Pages

Friday, December 28, 2012

පවුකාර කුකුල් කකුල

           අපේ සයන්ස් වන් පන්තිය ඕනම කූට වැඩකට ඉතා ආරක්ෂාකාරී එකක් වේ. ප්‍රධාන ශාලාව අප පංතිය ආසන්නයේම පිහිටියත් පංතියේ දොර වැසූ පසු පංතිය ඇතුළේ කිසිදු ශබ්ධයක් පිටතට නොඇසේ.. ඉතින් මෙවැනි තැනකින් වැඩක් ගන්නේ අපි හැර වෙන කවුද?

      උදාහරණයක් ලෙස සමහර දිනවල ක්‍රිකට් සෙල්ලම් කළේද පන්තිය තුළය(මේ බොහෝ විට නිවාඩු දෙන දවසයි)..

     අද කතාව අපේ කෑම විනාඩි විස්ස ගැනයි.. අපේ කාල සටහනේ කාලය වෙන් කර තිබුණේ එක විෂයකට පීරියඩ් දෙක බැගිනි.. ඒ අනූව දවසකට විශයන් හතරකි.. සමහර දිනවල මුල් පීරියඩ් දෙක එක් විෂයකුත් ඉන් පසු ඊළඟ පීරියඩ් දෙක එම විශයේම ප්‍රැක්ටිකල් පීරියඩ් දෙකකුත් තිබුණි.. එවැනි දවසක අදාල විශයේ ගුරුතුමිය හෝ ගුරුතුමා නොපැමිණියොත්............................................................

      එවැනි දවසක මුලින්ම කරන්නේ ක්ලාස් එකෙන් දීතිබුණු ටියුට් එකේ වැඩ කිඩ කොටස අහවර කිරීමයි.. ඒ සඳහා පීරඩ් එකක් හෝ දෙකක් යොදාගනී.. ඉතිරි පීරඩ් දෙකේ පංතියේ මගුල් නටමු..

      මේ වැඩ වල දී අවුලක් නොවන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ අපේ පංතියේ නිසාය...

     අපිට ඉන්ටවල් දෙන්නේ දහයහමාරටයි.. එහෙත් උදේ නවය වන විට ආමාශයේ පණුවන් බ්‍රේක් ඩාන්ස් දැමීමට පටන්ගනී.. ‍ ඒ වෙලාවට මැඩම් හරි සර් හරි නොහිටියා නම්...........................................

      මේ එවැනි දවසකි.. පංතියේ මැඩම් ද නැත..
               "ඕන මගුලක් වෙන්න කියා කමු බං"
                     ඒ හෙඩාය...
 මේ වගේම  කුකුල් කකුලක් හැබැයි පවුකාරයි...... පිංතූරය මෙතනින්

    සාමාන්‍යයෙන් අපේ කෑම ගැනීමේ රටාව ඔක්කොම එකටය.. පංතියේ තිස් හයකි.. කණ්ඩායම් දෙකකට ආහාර ගනු ලැබේ.. ඩෙස් දෙකක් දාගත් අපි වෙන මගුලක් වෙන්න කියා කන්න පටන්ගතිමු.. සාමාන්‍යයෙන් පංතියේ වැඩිදෙනෙක් දතකාරයින් උණත් බහුතරයකගේ ප්‍රියතම ආහාර වේල පරිප්පු, බත් ,අල වැනි දේය.. ඒවා නැති දාට කන්න හිතෙන්නේද නැත.. විස්සක් එක්ක කන එකද ලේසි නැත.. වතුර බිබී හුස්ම අල්ල අල්ල කන්න ගියොත් සම්මජ්ජාතියට බත් කටක් වත් කන්න වෙන්නෙ නැත.. අත් හෝදන්න ගියොත් එනකොට මගේ කෑම එකත් ඉවරය... සෞඛ්‍ය බලබල කන්න නම් වෙන ක්‍රමයක් හොයා ගත යුතුය..

     මෙසේ පංතියම වන කරගෙන කන විට සාමාන්‍යයෙන් තමන්ගේ බත් එකේ මොනවද තියෙන්නේ කියා නොකියා සිටීම කාගෙත් සිරිත වන්නේ එය තමන්ගේ වාසියට ගැනීම සඳහාය.. උදාහරණයක් ලෙස මගේ බත් එකේ මාළු කෑල්ලක් තියෙනවනම් මං කරන්නේ ඒක මගේ පැත්තට හැරෙන විදියට කෑම එක දිගෑරීමය..

     මෙසේ පරිප්පුයි බතුයි කන අතරේ සමහර කෙනෙක් බිත්තරයක් මස් කෑල්ලක් මාළු කැල්ලක් බත්එකට දාගෙන එයි.. ඒවගේ මස් කෑල්ලක් මෙදිනද බත් එකක තිබුණි..

     ක්ෂණිකව ඒපැත්ත බලා මේ පැත්ත බලන විට බත් එක අතුරුදහන්ය.. ඒකෙ තිබුණු මස් කෑල්ලද අතුරුදහන්ය.. බත් එක පංතිය පුරාය.. පංතිය අතුගාන්න බලන විට බත් එකේ තිබිය යුතු මස් කෑල්ල කළු ලෑල්ල ගාවය...

    මේ වගේ තවත් දවසක ඉන්ටවල් එකට කළින් කා ප්‍රින්සිපල්ට මාට්ටු විය..
         "බලනව තමුසෙලා නිකං සත්තු වගේ... පංතිය සුද්ද කරල දානව.."
                     එකසිය ගාණට ගුටි බලාපොරොත්තුවෙන් සිටි අපට ලැබුණේ නොසිතූ පිළිතුරකි..ඒත් පංතිබාර මැඩම්ට ප්‍රින්සිපල් එකසිය ගාණට දෙහි කපා තිබුණි..

     ක්ලාස් එකේ කන කෑම මීට වඩා වෙනස් වන්නේ කණ්ඩායමේ සමාජිකයන් ගාන අඩුවන නිසාවෙනි.. දිග ඩෙස්වල දහයකට පහළොවකට කන්න නොහැකි නිසා පහක් හයක් බැගින් කණ්ඩායම් හැදේ... ඒත් අනිත් කණ්ඩායමක වත් කුකුල් කකුලක් තිබුණොත් සහ අපේ කවුරුහරි ඒක දැක්කොත්......
                        පවු.......අහිංසක කුකුලා....... මැරෙනකොටවත් එච්චර දුක් විඳින්න නැතුව ඇති............

    කෑම ගැන කියනකොට ම‍ගේ යාළුවා අමතක කරන්න බැරිය.. ඌට ගෙදරින් ලැබෙන්නේ රුපියල් සීයකි.. ඒ හරියටම නුවර ගොස් ආපසු ඒමටය.. ඒත් ඒ රුපියල් සීයෙන් රුපියල් හතළිස් පහක බස් එකේ ගිහින් තව සීයක කාල හතළිස් පහකින් ගෙදරත් එයි....ඊට පස්සෙ මටත් කන්න අරන් දෙයි...
-----------------------------------------------------------------------------------------------
පංතිභාර මැඩම් සහ ප්‍රින්සිපල් සර් ගැන වචනයක් නොකියන්නේ නම් ඒක ලොකු අඩුවකි.
පංතිභාර මැඩම් වයසින් පණහට වැඩි වුවත් අපේ කොල්ලොත් එක්ක හි‍ටියේ යාළුවෙක් වගේ.. ඒත් තමන් ගුරුවරියක් බව ඈ අමතක කලේ නෑ.. අපේ අදහස් වලට ඇහුම්කන් දුන්නා.. ඒ නිසා එතුමියට  කවුරුත් ගරු කළා..
  
විදුහල් පති තුමා මං දැකපු විශිෂ්ඨ පාලකයෙක්.. ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි ගුරුවරුන්වත් නියමෙටම පාලනය කරගෙන හිටිය.. ඒක ඉස්කෝලෙ බැබලෙන්නට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුළුවන්..

   


    

43 comments:

  1. box]යාළුවා 100 ගොඩක් දේවල් කරනවා වගේ[/box]

    ReplyDelete
    Replies
    1. අආ... තේරුන්නෑ......

      Delete
    2. මටත් කල්පනා වුනේ ඒක. රු. 100 න් ඌ 200 ක වැඩ කරලා නේ.

      Delete
  2. මලේ ඔයා මාව ආයිමත් පාසල් සමයට අරන් ගියා මේ පෝස්ටුවෙන්. ආයිමත් හිතුණා මේ මං ගිය ඉස්කෝලෙමද කියලත්. මං නං ඉතින් පුංචි බොරැල්ලෙන් තමා හැරිලා ගියේ.

    ReplyDelete
    Replies
    1. ම්හ්ම්... මගේ ඉස්කෝලෙ නුවර..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හි හි... ඉස්සර මං කට්ට කමට කරන්නේ මගේ බත් එක අන්තිම වෙනකම් දිග අරින්නේ නැතුව ඉන්න එක.. මොකද අපේ අම්මා පෙරේත සෙට් එක ගැන දන්න නිසා එකපාරට අතට අහුවෙලා කටට දාගන්න පුළුවන් ජාති හදන්‌නේ නෑ.. කහ බත්, සීනි සම්බෝල, බිත්තර දෙකක් විතර කෑලි කෑලි වලට කපලා.. ඔන්න ඔහොම තමයි.. අනිත් බත් ටික ඉවර වෙලා පෙරේතකම ටිකක් අඩු උනාට පස්සේ ඕක පොඩ්ඩක් රස බල බල කන්න පුළුවන් නේ... හි හි..

    හැබැයි ඉතිං ඔය ටියුෂන් ක්ලාස් වලදි තමයි.. ඉස්කෝලේ අපේ පන්තියේ නම් එහෙම එකක් තිබ්බද කියලා මං දන්නේ නෑ.. මොකද මං ඒ අවරුදු 2කම පදිංචි වෙලා හිටියේ පුස්තකාලේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. අපිනං පුස්තකාලෙ යන්නෙ ඉංග්‍රීසි පීරඩ් එක කට් කරන්න....:)
      අළුත් පරණ බේධයක් නෑ ඉංග්‍රීසි වෙලාවට ඔක්කොම ලයිබ්‍රරි.. හැබැයි ඒකෙදි ගණං හදන එක තමා කරන්නේ....:)

      Delete
    2. අපෝ හිරු ට කවන්න අම්ම වෙහෙසෙන තරම. ( පෙරේත කෙල්ලොනේ )

      Delete
    3. අනේද කියන්නෙ ඈ.....

      Delete
    4. ඒ අපිත් ඉංග්‍රීසී පීරියඩ් එකේ තමයි ලයිබ්රි යන්නේ....හික්....

      Delete
    5. අන්න හැදෙන ළමයි...:)

      Delete
  5. හි හි හී...ඔන්න මාවත් මගෙ ඉස්කෝලෙ කාලෙට අරන් ගියා. ඉස්සර මම බත් එක බෙදද්දී අම්මට කියන්නෙ වෙනම චුට්ටක් ඔතන්න උදේට කන්නත් එක්ක කියලා. ඒ බොරුවට. මොකද කවදාවත් එක බත් එකක් ගෙනිච්චොත් මට කන්න ලැබෙන්නෙ නෑ.. බත් එක දිගෑරිය ගමන් අත් දෙක තුනක් බත් එක උඩට පාත් වෙනවා විතරයි පේන්නේ. බත් එක ඉවරයි. අනික ඉස්කෝලෙ යන කාලේ හොඳට කන්නත් පුළුවන්නෙ...

    ඉස්කෝලේ කාලේ වගේ කාලයක් ආයෙ එන්නෙ නෑනෙ අප්පා... :(

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපේ එකෙක්ගෙ බත් එක ගමකට බෙදන්න ඇති...
      අපි ඒකට කියුවෙ බිග්මැච් එක කියල...
      ඔය වගේ අමතක නොවෙන කෑම තියෙනව..:)

      Delete
    3. මෙන්න මූ කුණු හබ්බයක් ලියල මකල :)

      Delete
    4. @චන්දන අයියා
      :D

      Delete
  6. ඔච්චර ගොඩක් කොහොමද අප්පෙ කන්නෙ ? අපිට 11 දෙනෙක් එකට කාලත් එපා වෙනව. මාර ගේමක් දෙන්න ඕන.

    අත හෝදන එකනම් ඉතින් මොකද... කාලම හෝදනවා

    ReplyDelete
    Replies
    1. අම්බානෙක කාල බාගෙට වැඩිය විසිකරනව බං... එකල්ලත් ඔක්කොටම බඩ පිරිල... හැබැයි කට්ටිය අඩු දවසට ඔක්කොමත් කාල තවත් මදි වෙනව...

      Delete
  7. හනේ.....චිකන් කකුල,,

    ReplyDelete
    Replies
    1. හනේද කියන්නෙ ඈ....:))

      Delete
  8. අප්පා....අපිත් ඔහොම තමා කන්න ගියාම.අත් නම් හොදන්නෙම නැ.කාල ඉවර වෙලා තමා හෝදන්නේ.සමහර වෙලාවට කාල ඉවර වුනාම කෑවේ මොනාද කියල දන්නෙත් නැ.හැබැයි හෙනම ජොලි. මතක් වෙද්දී ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනෝ.....

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම කොල්ලො විතරක් නෙමේ මළ පෙරේතයෝ ඈ...:)

      Delete
  9. කොහොමද බං 100/- හම්බවෙලා 190/- වියදම් කරන්නේ.. මටත් කියල දීපංකෝ

    ReplyDelete
    Replies
    1. ඒක උගෙ හැකියාව බොල.... මං දන්නෙත් නෑ....

      Delete
  10. අපිත් පන්තියේ මිස් කෙනෙක් ඉන්දිද්දීත් ඉන්ටවල් එකට කලින් හොරාට කාලා තියනවා අප්පා. උදේ ආපු ගමන්ම කැන්ටින් එකෙන් අරන් එන කෑම සැරින් සැරේ බෑග් එකට අත දදා කනවා. අපේ ඉස්කෝලේ තිබුන කැන්ටින් එකේ තරම් රස කෑම වෙන කොහෙවත් නැතුව ඇති.. තාමත් මතකයි ඒකෙ තිබ්බ උළුඳු වඩේ, ඉඳි ආප්ප, පැටිස් වල රස.

    ReplyDelete
    Replies
    1. එකවතාවක් පංතියේ දොළහක් උළුදු වඩේ හතළිහකුයි කොකාකෝල බෝතල් හයකුයි බිව්ව.... කොකාකෝල කියල වතුරත් බිව්ව...:))

      Delete
  11. අපිත් ඔහොමිම තමයි හැබැයි අපේ පංතියෙ නමි තනියෙන් අයිනකට වෙලා කාපු අයත් හිටියා.... සමහර වෙලාවට උන් පවි කියලා හිතලා අපි උදවි කරපු අවස්ථාත් තිබිබා...

    ReplyDelete
    Replies
    1. තනියෙන් කාපු අය අඩුයි... නැති තරම්...

      Delete
  12. [ma]ඉස්කෝලේ කාලේ පට්ට ආතල් තමයි ඉතින්. A/L වලට එද්දී බලයකුත් තියනවා නේ.. ආයේ ඉස්කෝලේ පැත්තේ ගියා ඕං.. [/ma]

    ReplyDelete
    Replies
    1. [ma]ඒලෙවල් බලේ හෙඩා පංතියේ හිටපු නිසා.. අනික සයන්ස් කියුවම මාර සැලකිලි..:)[/ma]

      Delete
  13. බෑන්ඩ් ගහන කාලෙ අපිත් ඔහොම කෑවා.... බත් කටක් කන්න මාර සටනක් ඒ දවස් වල දුන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක වල්ලෙ පොල් ඈ....:)

      Delete
  14. අපිත් ඔහොම්මම තමයි.. බත් කනවා කියන්නෙත් යුද්ධයක් තමා..

    ReplyDelete
    Replies
    1. ඉරාන ඉරාක යුද්දෙ පරාදයි..:)

      Delete
  15. ඔක්කොම කොල්ලෝ එකයි බන් :)

    ReplyDelete
  16. අපි කවදාවත් ඉස්කෝලේ යනකොට කෑම ගෙනිච්චේ නැහැ. ගෙදරින් බද දිග ඇරෙන්ඩ උදේම කොටාබාලා යනවා. ඉස්කෝලෙන් බත් දෙනවා. මම එහෙම බත් කෑවා 5 පන්තියට විතර එනතුරු. ඊට පස්සේ බනිස් යුගය ආවා. හප්පේ ඒ බනිස් වල රහ. හුන්ඩු බනිස් සීනි බනිස් කියලා වර්ග දෙකක් තිබුනා. අන්තිම කාලේ තමයි බිස්කට් දුන්න ටුගය. එකත් වළඳලාම තමයි පාසල් ජීවිතය අවසන් කලේ. 1958 - 1974

    ReplyDelete
    Replies
    1. ඒකට අපිට.... ආණ්ඩුව ගානේ කිරිටොපියක් වත් ලැබුන්නෑ..:)

      Delete
  17. ඉස්කෝලෙ යනකාලෙ පුදුම බඩගින්නක් තමා තිබුනේ...ගමට කතෑකි..හිකිස්..!

    ReplyDelete
    Replies
    1. උදේ දහයට කාල, දොළහට කාල තුනටත් කාල හවස ගෙදර ආපුගමනුත් කනව...:))

      Delete