Pages

Sunday, January 13, 2013

පාසල් සේවය

යාන්ත්‍රිකයා ඉස්කෝලෙ ගියේ ස්කූල් සර්විස් එහෙකලුනේ.. ඕක සිවිලියන් වර්ගයේ පෙනුම තිබුණු බස් එකක්.. යාන්ත්‍රිකයගේ ගෙදර ඉඳල නුවරට යන්න පැය දෙකහමාරක් විතර යන නිසා පාන්දර පහට ස්කූල් බස් එකට යන්න ඕන.. බස් එකට නගින පාරට යන්න ඊට විනාඩි පහකට කළින්වත් යන්න ඕන..

යාන්ත්‍රිකයගෙ ගමේ ඉඳල ඔය බස් එකේ ගියේ දෙන්නයි ලු.. ඒ මමයි අඹනේ මලයයි විතරයි.. අනික් වුන් ඔක්කොම පැටවෙන්නෙ කිලෝමීටර තුන හතරක් ගියහම......

බස් එකේ කොල්ලො සංයුතිය මෙහෙමයි..
            අපේ ඉස්කෝලෙ දෙන්නයි.. මමයි අඹනේ මලයයි විතරයි (මේ මල්ලි ගේ වාසගමලු)
            බටයගෙ ඉස්කෝලෙ දෙන්නයි....බටයයි අඹනේ මලයගෙ පංතියෙ එකයි (අධික ස්ථුල භාවය නිසා අපි තඩිය කියමු..)..
            විද්‍යාර්ථ සෙට් එකේ දිල්ශානුයි චතුරංගයයි...
            චන්දානන්දෙ පොඩි එකා... සුපිරි කොල්ලා..
            වැදගත්ම පොර බස් එකේ ඩ්‍රයිවර් චන්දන

        තව පොඩි පොඩි වුන් ටිකක් හිටියත් උන් එච්චර වැදගත් නෑ...

අපි බස් එකේ ඉස්සරහ ගියේ බටයගෙ උවමනාවටලූ... ඈ.. :)

යාන්ත්‍රිකයගෙ අසීමිත විනය සහ බටයට නැති විනය හිංදා බස් එකේ යාන්ත්‍රිකයට අසීමිත බලතල තිබුණලු.. උදාහරණ විදියට රේඩියෝව පාලනය කිරීමේ බලතල.. ආසන බෙදා දීමේ බලතල..

ඕව ඉතිං පාවිච්චි කළේ මට වඩා බටය.. ඌ කරන ඕනම ගොං වැඩක් මමත් ඉතිං බලතල පාවිච්චි කරල නිශේධනය කරල දෙනවලු...

මේ ඒ බස් එකේ වෙච්චි කතන්දර කීපයක්..

පොල් ගෙඩිය.


ස්කූල් බස් එක ප්‍රධාන පාරට අමතරව කඳුරට සඳැල්ල කියන පෞද්ගලික නිවාස යෝජනා ක්‍රමේටත් ඇතුල් වෙනව දොස්තර නංගිලා දෙන්නෙක් ගන්න.. බස් එක හරවන්නෙ ඔය කියන නංගිලා දෙන්නගෙ ගේ ළඟලු...

දවසක් ඔතන පොල් ගෙඩියක් වැටිල තියෙනව දරැක්කෙ මේ යාන්ත්‍රිකයා බස් එක හරවනකොට පිටිපස්ස බලද්දී..

යාන්ත්‍රිකයා:- චන්දන අයියා.. පොල් ගෙඩියක් පාරෙ..

චන්දන:- ඒ මල්ලි.. අරක ගනිංකෝ..

තඩි මල්ලි:- පිස්සු හැදෙයි.. මටනං බෑ..

චතුරංගයා:- ඒ චන්දන අයියා.. මං කියන්නද?.. අපි බස් එක පොල් ගෙඩිය කවර් වෙන්න නවත්තමු.. ඒ අතරෙ මූ බැහැල ගයි..

යාන්ත්‍රිකයා:- ඔවු මල්ලි.. උඹ ගිහිං ගනිං.. ඔතනිං බහින්නත් ලේසියි නේ.. අපරාදෙනෙ බං මග දාල යන්නේ.. හැබැයි පජාත නැතුව ගනිං ඈ.. ඉස්සරහ ගෙදර මිනිස්සු එළියේ..

චතුරංගයා:- චන්දන අයියා.. ඕක පස්සට අරං පොල් ගෙඩිය කවර් වෙන්න නවත්තනවා..
හරි මල්ලි ගිහිං ගනිං..

(පොඩි එකා බැස්සා.. පොල්ගෙඩිය අතට ගත්තා...)

බටයා:- චන්දන අයියා වීල් එකක්.. පොඩ්ඩක් ඉඩ දෙනවා..

බස් එක ඉස්සරහට කළා...අපේ මලයයි ඉස්සරහගෙදර මිනිස්සුයි ගල් ගැහිලා.. අපි සීට් එක අස්සෙ..
පිංතූරය මෙතනින්

උපකාරය


නිවාඩු දෙන දවස = ජල දිනේ

එහෙම කියුවෙ ජීවිතේට නාපු නැති උන්ටත් එදාට නාගන්න වෙන නිසා.. මේ ජල ප්‍රහාර අන්තර පාසල් බස් රථ දක්වා දුරදිග යනවා.. නිලාගෙ බස් එකත් ජීවිතේට තොප්පිය හෝදන්නැති තොප්පියාගෙ වෑන් එකත් අපේ අහල පහල ගම් වලින් එන ස්කූල් සර්විස්..

මේත් අන්තිම දවසක්..

අපි ලෑස්තිවෙලා හිටියේ ප්‍රබල ජල ප්‍රහාරෙකට.. බැලුම් වලටයි සිලි බෑග් වලටයි පුදුම කැපවීමකින් වතුර පුරවගෙන ආවෙ..

"නිලාගෙ බස් එක හන්දියක නවත්තලාලු.. ටයරෙ පැච් එකක් වත් වෙන්නැති." ඒ චන්දන

බටයා:- බැහැල හෙල්ප් එකක් දෙමු.. (ගෑනු ළමයින්ට බොක්කෙන්ම උදවු කරන බටය ඉදිරිපතු වුණා.)

යාන්ත්‍රිකයා:-මට බෑ..

දිල්ෂාන්:-උඹ ඉඳපං.. අපි යනව..

යාන්ත්‍රිකයා:- මමයි අඹනේ මලයයි ඒන්නෑ..

අඹනේ පොඩි එකා:- අයියා මාත් යන්නං..

යාන්ත්‍රිකයා:- උඹට මං කියන්නෑ.. මට දුර පේන හිංදා කියන්නේ..(බොරු මොකටද? මට ඇත්තටම දුර පෙනුනා.. උදේ නිලාගෙ බස් එකේ හිටපු එක කොල්ලෙක් වත් දැන් පේන්න නෑ.. කෙල්ලො ටික විතරක් බස් එක වට කරගෙන.. නිසා පුරෝගාමියා වගේ හිටගෙන..)

යාන්ත්‍රිකයා:- මල්ලි ජනේලෙ වහපං..

බටයා:-උඹ වහන්න එපා..

යාන්ත්‍රිකයා:- වහපා...........න්

පොඩි එකා:- අනේ අයියා.... මට ඉතින් ඉස්කෝලෙදි හෙල්ප් එකක් වත් ගන්න ඉන්නෙත් යාන්ත්‍රිකයා අයියා විතරනේ.. ඔන්න ඔහේ වහමු... අනික ඔයාල දැන් නිලාගෙ සප් එකට යනවනේ..
(දැක්කද බලය පාවිච්චි කරන විදිය)

යාන්ත්‍රිකයා:- චන්දන අයියා ඔය ජනේලෙත් වහගමුද?..

චන්දන:-උඹට සන්නියද බං..?

යාන්ත්‍රිකයා:- සන්නිය හැදෙන්න කළිං තමයි වහමු කියුවේ..
මං කොහොම හරි මගේ අහල පහල ජනේල ටික වහගත්තා.. මෙහෙයුමට මං රෙඩී..

නිලාගෙ බස්එක ළඟ නතර කරන්න චන්දන බස් එක ස්ලෝ කළා..  බස් එක කවර් කරගෙන හිටපු නිලාගෙ කෙල්ලො ටික අයින් වෙනකොටම මෙන්න හිටපු කොල්ලො මතු වෙලා ජල ප්‍රහාරයක් දියත් කළා..

දැං ඉතිං ස්පීඩ් කරල පජාත නොවී ඔහොම්මම යං..

හූ හඬ මැද්දේ එසේ අපි පළා ගියා..




අතුරු ඵල:-
චන්දනගෙ බස් එක නොමිලේ හෝදගන්න ලැබුණා.. මායි අඹනෙ පොඩි එකයි හැර අනික් වුන් ඔක්කොම තෙමුණා..








47 comments:

  1. ශික් යාන්ත්‍රික අයියත් ඒ ගමන්ම නා ගත්තෙ නැහැනේ .... :e

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්... මගදි නාල පයින් කිලොමීටරයක් විතර තෙමි තෙමී ගාටපන්කෝ..

      Delete
  2. අපෝ.... ඉස්කෝලේ නිවාඩු දෙන දවස ගැන නම් කතා කරලා වැඩක් නෑ... අනිවා වෑන් එකේදී ජල ප්‍රහාර වලට මුණ දෙන්න වෙනවා.... අපි නම් සෙල්ලනුත් කරලා, නාගෙන කරගෙන, කාලා බිලා, හවස් වෙලා තමා ගෙදර යන්නේ.....හරිම සුන්දර මතකයන් :D

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නගෙන් (මගෙනුයි බටයගෙනුයි) රුපියල් සීයක් විතර වියදම් වුණාට රුපියල් තුන්සීයක විතර කන්න ලැබෙනවා.. ඒ අතින් අපිට මාර ලාබයි..:)

      Delete
  3. හය්යෝ තෙමුන්නැද්ද.. වැඩක් නෑ..!

    ReplyDelete
    Replies
    1. මූට තෙමෙන්නේ නෑ.. යාන්ත්‍රිකයිනේ

      Delete
    2. @වර්ශා
      මට හෙම්බිරිස්සාව......................................

      @නලින් අයියා
      ඉලෙක්ට්‍රික් කෑලි වලට වතුර හොඳ නෑ ලු.. :)

      Delete
  4. පොල් අහුලන්න ගිය එකාට වෙච්ච වැඩේ තමා මරු...ඔය ස්කූල් වෑන් එක ගැන කියන්න මටත් කථාවක් තියෙනවා...ඉදිරි දිනයක ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. අනිවා.... කියවන්න බලාගෙන ඉන්නවා...

      Delete
  5. එල..එල..ඔය තියෙන්නෙ.

    පාසල බස් අත්දැකීම් අපට නෑ බං..!

    ReplyDelete
    Replies
    1. ඒක නම් දුකට කාරණයක් තමා....:(

      Delete
  6. පාප් පාපාපාපාප් නිකං ටොයිං ටොයිං වගෙ ඈ පටිට සින් එක් බං

    ReplyDelete
  7. මාව නම් එක සැරයක් වට වෙලාම නෑව්වා,සැහ්,ගෙදර ආවේ වතුර බේරි බේරි..

    ReplyDelete
    Replies
    1. ඇති එහෙම හරි ශම්මියාට නාන්න ලැබුණා....

      Delete
  8. නෑව්වද ? නා ගත්තද ? හි හී

    ReplyDelete
    Replies
    1. දෙකම එකට කරල දෙකට බෙදල වගේ...:)

      Delete
  9. හා හා එල එල පොල් ගෙඩිය වගේද නේ
    වතුර පාරට ඔබතුමා දුර දැක්ක නුවන....
    අන්න රට කරවන්න ඇත්තො.... හි හි

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පා අපිවගේ උන්ට තැනක් නෑනෙ මේ රටේ...:(

      Delete
    2. කොහෙද සුදුස්සාට සුදුසු තැන නෑනේ....:(

      Delete
    3. අන්න ඒකනෙ මම ජනාධිපති වුණාම වාරි මාර්ග ඇමති කම වගේ දෙන්නමිකෝ අවුලක් නෑනේ....

      Delete
  10. ඒ කියන්නෙ උඹ එදා වත් නෑවෙ නෑ.
    මං නම් ජල දිනේ කොහොම හරි බේරුනා ඒ කාලේ, බස් තුනක විතර එන්න තිබුන නිසා

    ReplyDelete
    Replies
    1. එදා නෑවනම්.. පාරෙ යන මිනිස්සු තෙමිච්ච එකෙක් පයින් එනකොට හූ කියන්නත් තිබුණා...:)

      Delete
  11. කොහොමත් මමත් ජාල දිනේට නොවරවදවා ඉස්කෝලේ ගිය එකෙක්! කැම්පස් එකෙත් දැන් බකට් එකක් යන ඕනෙම තැනක මමත් ඉන්නවා!

    ReplyDelete
  12. /*වැදගත්ම පොර චන්දන*/ උඹගේ කටේ පොල් ගෙඩියක් ඔබන්න ඕනේ බං. :P

    ReplyDelete
  13. ඉස්කෝලෙ යන කාලේ නිවාඩු දෙන දවස... හයියෝ............ මං ලියපු එකක් තාම ඩ්‍රාෆ්ට් එකේලු.. දානවලු නැද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ... මට ඉතිං බස්, කෝච්චි, වෑන් ඔක්කොගෙම ජල දිනේ අද්දැකීම් තියෙනවනේ... හි හි

    හැබැයි ජිවිතේට නුගේගොඩ සෙන් ජෝන්ස් එකෙන් නම් වතුරු වැදිලා නෑ මටයි නංගිටයි.. අපේ අයියා කෙනෙක් ඒකේ හෙන චණ්ඩියෙක් ඒ කාලේ.. උන්ට යන්න දීපල්ලා බන් ඒ අරෑගේ නංගිලා කියලා අපිට යන්න දෙනවා.. හි හි

    ReplyDelete
    Replies
    1. අඩේ චන්ඩියගේ නංගි

      Delete
    2. @හිරූ
      ඔය ඩාෆ්ට් වල තියෙන ඒවා වෙන දෙයක් වෙන්න කියල දාන්න අනේ...

      අයියගෙ බලතල අයථා ලෙස පාවිච්චි කරල වගේ...

      @නලින් අයියා
      අලේද කියල්ලේ ඈ............:)

      Delete
  14. යකෝ අරූට පොල් හොරා කියල නමක් එහෙම වැටුනේ නැද්ද?
    මටත් ඔය වගේ කෙස් එකක් උනා යට ලින්ක් එකෙන් බලන්නකෝ මේ දවස් වල ඔන්ලයින් එන්න වෙන්නේ නැහැ කොල්ලෝ ඒ නිසා මේ පැතිවල කරක් ගැහෙන්නේ අඩුවෙන් තමයි.
    http://chithula.blogspot.com/2012/08/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ඌට පොල් හොරා කියුවොත් අපිත් ඒකට හවුල් නේ.....

      Delete
  15. මූට ජල භීතිකාව.. අපරාදේ නාන්නෙම නැති එකාව හෝදල ගන්න තිබුනේ..

    ReplyDelete
    Replies
    1. අපේ බස් එකේ වුන්ගෙන් නෑවේ නෑ කියුවේ නෑනේ....:))

      Delete
  16. හි හි... පට්ට ඈ... උඹේ මොලේ තමයි මොලේ... මාර විදිහට දුර දිග බලනවනේ..
    තාම එහෙමද???

    ReplyDelete
    Replies
    1. හිහී......... තාම එසේ මැයි..:)

      Delete
  17. යාන්ත්‍රිකයාත් නුවර පැත්තේ වගේ නේද

    ReplyDelete
    Replies
    1. යාන්ත්‍රිකයා නුවර වාසියෙක් තමයි...

      Delete
    2. බොහොම ගොඳයි ගමේ එකෙක් මුණ ගැහුනා එක.

      Delete
    3. අයිලාෂ් නුවර කොහේද දන්නෑනේ.. මංනම් හද්ද ඩොටේක...:))
      ඒ වුණාට වැඩිපුර නුවර ටවුමෙ තමයි.. මොකද ක්ලාස් නේ....

      Delete
  18. ඔය නෑම මාත් නාලා නිල් පාට වෙලා ගෙදර ආවේ දවසක් ..ඔය දිනේ ඉතින් කාටද අමතක ඈ .........!

    ReplyDelete
  19. හි හි හයියො අපරාදෙ නෑවෙ නැත්තෙ නිකං දුන්න වතුර පාරට..අර බණ්ඩා කිවුවා වගේ සෑහෙන්න දුර දිග බලලා තියෙනවා යාන්ත්‍රිකයෙක් වුණත්..:)

    ReplyDelete
    Replies
    1. නිකං දෙනවා කියල නාලා අතුරු විපාක විඳගන්නත් එපැයි..:)

      Delete
  20. ඔන්න මාත් ආවෝ....................................

    හෑෆෝ...නිවාඩු ඩෙන ඩාස්නම් කීල වැදක් නෑ.....:/
    ඒවුනාට ආතල්ම ඩවස....^_^

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා..
      ආයිත් එන්න.....

      Delete