුන් වහන්ස...

පිංතූරය ඉස්සුවේ මෙතනින් දේවතාවුන් වහන්ස...




     මේ ගැත්තා කරන ලද්දාවූ අකුසලය නිසා මේ අත් භවයම විඳවන්ට නියමිතයි දේවතාවුන් වහන්ස.. එයින් මේ ගැත්තා ගලවා දෙවන්ඩ හොඳයි.. තවද මාතෘ දිව්‍ය පුත්‍රයාගෙන් මේ තිහෙන් පසු ලබන්නට නියමිත අතුරු අන්ත්‍රා වලින් මුදවා දෙවන්න හොඳයි දේවතාව්න් වහන්ස..

    දෑවුරුද්දක්ම පිච්චියටම කෙලවගෙන එකම ඩෙනිම ඇඳගෙන කන ලද්දාවූ කට්ට නැවත නොකන්නට වැඩ සලසා දෙනු මැනවි දේවතාවුනි... එකල්ලත් හදිසියේ හරි මොකක් හරි විස්සොවිද්දියාලෙකට වැටිල ගුටි කන්න හේතු නොවන්නයි දේවතාවුන් වහන්ස... තවද දේවතාවුනි හෙට අනිද්දා වැළ‍ඳෙන්නට නියමිත උණ සෙම්පරතිශ්‍යාව අන්තිම දරුණු තත්වයකට පත් කරදී ඒ අයුරින් හෝ ගෙදරින් ඇතිවන්නට නියමිත අතුරු ආන්ත්‍රා වලින් ආරක්ෂා කර දෙන්නයි දේවතාවුන් වහන්ස......

     තව වතාවක් කට්ට කන්න උණොත් තව එක ඩෙනිම් කෑල්ලක් ලබා දෙන්න කරුණා කරන්න දේවතාවුන් වහන්ස.. තවද නිවාඩු පාඩුවේ ගෙදර ඉන්ඩත් එක දොහක් වත් ලබා දෙන්නයි දේවතාවුන් වහන්ස....................

    නම්බුකාර විදියට සෙකන්ඩ් ෂයි එකක් කොරන්ට කෙමට අඩුම තරමේ සී එකක් වත් ලබා දෙන්න දෙවි හාමුදුරුවන් වහන්ස.... පාරක බැහැල යන්න පුළුවන් තත්වයක් තිහෙන් පස්සෙ උදා කරල දෙන්නයි දේවතාවුන් වහන්ස....

    ඊට පස්සෙත් එන රිසාල්ටුව හරියට ලබා දෙන්ට ඔබ වහන්සේව අදහන අධ්‍යාපන උන්නාන්සේලාගේ ඇස් අරවන්නයි දේවතාවුන් වහන්ස...  අපි පවුය දේවතාවුන් වහන්ස......

    මේ බලු ගැත්තා මොකක්දෝ කරපු පවකට දෙ‍දාස් දොළහේම ඒ ලෙවල් කොරන්ට හිටියා වෙච්චි දේ වුණා කියලා මතු  මොන ආත්මෙක වත් ඒ ලෙවල් නැති රටක උපදින්ට වරම් දෙන්නයි දේවතාවුන් වහන්ස.....

    සාධු........... සාධු............ සාධූ...................................!!!!
   

Sunday, January 13, 2013

පාසල් සේවය

යාන්ත්‍රිකයා ඉස්කෝලෙ ගියේ ස්කූල් සර්විස් එහෙකලුනේ.. ඕක සිවිලියන් වර්ගයේ පෙනුම තිබුණු බස් එකක්.. යාන්ත්‍රිකයගේ ගෙදර ඉඳල නුවරට යන්න පැය දෙකහමාරක් විතර යන නිසා පාන්දර පහට ස්කූල් බස් එකට යන්න ඕන.. බස් එකට නගින පාරට යන්න ඊට විනාඩි පහකට කළින්වත් යන්න ඕන..

යාන්ත්‍රිකයගෙ ගමේ ඉඳල ඔය බස් එකේ ගියේ දෙන්නයි ලු.. ඒ මමයි අඹනේ මලයයි විතරයි.. අනික් වුන් ඔක්කොම පැටවෙන්නෙ කිලෝමීටර තුන හතරක් ගියහම......

බස් එකේ කොල්ලො සංයුතිය මෙහෙමයි..
            අපේ ඉස්කෝලෙ දෙන්නයි.. මමයි අඹනේ මලයයි විතරයි (මේ මල්ලි ගේ වාසගමලු)
            බටයගෙ ඉස්කෝලෙ දෙන්නයි....බටයයි අඹනේ මලයගෙ පංතියෙ එකයි (අධික ස්ථුල භාවය නිසා අපි තඩිය කියමු..)..
            විද්‍යාර්ථ සෙට් එකේ දිල්ශානුයි චතුරංගයයි...
            චන්දානන්දෙ පොඩි එකා... සුපිරි කොල්ලා..
            වැදගත්ම පොර බස් එකේ ඩ්‍රයිවර් චන්දන

        තව පොඩි පොඩි වුන් ටිකක් හිටියත් උන් එච්චර වැදගත් නෑ...

අපි බස් එකේ ඉස්සරහ ගියේ බටයගෙ උවමනාවටලූ... ඈ.. :)

යාන්ත්‍රිකයගෙ අසීමිත විනය සහ බටයට නැති විනය හිංදා බස් එකේ යාන්ත්‍රිකයට අසීමිත බලතල තිබුණලු.. උදාහරණ විදියට රේඩියෝව පාලනය කිරීමේ බලතල.. ආසන බෙදා දීමේ බලතල..

ඕව ඉතිං පාවිච්චි කළේ මට වඩා බටය.. ඌ කරන ඕනම ගොං වැඩක් මමත් ඉතිං බලතල පාවිච්චි කරල නිශේධනය කරල දෙනවලු...

මේ ඒ බස් එකේ වෙච්චි කතන්දර කීපයක්..

පොල් ගෙඩිය.


ස්කූල් බස් එක ප්‍රධාන පාරට අමතරව කඳුරට සඳැල්ල කියන පෞද්ගලික නිවාස යෝජනා ක්‍රමේටත් ඇතුල් වෙනව දොස්තර නංගිලා දෙන්නෙක් ගන්න.. බස් එක හරවන්නෙ ඔය කියන නංගිලා දෙන්නගෙ ගේ ළඟලු...

දවසක් ඔතන පොල් ගෙඩියක් වැටිල තියෙනව දරැක්කෙ මේ යාන්ත්‍රිකයා බස් එක හරවනකොට පිටිපස්ස බලද්දී..

යාන්ත්‍රිකයා:- චන්දන අයියා.. පොල් ගෙඩියක් පාරෙ..

චන්දන:- ඒ මල්ලි.. අරක ගනිංකෝ..

තඩි මල්ලි:- පිස්සු හැදෙයි.. මටනං බෑ..

චතුරංගයා:- ඒ චන්දන අයියා.. මං කියන්නද?.. අපි බස් එක පොල් ගෙඩිය කවර් වෙන්න නවත්තමු.. ඒ අතරෙ මූ බැහැල ගයි..

යාන්ත්‍රිකයා:- ඔවු මල්ලි.. උඹ ගිහිං ගනිං.. ඔතනිං බහින්නත් ලේසියි නේ.. අපරාදෙනෙ බං මග දාල යන්නේ.. හැබැයි පජාත නැතුව ගනිං ඈ.. ඉස්සරහ ගෙදර මිනිස්සු එළියේ..

චතුරංගයා:- චන්දන අයියා.. ඕක පස්සට අරං පොල් ගෙඩිය කවර් වෙන්න නවත්තනවා..
හරි මල්ලි ගිහිං ගනිං..

(පොඩි එකා බැස්සා.. පොල්ගෙඩිය අතට ගත්තා...)

බටයා:- චන්දන අයියා වීල් එකක්.. පොඩ්ඩක් ඉඩ දෙනවා..

බස් එක ඉස්සරහට කළා...අපේ මලයයි ඉස්සරහගෙදර මිනිස්සුයි ගල් ගැහිලා.. අපි සීට් එක අස්සෙ..
පිංතූරය මෙතනින්

උපකාරය


නිවාඩු දෙන දවස = ජල දිනේ

එහෙම කියුවෙ ජීවිතේට නාපු නැති උන්ටත් එදාට නාගන්න වෙන නිසා.. මේ ජල ප්‍රහාර අන්තර පාසල් බස් රථ දක්වා දුරදිග යනවා.. නිලාගෙ බස් එකත් ජීවිතේට තොප්පිය හෝදන්නැති තොප්පියාගෙ වෑන් එකත් අපේ අහල පහල ගම් වලින් එන ස්කූල් සර්විස්..

මේත් අන්තිම දවසක්..

අපි ලෑස්තිවෙලා හිටියේ ප්‍රබල ජල ප්‍රහාරෙකට.. බැලුම් වලටයි සිලි බෑග් වලටයි පුදුම කැපවීමකින් වතුර පුරවගෙන ආවෙ..

"නිලාගෙ බස් එක හන්දියක නවත්තලාලු.. ටයරෙ පැච් එකක් වත් වෙන්නැති." ඒ චන්දන

බටයා:- බැහැල හෙල්ප් එකක් දෙමු.. (ගෑනු ළමයින්ට බොක්කෙන්ම උදවු කරන බටය ඉදිරිපතු වුණා.)

යාන්ත්‍රිකයා:-මට බෑ..

දිල්ෂාන්:-උඹ ඉඳපං.. අපි යනව..

යාන්ත්‍රිකයා:- මමයි අඹනේ මලයයි ඒන්නෑ..

අඹනේ පොඩි එකා:- අයියා මාත් යන්නං..

යාන්ත්‍රිකයා:- උඹට මං කියන්නෑ.. මට දුර පේන හිංදා කියන්නේ..(බොරු මොකටද? මට ඇත්තටම දුර පෙනුනා.. උදේ නිලාගෙ බස් එකේ හිටපු එක කොල්ලෙක් වත් දැන් පේන්න නෑ.. කෙල්ලො ටික විතරක් බස් එක වට කරගෙන.. නිසා පුරෝගාමියා වගේ හිටගෙන..)

යාන්ත්‍රිකයා:- මල්ලි ජනේලෙ වහපං..

බටයා:-උඹ වහන්න එපා..

යාන්ත්‍රිකයා:- වහපා...........න්

පොඩි එකා:- අනේ අයියා.... මට ඉතින් ඉස්කෝලෙදි හෙල්ප් එකක් වත් ගන්න ඉන්නෙත් යාන්ත්‍රිකයා අයියා විතරනේ.. ඔන්න ඔහේ වහමු... අනික ඔයාල දැන් නිලාගෙ සප් එකට යනවනේ..
(දැක්කද බලය පාවිච්චි කරන විදිය)

යාන්ත්‍රිකයා:- චන්දන අයියා ඔය ජනේලෙත් වහගමුද?..

චන්දන:-උඹට සන්නියද බං..?

යාන්ත්‍රිකයා:- සන්නිය හැදෙන්න කළිං තමයි වහමු කියුවේ..
මං කොහොම හරි මගේ අහල පහල ජනේල ටික වහගත්තා.. මෙහෙයුමට මං රෙඩී..

නිලාගෙ බස්එක ළඟ නතර කරන්න චන්දන බස් එක ස්ලෝ කළා..  බස් එක කවර් කරගෙන හිටපු නිලාගෙ කෙල්ලො ටික අයින් වෙනකොටම මෙන්න හිටපු කොල්ලො මතු වෙලා ජල ප්‍රහාරයක් දියත් කළා..

දැං ඉතිං ස්පීඩ් කරල පජාත නොවී ඔහොම්මම යං..

හූ හඬ මැද්දේ එසේ අපි පළා ගියා..




අතුරු ඵල:-
චන්දනගෙ බස් එක නොමිලේ හෝදගන්න ලැබුණා.. මායි අඹනෙ පොඩි එකයි හැර අනික් වුන් ඔක්කොම තෙමුණා..








Thursday, January 10, 2013

A වලින් දැනුම මනින්න පුළුවන් ද?



 
             ඕ ලෙවල් ලියපු පොඩි එකෙක් ගෙන් රිසාල්ට් ආවහම ඉස්සරවෙලාම අහන්නේ මොකක් ද?
            පුතා.. ඒ කීයද?
            ගණං කොහොමද?

මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒ ප්‍රශ්නෙ ගැන.. ඒ වලින් ළමයින්ගෙ දැනුම මණින්න පුළුවන්ද?
            උත්තරය පුළුවන්...

එතකොට මේ ඒ ක්‍රමේ සාධාරණ ද?
            උත්තරය නෑ...

ඒ වලින් දැනුම මනින්න පුළුවන් නම් දැන් තියන ක්‍රමේ සාධාරණ නැත්තෙ ඇයි...???

            මේ බලන්න... මේ බ්ලොග් ලියන කියවන වැඩි දෙනෙක් ටවුමෙ ලොකු ලොකු ඉස්කෝල වල ගිහිං තියෙන නිසා ඒ ප්‍රශ්නෙ එන්න නැතුව ඇති... ඒත් මේ ඒ වලින් රිසාට් බලන ක්‍රමේ අසාධාරණයි කියන්නේ ගමේ ඉගන ගත්තු ළමයින්ට..

            මං මුලින් ඉස්කෝලෙ ගිය හද්ද වන්නියක තියෙන කොළබිස්ස කණිෂ්ඨ විද්‍යාලය මං මෙතනදි උදාහරණෙට අරගන්නව..(කාට හරි ප්‍රශ්නයක් නම් මං එකක් උදාහරණෙට අරගෙන සමස්ථය ගැන කතා කරනව කියල ඒ අයට උදාහරණ ඕන තරම් දෙන්න තියෙනව..)

            ඇත්තටම ළමයෙක්ගෙ ඕලෙවල් රිසාල්ට් එකට (අනෙක් සියළු විභාග සඳහා පොදුයි.) බලපාන කරුණු කීපයක් තියෙනව..

1.      ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම
2.      ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම
3.      තරඟකාරීත්වය
4.      තෝරා ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)

රයිට්... අපි මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරමු..

01. ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම...

           
            මේ අංක එක... මොන දේ තිබුණත් වැඩක් නෑ මේක දශමයක් වත් නැත්තම්.. උදාහරණයක් විදියට මම ඕ ලෙවල් ලියපු කාලෙ  නුවර මං ඒ ලෙවල් ලියපු ඉස්කෝලෙ සීයට අටක් ඕ ලෙවල් ෆේල් ‍...
 පින්තූරය මෙතනින්
            දැං ඔයාට හිතෙයි සීයට අටක් කියන්නෙ මොකක්ද කියල.. සීයට අටක් කියන්නෙ ළමයි දෙසියකින් ළමයි දාසයක්.... හැම පහසුකමක්ම තිබිල ( ඒ කියන්නෙ අඩුම තරමෙ මිදුල අතුගාන්න වත් මේ ළමයින්ට නෑ.. ඒකටත් සේවකයො ඉන්නව.) අළුත්ම පොත්පත් ඇඳුම් හැම දෙයක්ම මදිවට මේවගෙ ඉගෙන ගන්නෙ උපරිමේටම සල්ලි තියෙන දෙමවුපියන්ගෙ දරුවො.. ඉතින් මේකට එකම හේතුව කැපවීම නෙමෙයිද?

            මං ගිය හද්ද වන්නියේ ඉස්කෝලෙ සීයට දහයක් පේල්.... ඇස් උඩ ගියා නේද?...... සීයට දහයක් කියන්නෙ එක ළමයෙක්.. මොකද අපෙ පන්තියේ හිටියෙ ළමයි දහයයි..

            මේකෙන් පේනව මොනදේ තිබුණත් වැඩක් නෑ කැපවීම නිත්තම් කියල..

ඊ ළඟට බුද්ධිමත් කම...

            කියන්නම ඕන මේ වගේ ළමයි ඉන්නෙත් ටවුමෙ ඉස්කෝල වල කියල.. ගමේ ඉස්කෝල වල ඉන්නෙ අසීමිතවය කැපවෙන බුද්ධිමත් බව තරමක් අඩු ළමයි..

            හොඳම උදාහරණෙ අපේ බටයා... සම්මතේට පොතක් අල්ලපු නැති ‍මෙයා ඕලෙවල් ඒ හයයි බී තුනයි.. ඔක්කොම හිතල තියෙන්නෙ මේක ෆේල් වෙයි කියල..

02. ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම...


            ගුරුවරු කොච්චර ඉගෙනගෙන තියනවද කියන එක මෙතනට අදාල නෑ... ළමයට ග්‍රහණය කරගන්න පුළුවන් විදියට උගන්නන්න පුළුවන් වෙන එක ප්‍රමාණවත්.. මගේ වාසනාවට මට කොළබිස්සෙදි ඒ වගේ ගුරුවරු ටික දෙනෙක් ලැබුණ..

            ඒත් අවාසනාව කියන්නෙ මේ වගේ ඉස්කෝල වලට ගුරුවරු නැති එක.. පන්ති එකොළහක් තිබුණු කොළබිස්සට හිටියෙ ගුරුවරු දාසයයි.. (විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ඇතුළුව)

            අපේ ඉස්කෝලෙට විතරක් නෙමෙයි.. අහල පහල හැම ඉස්කෝලෙකටම මේ ප්‍රශ්නෙ මෙහෙම්මම තිබුණ.. තියෙනව..

            නුවර හැම ඉස්කෝලෙකටම අතිරික්ත ගුරුවරු විසි පහක් තිහක් ඉන්නව..

03.තරඟකාරීත්වය...


            මේක බලපාන්නෙ කොහොමද?
           
            ටවුමෙ ඉස්කෝල වල පළවෙනියගෙ සහ දහවෙනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු උපරිමව විස්සක් විතර... ගමේ ඉස්කෝලෙක පළවෙනියගෙ දෙවනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු තිහක් හතළිහක්..

            මේක බලපාන්නෙ මෙහෙමයි.. දෙවනියා පළවෙනියට වඩා ලකුණු තුන හතරකිවන් නම් අඩු, පළවෙනියා ඊළඟ වතාවේ මීට වඩා ලොකු තරඟයක් දීල එක වෙන්නයි බලන්නෙ.. ඉතින් එතකොට නිකන්ම වගේ අයිලන්ඩ් රෑන්ක් එකක් ගානට ලකුණු වැඩි වෙනව..

            හැබැයි පළවෙනියගෙ දෙවනියගෙ ලකුණු පරතරය තිහක් තිස්පහක් නම්, පළවෙනියට ඒ ප්‍රශ්න නෑ.. පාඩුවේ ඉඳල පාස් වෙන්න බලනව.. ඉතින් පළවෙනිය හැමදාම පළවෙනිය... දෙවනිය හැමදාම දෙවනිය..

            මේ ලකුණු වලින් කවදාවත් ඒ පහ හයකට වඩා යන්න බෑ..... ඒක තමයි තිත්ත ඇත්ත.. මේකට වැරදි ළමයි නෙමෙයි..

            මට ඕ ලෙවල් වලට ගණන් වලට තියෙන්නෙ බී එකක්... මොකද මට ඒ එකක් ගන්න ඕන උනේ නෑ.. මං හිතාගෙන හිටියෙ ඒ නමයක් ගන්නේ  ලංකාවෙ පළවෙනිය දෙවනිය විතරයි කියල.. මොකද ඒ නමයක් ගත්ත ළමයි ගැන අහල්ල ලැබුණෙ එච්චරයි.. කවදාවත් මේ අහල ගම් හතක වත් ළමයෙක්ට ඒ නමයක් තිබිල නෑ.. ගණන් වලට ඒ තිබිල නෑ..

            ඔයා ගිය මාසෙ විතර රූපවාහිනියෙ ගිය ධාරා වැඩ සටහනට පෙන්නපු ඉස්කෝලෙ බැලුවනම් (අවාසනාවට මට ඒ ඉස්කෝලෙ නම මතක නෑ) අපෙ ගුරුවරු කවද්ද අපිට මෙහෙම ඉගැන්නුවේ කියල හිතෙයි.. ඒ තරමට ඉන්න ගුරුවරු හතර පස් දෙනා කැප වෙනව.. රෑ ක්ලා‍ස් කරල උගන්නනව..

            ඊට පස්සෙත් මෙතෙක් ඒ පාලලේ ලැබිච්ච වැඩිම රිසාල්ට් එක (හතයි පහක් වගේ මතක) ලැබුණ..

            ගුරුවරු සහ ළමයි මෙච්චර කැප වෙලත් ‍ඒ අටක නමයකට යන්න බැරිවුණේ ඇයි?
            උත්තරේ තරඟකාරීත්වයක් නැති වීම..

මම ඔට්ටුවක් අල්ලනව.. මෙතන ඉන්න ඒ අටක් නමයක් ගත්තු ඕන කෙනෙක්ට මේක විවෘතයි.. ඒ ඉස්කෝලෙ වැඩිම රිසාල්ට් එක අරගෙන පාස් වුණ මල්ලිවයි ඔයාවයි එකට එකම සිලබස් එකක් එකම විදියට උගන්නල තරඟයක් තිබ්බොත් 100% ෂුවර් ඒ මල්ලි දිනුවෙ නැතත් ඔයාට හිතාගන්න බැරි තරඟයක් දෙනව..

04. තෝරා ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)


            මේක ඒ වලට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

            අපි එක එක්ටකනා කැමති දේවල් වෙනයි.. මේ කාණ්ඩ විශයනුත් ඒ වගේ... තුන්දෙනෙක් කැමති විශයන් තුනකට..

            ඔයා කැමති දෙයක් ඉගෙන ගන්න තියෙනවනම්... ඒක කැමැත්තෙන්ම හොය හොය ඉගෙනගන්නව නේද? ඒත් ඔයාට කැමති දේ ඉගෙන ගන්න නැතිව වෙන කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න වෙනවනම්.... ඔයාට ඔයා කැමති විශයට ගන්න තිබ්බ රිසාට් එක ලැබෙයිද?

            අහන්න අකමැති වුණත් ඇත්ත මේකයි... වැඩි ඉස්කෝල ප්‍රමාණයකට අමතර විශයන් වලට තියා හර විශයන් වලට වත් ගුරුවරු නෑ.. ඉතින් ළමයින්ට සිද්ධ වෙනව තියෙන දේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඉගෙන ගන්න.. ඉතින් අපරාදෙ ඒ එකක් දෙකක් නැති වෙන එකයි වෙන්නෙ..

එහෙනම් මොනවද කරන්න පුළුවන්?....




01.ගුරුවරුන්ට ඕන විදියට නොව ක්‍රමත් ව ගුරු මාරු කිරීම් සිදු කිරීම

            මෙහෙම කළොත් හැම ඉස්කෝලෙකටම ගුරුවරයෙක් ලැබෙයි.. එතකොට වත් මේ ළමයින්ට සාධාරණයක් වෙයි..



02.හැම පාසලකම සම්පත් දියුණු කිරීම

            ටොයිලට් එකක් වත් නැති ඉස්කෝල අනන්තයි.. ඇස් පේන කවුරුහරි ඉන්නවන නම් මේ ගැන හොයල බැලුවොත් නරකද? මේ ළමයි ඉල්ලන්නෙ කොම්පියුටර් ලැප්ටොප් නෙමෙයි.. ටොයිලට් එකක්.. අබලන් ටොයිලට් එකට යන්න, කාල බොන්න වතුර ටිකක්...
 පින්තූරය මෙතනින්

ඔය එකක් වත් බැරිනම් මේක වත් කරන්න..

03.ඕ ලෙවල් ප්‍රථිඵල දිස්ත්‍රික් මට්ටමින් නොව පාසල් මට්ටමින් ලබා දීම


            මෙහෙම අසාධාරණයට ලක් වෙච්චි ළමයින්  සහ අතිශය සැප විඳින ළමයි එක ගොඩට දාල දැනුම මනින එක ගොං කමක් කියල මේක කියවන කොට ඕන කෙනෙක්ට තේරෙයි.. ඒ ළමයින්ට සාධාරණයක් කරන්න නම් ඒ ළමයින්ගෙ පාසලට සාපේක්ෂව රිසාල්ට් එක දෙන්න..

            මේ ගැන තව කියන්න ගොඩක් දේ තියෙනව.. ඒත් අද පෝස්ටුව දිග වැඩි වුණා..  කියන්න ඕන මේ පෝස්ට් එකට හේතුව ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු දැකපු එක.. මේක හදල තියෙන්නෙ කවදාවත් ගමේ පොඩි එකෙක්ට ටවුමක ඉස්කොලෙකට යන්න බැරි වෙන්න...  කොළඹ රෝයල් එකට කඩයිම් ලකුණු එකසිය අසූ ගානක්..

            මේ ක්‍රමේ ටවුමෙ ළමයි තවත් ලොකු ඉස්කෝල හොයන එක නවත්තන්න හොඳයි.. හැබැයි ගමේ ඉන්න බුද්දිමත් අහිංසකයින්ට ඉස්සරහට එන්න නොදෙන එකට මං එකහෙලාම විරුද්ධයි..

            මේ පෝස්ට් එක ලියුටෙ ටිකක් විතර ආවේගයෙන්.. උපරිමව කාටවත් අපහාසයක් නොවෙන්න ලියන්න උත්සාහ කළා..  ඒක වැරදුණා නම් සමාවෙන්න..

=============================================================
පහුගිය ටිකේ යාන්ත්‍රිකයා ආෆ්ටර් ඒ ලෙවල් බිස්නස් එකක් පටන්ගත්ත.. ඒ නිසා දැන් ටිකක් කාර්ය බහුලයි.. කීයක් හරි හොයල තියාගත්තම රිවිශන් යන්න වුණොත් පාවිච්චි කළෑකි කියලයි වැඩේට බැස්සේ..

ඒ නිසා ඩෑෂ් බෝඩ් එකට ලොග් වුණේ දවස් ගානකට පස්සෙ.. ගොඩක් ලිපි කියවන්නත් බරි වුණා.. ඒ ගැන සමාව ඉල්ලනවා.. ඉස්සරහටත් මේ වගේම බිසී වෙයි.. ඉස්සර වගේ ලිපි වැටෙන එකකුත් නෑ..... ඒකටත් සමාව ඉල්ලනවා..


Thursday, January 3, 2013

යාන්ත්‍රික ඉඟි වැකි




            යාන්ත්‍රික භාෂාව ටිකක් විතර වෙනස්.. නිතර අහන්න දකින්න නොලැබෙන වචන වගේම වැකි ඒ භාෂාවෙ ඇතුළත්.. මේ ඒවගේ ටිකක්.. ඔයාලගේ ඩික් එකටත් එකතු කරගන්න හොඳනම් විතරක්..

01.කට්ට කන්නාට මදය කෑමට ලැබේ..
හා නැද්ද මං අහන්නේ.. මදය කන්නනං කට්ට කන්නම වෙනවනේ.. මේක මට කියවෙන්නෙ ක්ලාස් සිහිවුණහම..

02.යකාගෙ ආණ්ඩුවේ පුතාගෙ ඇමතිකම වගේ..
            ඇමතිගෙ පුතා ඒම නං මෙයා කොහොම වෙයිද?
පිංතූරය මෙතනින්
03.බටයගෙ කෙල්ල වගේ..
            තේරුන්නෑනේ?.... ඒ කියන්නෙ හරියටම නිශ්චිත නෑ කියන එක... මොකද ‍මේ බටයට අවුරුදු පහකදී කෙල්ලො තිස් දෙකක් හිටිය.. දැං එකත් එක්ක තිස් තුනයි.. හැබැයි ඌ මීටරේ..

04.ප්‍රොපෙසර්ට වැරදුණු ප්‍රශ්න පත්තරේ වගෙ...
            ඇයි පහුගිය ෆිසික්ස් ප්‍රශ්න පත්තරයක්  ෆිසික්ස් රට වටේ කරකවල ටොං පචයක් දාල හදල තිබ්බේ... ඒක වැරදියි කියුවම ඒකටත් උත්තරයක් දුන්නනේ..ගණං පේපර් එකකටත් එහෙම කළා නේ.. ඉතිං  ඕන පැත්තකට හරවල දෙන්න පුළුවන් උත්තර තියෙන ඒවට මෙහෙම කියනව.. එදා ඉඳන් මේක යාන්ත්‍රිකයගෙ ඉඟි වැකියක්..

05.ඩේවිඩ් ප්‍රතිමාව සීගිරියට ගෙනාව වගේ..
            කොහොම තියෙයිද?.... ඩේවිඩ් ප්‍රතිමාවේ සුළු සුළු වෙනස්කම් එහෙමත් වෙයි නේහ්?....

06.මගේ කොම්පියුටරේ වගේ..
            නැති දේකුත් නෑ... ඇති දේකුත් නෑ...
පිංතූරම මෙතනින්
07.රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා අපෙ අප්පච්චිට මාමා කියුව වගේ..
            අන්ධ භූත මෝඩ කතාවක් දැක්වීම සඳහා යෙදේ.. 
            ඇත්තටම කියනවනම් රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා තමයි යාන්ත්‍රිකයා...:) 

        මේවා එකදිගට කල්පනා කරකර කියන ඒව නෙමෙයි... ක්ෂණිකව මොකක්  හරි වචනයකට මැදින් දාන්න යනකොට එළියට එන ඒව... අද තමයි මුල් වරට පෙළගස්වන ලද්දේ.... තව ඇති.. එකදිගට මතක්වෙන්නෙ නෑ..:(

------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?....... හරියටම දැනගන්න ෆිසික්ස් ලන්තෙ කියවන්න..

Friday, December 28, 2012

පවුකාර කුකුල් කකුල

           අපේ සයන්ස් වන් පන්තිය ඕනම කූට වැඩකට ඉතා ආරක්ෂාකාරී එකක් වේ. ප්‍රධාන ශාලාව අප පංතිය ආසන්නයේම පිහිටියත් පංතියේ දොර වැසූ පසු පංතිය ඇතුළේ කිසිදු ශබ්ධයක් පිටතට නොඇසේ.. ඉතින් මෙවැනි තැනකින් වැඩක් ගන්නේ අපි හැර වෙන කවුද?

      උදාහරණයක් ලෙස සමහර දිනවල ක්‍රිකට් සෙල්ලම් කළේද පන්තිය තුළය(මේ බොහෝ විට නිවාඩු දෙන දවසයි)..

     අද කතාව අපේ කෑම විනාඩි විස්ස ගැනයි.. අපේ කාල සටහනේ කාලය වෙන් කර තිබුණේ එක විෂයකට පීරියඩ් දෙක බැගිනි.. ඒ අනූව දවසකට විශයන් හතරකි.. සමහර දිනවල මුල් පීරියඩ් දෙක එක් විෂයකුත් ඉන් පසු ඊළඟ පීරියඩ් දෙක එම විශයේම ප්‍රැක්ටිකල් පීරියඩ් දෙකකුත් තිබුණි.. එවැනි දවසක අදාල විශයේ ගුරුතුමිය හෝ ගුරුතුමා නොපැමිණියොත්............................................................

      එවැනි දවසක මුලින්ම කරන්නේ ක්ලාස් එකෙන් දීතිබුණු ටියුට් එකේ වැඩ කිඩ කොටස අහවර කිරීමයි.. ඒ සඳහා පීරඩ් එකක් හෝ දෙකක් යොදාගනී.. ඉතිරි පීරඩ් දෙකේ පංතියේ මගුල් නටමු..

      මේ වැඩ වල දී අවුලක් නොවන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ අපේ පංතියේ නිසාය...

     අපිට ඉන්ටවල් දෙන්නේ දහයහමාරටයි.. එහෙත් උදේ නවය වන විට ආමාශයේ පණුවන් බ්‍රේක් ඩාන්ස් දැමීමට පටන්ගනී.. ‍ ඒ වෙලාවට මැඩම් හරි සර් හරි නොහිටියා නම්...........................................

      මේ එවැනි දවසකි.. පංතියේ මැඩම් ද නැත..
               "ඕන මගුලක් වෙන්න කියා කමු බං"
                     ඒ හෙඩාය...
 මේ වගේම  කුකුල් කකුලක් හැබැයි පවුකාරයි...... පිංතූරය මෙතනින්

    සාමාන්‍යයෙන් අපේ කෑම ගැනීමේ රටාව ඔක්කොම එකටය.. පංතියේ තිස් හයකි.. කණ්ඩායම් දෙකකට ආහාර ගනු ලැබේ.. ඩෙස් දෙකක් දාගත් අපි වෙන මගුලක් වෙන්න කියා කන්න පටන්ගතිමු.. සාමාන්‍යයෙන් පංතියේ වැඩිදෙනෙක් දතකාරයින් උණත් බහුතරයකගේ ප්‍රියතම ආහාර වේල පරිප්පු, බත් ,අල වැනි දේය.. ඒවා නැති දාට කන්න හිතෙන්නේද නැත.. විස්සක් එක්ක කන එකද ලේසි නැත.. වතුර බිබී හුස්ම අල්ල අල්ල කන්න ගියොත් සම්මජ්ජාතියට බත් කටක් වත් කන්න වෙන්නෙ නැත.. අත් හෝදන්න ගියොත් එනකොට මගේ කෑම එකත් ඉවරය... සෞඛ්‍ය බලබල කන්න නම් වෙන ක්‍රමයක් හොයා ගත යුතුය..

     මෙසේ පංතියම වන කරගෙන කන විට සාමාන්‍යයෙන් තමන්ගේ බත් එකේ මොනවද තියෙන්නේ කියා නොකියා සිටීම කාගෙත් සිරිත වන්නේ එය තමන්ගේ වාසියට ගැනීම සඳහාය.. උදාහරණයක් ලෙස මගේ බත් එකේ මාළු කෑල්ලක් තියෙනවනම් මං කරන්නේ ඒක මගේ පැත්තට හැරෙන විදියට කෑම එක දිගෑරීමය..

     මෙසේ පරිප්පුයි බතුයි කන අතරේ සමහර කෙනෙක් බිත්තරයක් මස් කෑල්ලක් මාළු කැල්ලක් බත්එකට දාගෙන එයි.. ඒවගේ මස් කෑල්ලක් මෙදිනද බත් එකක තිබුණි..

     ක්ෂණිකව ඒපැත්ත බලා මේ පැත්ත බලන විට බත් එක අතුරුදහන්ය.. ඒකෙ තිබුණු මස් කෑල්ලද අතුරුදහන්ය.. බත් එක පංතිය පුරාය.. පංතිය අතුගාන්න බලන විට බත් එකේ තිබිය යුතු මස් කෑල්ල කළු ලෑල්ල ගාවය...

    මේ වගේ තවත් දවසක ඉන්ටවල් එකට කළින් කා ප්‍රින්සිපල්ට මාට්ටු විය..
         "බලනව තමුසෙලා නිකං සත්තු වගේ... පංතිය සුද්ද කරල දානව.."
                     එකසිය ගාණට ගුටි බලාපොරොත්තුවෙන් සිටි අපට ලැබුණේ නොසිතූ පිළිතුරකි..ඒත් පංතිබාර මැඩම්ට ප්‍රින්සිපල් එකසිය ගාණට දෙහි කපා තිබුණි..

     ක්ලාස් එකේ කන කෑම මීට වඩා වෙනස් වන්නේ කණ්ඩායමේ සමාජිකයන් ගාන අඩුවන නිසාවෙනි.. දිග ඩෙස්වල දහයකට පහළොවකට කන්න නොහැකි නිසා පහක් හයක් බැගින් කණ්ඩායම් හැදේ... ඒත් අනිත් කණ්ඩායමක වත් කුකුල් කකුලක් තිබුණොත් සහ අපේ කවුරුහරි ඒක දැක්කොත්......
                        පවු.......අහිංසක කුකුලා....... මැරෙනකොටවත් එච්චර දුක් විඳින්න නැතුව ඇති............

    කෑම ගැන කියනකොට ම‍ගේ යාළුවා අමතක කරන්න බැරිය.. ඌට ගෙදරින් ලැබෙන්නේ රුපියල් සීයකි.. ඒ හරියටම නුවර ගොස් ආපසු ඒමටය.. ඒත් ඒ රුපියල් සීයෙන් රුපියල් හතළිස් පහක බස් එකේ ගිහින් තව සීයක කාල හතළිස් පහකින් ගෙදරත් එයි....ඊට පස්සෙ මටත් කන්න අරන් දෙයි...
-----------------------------------------------------------------------------------------------
පංතිභාර මැඩම් සහ ප්‍රින්සිපල් සර් ගැන වචනයක් නොකියන්නේ නම් ඒක ලොකු අඩුවකි.
පංතිභාර මැඩම් වයසින් පණහට වැඩි වුවත් අපේ කොල්ලොත් එක්ක හි‍ටියේ යාළුවෙක් වගේ.. ඒත් තමන් ගුරුවරියක් බව ඈ අමතක කලේ නෑ.. අපේ අදහස් වලට ඇහුම්කන් දුන්නා.. ඒ නිසා එතුමියට  කවුරුත් ගරු කළා..
  
විදුහල් පති තුමා මං දැකපු විශිෂ්ඨ පාලකයෙක්.. ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි ගුරුවරුන්වත් නියමෙටම පාලනය කරගෙන හිටිය.. ඒක ඉස්කෝලෙ බැබලෙන්නට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුළුවන්..

   


    

Sunday, December 23, 2012

යාන්ත්‍රික දේවතාවා බැලූ දසමහ බැලුම්



            යාන්ත්‍රික දේවතාවා නිම්මාණරතියේ සිට දිවැසින් මනුලොව දෙස බලා සිටින්නේ, තවත් සියදාස් ගානක් දෙවි දේවතාවුන් පැමිණ,
            “අවසර යාන්ත්‍රික දේවතාවුණි, මේ ඔබ වහන්සේ මිනිස් ලොව ඉපදෙන්නට කාලයයි” ලෙස මිනිස් ලෝකයේ ඉපැදෙන්නට ආරාධනා කළහ..
යාන්ත්‍රික දේවතාවා ඒකාලේ හෙන දරුණු ඩයල් එකක් ලූ
පිංතූරය මෙතනින්

            යාන්ත්‍රික දේවතාවා කල් යල් බලා මිනිස් ලොව ඉපැදෙමියි සිතා “එසේමැයි” කියා දේවතාවුන්ගේ ආරාධනය ඉවසා වදාළේය...

            ඉතින් යාන්ත්‍රික දේවතාවා ඊට ගැලපෙන පරිසර තත්ව පිරික්සන්නට පටන්ගත්හ..

01.කාලය:-
            යාන්ත්‍රිකයා දෙදා‍ස් පණහේ අදහස් තියෙන අනූව දශකයට අයත් එකෙකි.. යාන්ත්‍රිකයා ප්‍රිය කරන සිංදු පවා ඊට ගැලපෙන සේ වන්නේය.. ඒ නිසා ඌ දෙදාස් පණහට වැඩිය ජීවත් විය යුතුය.. තවද දෙදාහට කළින් ඉපදිය යුතුය.. මේ නිසා එකදාස් නමසිය අනූතුන යාන්ත්‍රික දේවතාවා විසින් සිලෙක්ට් කරන ලදි..

02.දීපය:-
            වමට බර ඩයල් එකක් නිසා ආසියාව සුදුසු යැයි තීරණය කලේය..
03.දේශය:-
අනාගතයේදී යාන්ත්‍රිකයා සිංහලෙන් බ්ලොගක් කොටන්නට පටන්ගන්නේය.. තවද පල් හෑලි ලියා අනුන්ගේ කාලයද කා දමන්නේය.. මේ නිසා සිංහල රටක ඉපැදිය යුතුය.. ඉතිං එහෙවු රටවල් ඇත්තේ එකක් නිසා ඉපැදෙන්නට ලංකාව තෝරා ගත්තේය..

04.කුලය:-
            යාන්ත්‍රික දේවතාවා මෙය සිලෙක්ට් කරන ලද්දේ මංගල යෝජනා තීරය කියවීමෙන් පසුවය... :)

05.මව:-
            සුදුස්සාට සුදුසු තැන දෙන යාන්ත්‍රික දේවතාවා, යාන්ත්‍රකයාගේ මව වීමට පෙර පින් ඇත්තියන්ගේ නම් ලිස්ට් එක පිරික්සන්නේ, යාන්ත්‍රිකයාගේ මව වීමට වැඩිම සුදුසුකම් ඇති අපේ අම්මාට ඒ චාන්ස් එක දීමට තීරණය කළේය..

06.පියා:-
            කළිං ආත්මෙ දෙයියො උණත් යාන්ත්‍රිකයාත් අවලං වීමට ඉඩ තිබෙන්නේය.. එසේ නොවී උගෙ අනාගතය හදන්නට ඉතා සුදුසු පිය වරයෙක් උවමණාය.. ඊට ගැලපෙන පෙර පින් ඇති පියෙක් යාන්ත්‍රික දේවතාවා තෝරා ගත්තේය..

07.සහොදර සහොදරියෝ:-
            සහෝදරයන් නම් අරහන්ය.. උන් එක්ක මරාගන්නවාට වඩා අනාගතයේ යාන්ත්‍රිකයාට වැඩ තිබෙන්නේය.. තව ඉස්කෝලෙ ගිහිං එනකොට හවස් වන්නේය.. ඉතිං ඒ අතරේ තමන්ගේ ඇඳුමක් මැද දීමට වත් සහෝදරියක් සුදුසුය.. අනික ඈ වැඩිමල් වූවොත් ඔක්කේම අබ්ලික්ය.. ඒ නිසා යාන්ත්‍රිකයාට වඩා බාල විය යුතුය.. තවද තනි සොයුරියක් සිටියොත් ඈ ආරක්ෂා කිරීමට අමතරව තවත් දෙයක් යාන්ත්‍රිකයාට නැති වන්නේය.. ඒ නිසා එක වගේ ඉහත ගුණ ඇති සොයුරියන් ඩබලක් ඉතා අගනේය.. මෙසේ සිතූ යාන්ත්‍රික දේවතාවා පෙර පින් ඇත්තියන් අතරින් ඉහළින්ම සිටි දෙදෙනෙක් ස්වකීය කිඹුල් සොහොයුරියන් ලෙස සුදුසුයැයි සටහන් කරගත්තේය...

08.ආගම:-
            යථාර්ථයට මුල් තැන දෙමින් ගැඹුරු සහ පෙර ප්‍රාර්ථනා පරිදි බුදු දහම තෝරා ගත්හ...

09.පාසල:-
            පාසල් කීපයකටම යාමට පිං කැර ඇති නිසා ඊට ඉඩ දීමට යාන්ත්‍රික දේවතාවා තීරණය කළේය..:) තවද යාන්ත්‍රිකයා කළිං ආත්ම වලදී ෆ්‍රී ටියුෂන් කර පිං සිදු කරගෙන තිබූ බැවින් සුපිරි ගුරුවරු සෙට් එකක් ලැබීමට නියමිතය.. ඒ අය පෙර ආත්ම වල යාන්ත්‍රිකයාගේ ගෝල බාලයින් වන්නේය.. මේවන විටත් මෙලොව එළිය දැක තිබූ ඒ අය අය කළ කරුම පටිසන් දීම් වශයෙන් ඔවුන්ට අති දුෂ්කර පාසලක් ඒ වනවිටත් ලැබී තිබුණේය.. අනුන්ගේ පවු ගෙවන්නට යාන්ත්‍රිකයාට සිදුවන්නේ මෙතනදීය.. මොනවා කරන්නටද කියා යාන්ත්‍රික දේවතාවා ඒ පාසල ඔහුගේ දෙවන පාසල ලෙස තෝරා ගන්නේය..
           
ඒත් යාන්ත්‍රික දේවතාවා පෙර කිසිම ආත්මයක පහත දැක්වෙන සබ්ජෙක්ට් ටික කිසිදු ගෝලයෙකුට උගන්වා නොතිබුණේය...
1.      මියුසික් (ඉංගිරිසියෙන් සංගීතය)
2.      කඩ්ඩ
3.      අයි.ටී
ඒ පව පළ දීමක් ලෙස මේ ආත්මයේදී යාන්ත්‍රිකයා කැමති වුවත් ඒවා
ඉගෙන ගන්නට නොලැබෙන්නේය.. ඒත් කළිං ආත්මයක සාධාරණව ලොකු ඉස්කෝලෙකට ළමයි දා දුන් පිණ පසුව පටිසන් දෙන්නේය..
            ‍
            මෙසේ සලකා බැලූ දේවතාවා සුදුසු පාසල් හතරක් අනාගතය සඳහා තෝරා තබන ලද්දේය..

10.ග්‍රාමය:-
            අනාගතය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යනු දුටු දේවතාවා හුස්ම ගත හැකි පරිසරයක් සහිත කන්ද උඩරට ඩොටේ ග්‍රාමයක් වාසස්ථානය පිණිස තෝරා ගන්නේය.. නමුත් සෞඛ්‍යය ගැන පමණක් හිතා කළ ගොන්කමේ තරම පසුව යාන්ත්‍රික දේවතාවට වැටහෙන්නේය.. ක්ලාස් යාමේ පව පටිසන්දීමට පටන්ගත් පසු යාන්ත්‍රිකයාට දෙලොවම එපා වන්නේය..

-----------------------------------------------------
මෙසේ සියළු තේරීම් අවසානයේ යාන්ත්‍රිකයා කල් යල් බලා මිනිස් ලොව පිළිසිඳ ගත්තේය.. එයින් දසමසක් ගතවූ තැන චෑවු ගා මෙලොව උපත ලැබුවේය..

-------------------------------------------------------------------------------------
කෝ දැන් කට්ටියම මට ස්තූති කළානං..
මොකා... ඒ ඇයි කියලා අහන්නේ..? ඇයි මතක නැද්ද මේ ලෝකෙ බේරගත්තෙ මමනේ... ආ.. ඇයි නැද්ද කියන්නේ? මගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක් නොවුණානං බලන්න තිබුණා කට්ටිය අද ජීවත් වෙන හැටි... මගේ විශේෂ ඉල්ලීම පරිදි ආයුෂ පවත්වාගතයුතු නිසා තමයි ලෝක විනාසෙ කල් දාන්න ලෝක පාලක දෙයියො එකඟ වුණේ.....
හරී.... ඉතිං ඒකෙ ගෞරවේ මංම භාරගන්නංකෝ........8-}

Thursday, December 20, 2012

ක්ලාස් එකක ඉඳගන්න තැන තෝරා ගැනීමේ රහස්



 ක්ලාස් එකකට ගියාට ඉඳගන්න තැන තෝර ගන්න එක ආවට ගියාට කරන්න බෑ.. ඒකට සුදුසු තැන තොරගන්න ඕන.. මේ යාන්ත්‍රිකයගෙ තැන් තෝරගත්ත හැටි..ලියා තියන්නෙ අනාගත පරපුරේ ප්‍රයෝජනය උදෙසා..:)

ක්ලාස් එකක ඉඳ ගැනීමේ යාන්ත්‍රිකයගේ ප්‍රතිපත්ති මාලාව

01).ගණං ක්ලාස් එකට අදාලව:-
 මැත්ස් ක්ලාස් එකේ දළ සැලැස්ම.. 
නිස් පාටින් තියෙන්නෙ යාන්ත්‍රිකයගෙ බංකුව

ඔය නිල් පාටින් පෙනෙන්නේ යාන්ත්‍රිකයා හැමදාම ගණන් ක්ලාස් එකේ ස්ථානගත වෙන පොට් එක.. එතන තෝරගන්න හේතු ගොඩයි..

පළවෙනි එක ඔතන ඉස්සරහින් ඉන්නෙ සුපිරි මීටරයක්.. ඒක මගේ ආරක්ෂායට හොඳයි.. අනික එතෙන්ට සර්ව පෙනුනත් සර්ට මාව පෙනෙන්නෙ නෑ.. සර් කතා කරන දේවල් ඇහෙන බෆල් එක තිබුණේ මට උඩින් බිත්තියේ.. ඒ නිසා සර්ගෙ මිහිරි කටහඬ කණ බිහිරි කරවන සුළු වුණේත් නෑ.. සර් කියන දේවල් හොඳට ඇහෙනවා.. ඔතන බිත්තිය තියෙන නිසා පොඩි ‍හේත්තුවක් දාගන්නත් පුළුවන්...

රතුපාටින් තියෙන්නෙ අවදානම් කළාපය නොහොත් ගෑනු ළමයින් ගෙ පෙදෙස.. ඉතිං ඔය මැද තියෙන ලයින් එකේ ඉඳගත්තනම් සම්මජ්ජාතියට මෙලෝ දෙයක් ඉගෙන ගන්න වෙන්නැ.. ඩබල් ලයින් වලින් තියෙන්නේ සර්ගෙ ගමන් මාර්ගය.. ඒ අහල පහල ඉන්න එකත් තරමක් විතර අවදානම්.. ඉතිං මං හිටපු තැන ආරක්ෂිතයි වගේම ඉගන ගන්නත් ඉතා සුදුසුයි..:)

පිටිපස්සහ සුදුසුයි ෆන් එකේ ඉන්න.. මොකද ඒ හරියෙ ඉන්නෙ රේඩියෝ අහන සෙට් එක..:))

02). ෆිසික්ස් ක්ලාස් එකට අදාලව:-
                                                    ෆිසික්ස් ක්ලා‍ස් එකේ දළ සැලැස්ම

ඔය ෆිසික්ස් ක්ලාස් එක දවල්ට තැම්බෙනව නෙමෙයි ගිනියම් වෙනව.. ඒ නිසා පරසර තත්ව වලට පොදුවේ ඔරොත්තු දෙන තැනක් හොයා ගන්න එක ඉතා වැදගත්.. ඉතින් ඒ ක්ලාස් එකේ මං හිටපු තැන නිතරම සිහිල් සුළං වදින සෞම්‍ය පරසරයක් ඇති ස්ථානයක් කියුවොත් ඉතා නිවැරදියි.. ඒක තෝරා ගැනීමේදීත් රතු පාට කොටස නොහොත් ගැහැනුළමුන්ගෙන් තර්ජන පවතින ස්ථාන මගහරින්න වෙනවා..

ඊළඟට අපි හිටියෙ බැල්කනියක.. ඒ නිසා සර්ව පැහැදිලිව පෙනෙනවා.. මං හිටපු තැනට ආසන්නව බෆල් හයි කරල තියෙන නිසා හඬත් හොඳට ඇහෙනවා.. ඒත් බැල්කනියෙ ඉස්සරහම ඉන්න බෑ එතකොට සර්ට නෝට්.. කෝකටත් සුපිරි මීටර දෙකක් මගෙ ළඟම තියාගත්තා මගේ ආරක්ෂාව තවත් තහවුරු වෙන්න..

03). කෙමිස්ට්‍රි ක්ලාස් එකට අදාලව:-
                                                 කෙමිස්ට්‍රි ක්ලාස් එකේ දළ සැලැස්ම

කළු තීරය සර්ගෙ ඉගැන්වීම් කලාපය.. යාන්ත්‍රිකයට ටිකක් (ඒ කියුවෙ හොඳටම) කෙමිස්ට්‍රි බැරි නිසාත් ක්ලාස් එකේ ළමයි අඩු නිසාත්, සර්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඇති නිසාත්, ඒක ලැජ්ජාවට කාරණාවක් නොවන නිසාත් පරිසර තත්ව අමතක කරලා ඔය නිල් පාටින් පෙන්නන තැන තිබිච්ච බංකුවේ යාළුවොත් එක්ක ඉඳගත්ත...
ඉස්සරහම පේළිය දුන්න කොල්ලො දෙන්නෙක්ට.. ඒකට හේතු දෙකයි..
එක,
උන් දෙන්නම මීටර්
දෙක,
ඊට ඉස්සරහ පේළියේ හිටියෙ උන්ගෙ කෙල්ලො දෙන්න..
ඉතිං යාළුවට අවස්ථාව දෙන්න ඕන නිසා අපි දෙවෙනි පේළිය තෝරගත්ත..


දැං පේනවනේ.. ක්ලාස් එකක් තිබුණු පළියට, ඒකට ගිය පළියට ඊට සල්ලි ගෙවපු පළියට ඒකෙ ඉඳගන්න බෑ කියල.. තමන්ට සුදුසුම සහ අවශ්‍යතාවට ගැලපෙන තැන තෝරගන්න ඕන.. අවශ්‍යතාවයට ගැලපෙන තැන් ක්ලාස්වල තියෙනවා..

කාට හරි මේ ගැන උපදෙස් ඒම ඕනනම් නොඅඩුව ලබා දෙන්න යාන්ත්‍රිකයා සූදානම්..