Pages

Tuesday, January 22, 2013

ඒ ලෙවල් කරපු උන්ට....** යාන්ත්‍ර මන්ත්‍ර රාජයා**

     ඕං ග්‍රීං ශ්‍රීං.............. ඒස්වා හඃ.....

     නමො නමෝ වයිමා දිව්‍ය රාජායා  ඕං නමෝ ඒස්වා හඃ.....

     පස්වාන් දහසකට ආයි බෝවා... ආයි බෝවා.....ආයි බෝවා.... මේ අත් භවේක කරන ලද්දා වූ ඕනැම කුසල කරුමයක් පළ දේවා.. සියළු පින් අත් වේවා... මෙවන් දුකක් වනේ වන සතෙකුට අත් නොවේවා..

     අවසර ආයිබෝවන්ඩ දේවතාවුන් වහන්ස... මේ ගැත්තා කරන ලද්දාවූ අකුසල කරුමයක් පටිසන් දෙවන්ට පටන්ගෙන ඒවා... නවත්වා වදාරන්ඩ හොඳයි.. මේ අවුරුද්දට විතරක් ජනවාරි තිහක් ලබා නොදෙන්ඩ හොඳයි කරුණා කරන්ඩ දේවතාවුන් වහන්ස...

පිංතූරය ඉස්සුවේ මෙතනින් දේවතාවුන් වහන්ස...




     මේ ගැත්තා කරන ලද්දාවූ අකුසලය නිසා මේ අත් භවයම විඳවන්ට නියමිතයි දේවතාවුන් වහන්ස.. එයින් මේ ගැත්තා ගලවා දෙවන්ඩ හොඳයි.. තවද මාතෘ දිව්‍ය පුත්‍රයාගෙන් මේ තිහෙන් පසු ලබන්නට නියමිත අතුරු අන්ත්‍රා වලින් මුදවා දෙවන්න හොඳයි දේවතාව්න් වහන්ස..

    දෑවුරුද්දක්ම පිච්චියටම කෙලවගෙන එකම ඩෙනිම ඇඳගෙන කන ලද්දාවූ කට්ට නැවත නොකන්නට වැඩ සලසා දෙනු මැනවි දේවතාවුනි... එකල්ලත් හදිසියේ හරි මොකක් හරි විස්සොවිද්දියාලෙකට වැටිල ගුටි කන්න හේතු නොවන්නයි දේවතාවුන් වහන්ස... තවද දේවතාවුනි හෙට අනිද්දා වැළ‍ඳෙන්නට නියමිත උණ සෙම්පරතිශ්‍යාව අන්තිම දරුණු තත්වයකට පත් කරදී ඒ අයුරින් හෝ ගෙදරින් ඇතිවන්නට නියමිත අතුරු ආන්ත්‍රා වලින් ආරක්ෂා කර දෙන්නයි දේවතාවුන් වහන්ස......

     තව වතාවක් කට්ට කන්න උණොත් තව එක ඩෙනිම් කෑල්ලක් ලබා දෙන්න කරුණා කරන්න දේවතාවුන් වහන්ස.. තවද නිවාඩු පාඩුවේ ගෙදර ඉන්ඩත් එක දොහක් වත් ලබා දෙන්නයි දේවතාවුන් වහන්ස....................

    නම්බුකාර විදියට සෙකන්ඩ් ෂයි එකක් කොරන්ට කෙමට අඩුම තරමේ සී එකක් වත් ලබා දෙන්න දෙවි හාමුදුරුවන් වහන්ස.... පාරක බැහැල යන්න පුළුවන් තත්වයක් තිහෙන් පස්සෙ උදා කරල දෙන්නයි දේවතාවුන් වහන්ස....

    ඊට පස්සෙත් එන රිසාල්ටුව හරියට ලබා දෙන්ට ඔබ වහන්සේව අදහන අධ්‍යාපන උන්නාන්සේලාගේ ඇස් අරවන්නයි දේවතාවුන් වහන්ස...  අපි පවුය දේවතාවුන් වහන්ස......

    මේ බලු ගැත්තා මොකක්දෝ කරපු පවකට දෙ‍දාස් දොළහේම ඒ ලෙවල් කොරන්ට හිටියා වෙච්චි දේ වුණා කියලා මතු  මොන ආත්මෙක වත් ඒ ලෙවල් නැති රටක උපදින්ට වරම් දෙන්නයි දේවතාවුන් වහන්ස.....

    සාධු........... සාධු............ සාධූ...................................!!!!
   

51 comments:

  1. අනේ පවු අප්පා මේ ගැත්තා.... ඒ නිසා ඔන්න ඔහේ යාන්ත්‍රික ගැත්තාට අනුකම්පා කොට, ඌ කියන දෙයක් කොරලා දෙන්න දේවතාවුන් වහන්ස.....

    ReplyDelete
    Replies
    1. [card="blue"]ඒකනේ දෙවතාවුන් වහන්ස... සමනලී අක්කත් කියන එකේ කරල දෙන්න දේවතාවුන් වහන්ස....[/card]
      [hi="red"]සාධු.... සාධු.... සාධු......!!![/hi]

      Delete
  2. හරි අපුරු සංකල්පයක් බං.. නිකං කිව්වට වඩා හෙන රසවත්. ආයේ කියන්න දෙයක් නෑ.. බොට තියෙන්නේ යාන්ත්‍රික මනසක් නෙමෙයි බං හොද කලාකිරිංඥ මනසක්.ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඕම කියවම මට ලැජ්ජයි ලැජ්ජයි ව‍ගේ....

      Delete
  3. යකෝ යාන්ත්‍රිකයොත් යන්ත්‍ර මන්ත්‍ර පිළිගන්න රටක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. ඇයි අපි යාන්ත්‍රිකයො කියල දෙයියො බලන්නැද්ද?

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. [card="yellow"][co="red"] වැඩ දාල ලියන්න ගිහිං වරද්දගත්තනේ.... හූ...හූ...[/co][/card]

      Delete
    2. නැහැ, කොමන්ට් එකේ අකුරු වැරදි තිබුනා. ඒකයි මැකුවේ.

      Delete
  5. [hi="yellow"]කෙතරම් දියුණු ලොවක අප සිටියද, යාග-හෝම වැනි විඥ්ඥානවාදී ආකල්පවලට ඇලී ගැලී එයට තම ජීවිතය තදින්ම කාවද්දා, ඒ තුලින් ජීවිතය සුඛිත මුදිත කරවා ගැනීමට බාර දෙන පිරිස්ද තවම සිටිනවා. යාන්ත්‍රික සිතුවිල්ල, ඔබේ මේ හාස්‍ය උත්පාදන කතාව තවමත් කාලීනයි.[/hi]

    ReplyDelete
    Replies
    1. [ma+]අනේ නිකං ඉන්න මුරුංගා අත්තෙ නොතියා.. :)[/ma+]

      Delete
    2. අයියෝ, මුරුංගා අතු අග තියනුයේ ඉක්මනින් බිම දමන්නයි. නමුත්, මාගේ එවැනි චේතනාවක් නැහැ.
      මම දැක්වූවේ මගේ අදහසුයි. එය ඔබේ සමහර අදහස් වලට සමාන හෝ අසමාන වීම මගේ වරදක් නොවෙ නේද?

      Delete
    3. ගණන් ගන්න එපා විහිලුවක්...:)

      Delete
  6. යාන්තිරිකයා කෙරෙහි අනුකම්පාවෙන්.......

    සාධු........... සාධු............ සාධූ...................................!!!!

    මේ ගැත්තාගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉස්ට සිද්ධ වෙන්නට..

    පූජා වට්ටියට 2000හේ කොලයක් තියන්න දරුවා...

    ReplyDelete
    Replies
    1. [card="green"][co="blue"]දැං තාක්ෂණේ දියුණුයි දරුවා.. චෙක්පත් උණත් බාරගන්නවා.. කැමතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ නම්බරේ ලියල ගියත් කමක් නෑ.....[/co][/card]

      Delete
  7. යකෝ නිකන් කන්නලව් කොලාට මදියි පූජා වට්ටියට පන් හයදාහක් තියපිය එතකොට තමයි පිහිට වැඩි.

    ReplyDelete
    Replies
    1. anna ehema karanna.poojaa wattiya poojaawen passe mata genath denna Rs.500k ekka. ethakota thamai ooka hariyatama weda karanne...

      Delete
    2. @ කෝරලේ මහතා,
      [ce] ඔබතුමන්ගේ උපදේශය ඉහළින්ම පිළිගනිමි... (මේ වෙලාවෙ පොකැට්ටුව හිස්... තව ටිකකින් ඇවිත් තියන්නම්)[/ce]

      Delete
    3. @ thanuja,
      [ce][co="blue"]ඉතා හොඳ දෙවිකෙනෙක්..... රුපියල් පන්සීයෙන් සෑහීමකට පත් වෙන්නං ලු...[/co][/ce]

      Delete
  8. අනේ මේ යාන්ත්‍රික කොලුවාගේ මොලේ අමාරුව හොඳ වෙන්න පොළව පලාගෙන
    අහස දෙබෑ කරගෙන
    දිය කපාගෙන
    ලැම්බිගිනියෙන් වර වර ඒස්වා......... හක්:

    ReplyDelete
    Replies
    1. එහෙමයි..... එහෙමයි.....
      සාධු.........සාධු............සාධු................!!!!!!!!

      Delete
  9. යාන්ත්‍රිකයෝ මටත් වෙලා තියෙන්නේ උබට වෙච්චි මගුලම තමයි , [co="red"]මටත් දෙයියන්ගේම[/co]
    පිහිටයි

    ReplyDelete
    Replies
    1. අනේ.... උඹට මට වෙච්චි මේ විපත වනේ වන හතුරෙකුටවත් නොවේවා....

      Delete
  10. හි හි මටත් ඔකම තමයි කියන්න තියෙන්නේ ....
    හැබැයි මෙ එන්නෙ මගේ 2 වෙනි පාර පරතිඑලේ නිසා ඔව රෙද්දක් වෙචිචි දෙන් කියලා ඉන්නවා...
    ගිය අවුරුද්දෙ පරතිඵලේ ආවට පසු සහ පෙර ඒවා ගැනත් මගේ බිලොග් කටුවෙ ඇත මයෙ හිතේ....
    අවසාන මොහොත මාගේ.............

    ReplyDelete
    Replies
    1. අපරා........දෙ ලිංකුවක් දාල ගියානම් දුක බෙදාගන්න තිබුණනේ....................

      Delete
    2. http://snimalka.blogspot.com/2011/12/blog.html
      මෙන්න මෙක තමා.........

      Delete
  11. ලොල් මේ ගැත්තා ඉල්ලපු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. නිශාන්ගෙ පැතුම ඉස්ට සිද්ධ වේවා..!!
      ඔයාගෙයි දේශ්ගෙයි කමෙන්ට් දෙක මගේ අනුදැන්මකින් තොරව ස්පෑම් එකට ගිහින් තිබුණා...
      සොරි වෙන්න ඕන...

      Delete
  12. හපෝ... රිසල්ට්.... ඒ ලෙවල්... දැන් නම් අහන්න අකමැතිම වචන වෙලා මට නම්...

    ඔය දුක් ගැනවිලි කියන්න අලුත් දෙයියෙක් හදන්න වෙනවා මලේ...

    ReplyDelete
    Replies
    1. අපේ දුක මොකෙක්ට වත් පේන්නැද්ද හත් දෙයියනේ.........

      Delete
  13. හිටපං මං සලකාබලන්නම්

    ReplyDelete
    Replies
    1. සාධු...සාධු...

      අනුදැනීමකින් තොරව ස්පෑම් එකට ගිහින් තිබුණු කමෙන්ට් එක ගැන සොරි් වෙන්න ඕන...:)

      Delete
  14. එල එල ..ඔක්කොම ටික කියවන් ගියා ඒත් අර කෙමිස්ට්‍රි කෑල්ල
    දැක්ක විතරයි හිනාව අතුරු දහන උනා ..:(
    ( මට ඕක ඒ තරන් එපා දෙයක් යකෝ..)

    ReplyDelete
    Replies
    1. බොට විතරද...... අපිටත් එලෙසමයි.......

      Delete
  15. උඹලගෙ රිසලට් ලගදිම එන්නද යන්නෙ...අනේ සාධු...

    ReplyDelete
    Replies
    1. පළි ගන්න හදනවනේ?????

      Delete
  16. අනේ පව්.අපේ රිසල්ට් එන කාලෙටත් මේ වගෙ එකක් ලියන්න යාන්ත්‍රිකයෝ..!

    ReplyDelete
    Replies
    1. ෂුවර්......
      වර්ශගෙ ෆොටෝ එක දවසින් දවස වෙනස් වෙනවා ඈ....

      Delete
  17. තනි ඇහැට ඇඬිල ආයෙ ඇඬෙනව දේවයන් වහන්ස....:‘(

    ReplyDelete
    Replies
    1. මටත් එලෙසමය දේවයන් වහන්ස...

      Delete
  18. උදේ පාන්දර තොට ලයිට් කනු බලන්න ලැබේවා!! පාරේ යකෝ පාරේ...

    ReplyDelete
    Replies
    1. ආ.... ඒක මිසක්...
      උදේ පාන්දර නෙමේ.... මහ රෑ......

      Delete
  19. එහෙනම් කියමු බලන්න රිසල්ස් කොහොමද කියලා...

    ReplyDelete
  20. Replies
    1. කෙමිස්ට්‍රි එස්..

      Delete
  21. මූ කුජීත වෙලා අම්මා පෝරියල් එක දීල වගේ.. නියමයි

    ReplyDelete
    Replies
    1. අපෙ අම්ම හරි හොඳයි අරී.....
      ආයි ලියන්න කියුවා..

      Delete
  22. //මේ බලු ගැත්තා මොකක්දෝ කරපු පවකට දෙ‍දාස් දොළහේම ඒ ලෙවල් කොරන්ට හිටියා වෙච්චි දේ වුණා කියලා මතු මොන ආත්මෙක වත් ඒ ලෙවල් නැති රටක උපදින්ට වරම් දෙන්නයි දේවතාවුන් වහන්ස.....//

    උ/පෙ කරපු කොල්ලන්ගේ, කෙල්ලන්ගේ ආතතිය හොඳට දන්නවා, අපේ කාලේ වගේ නෙවේ.

    ඇත්තටම මේ පැතුම හොඳයි. [co="red"]ඒ ලෙවල් නැති රටක උපදින්ට[/co]

    ReplyDelete