ඕ ලෙවල් ලියපු පොඩි එකෙක් ගෙන් රිසාල්ට් ආවහම
ඉස්සරවෙලාම අහන්නේ මොකක් ද?
පුතා..
ඒ කීයද?
ගණං
කොහොමද?
මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒ ප්‍රශ්නෙ ගැන.. ඒ
වලින් ළමයින්ගෙ දැනුම මණින්න පුළුවන්ද?
උත්තරය
පුළුවන්...
එතකොට මේ ඒ ක්‍රමේ සාධාරණ ද?
උත්තරය
නෑ...
ඒ වලින් දැනුම මනින්න පුළුවන් නම් දැන් තියන ක්‍රමේ
සාධාරණ නැත්තෙ ඇයි...???
මේ
බලන්න... මේ බ්ලොග් ලියන කියවන වැඩි දෙනෙක් ටවුමෙ ලොකු ලොකු ඉස්කෝල වල ගිහිං තියෙන
නිසා ඒ ප්‍රශ්නෙ එන්න නැතුව ඇති... ඒත් මේ ඒ වලින් රිසාට් බලන ක්‍රමේ අසාධාරණයි
කියන්නේ ගමේ ඉගන ගත්තු ළමයින්ට..
මං
මුලින් ඉස්කෝලෙ ගිය හද්ද වන්නියක තියෙන කොළබිස්ස කණිෂ්ඨ විද්‍යාලය මං මෙතනදි
උදාහරණෙට අරගන්නව..(කාට හරි ප්‍රශ්නයක් නම් මං එකක් උදාහරණෙට අරගෙන සමස්ථය ගැන කතා
කරනව කියල ඒ අයට උදාහරණ ඕන තරම් දෙන්න තියෙනව..)
ඇත්තටම
ළමයෙක්ගෙ ඕලෙවල් රිසාල්ට් එකට (අනෙක් සියළු විභාග සඳහා පොදුයි.) බලපාන කරුණු
කීපයක් තියෙනව..
1. ළමයාගේ
කැපවීම හා බුද්ධිමත් කම
2. ගුරුවරුන්ගේ
ඉගැන්වීමේ හැකියාව හා කැපවීම
3. තරඟකාරීත්වය
4. තෝරා
ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)
රයිට්... අපි මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරමු..
01. ළමයාගේ කැපවීම හා බුද්ධිමත් කම...
මේ
අංක එක... මොන දේ තිබුණත් වැඩක් නෑ මේක දශමයක් වත් නැත්තම්.. උදාහරණයක් විදියට මම
ඕ ලෙවල් ලියපු කාලෙ නුවර මං ඒ ලෙවල් ලියපු
ඉස්කෝලෙ සීයට අටක් ඕ ලෙවල් ෆේල්
...
පින්තූරය මෙතනින්
දැං
ඔයාට හිතෙයි සීයට අටක් කියන්නෙ මොකක්ද කියල.. සීයට අටක් කියන්නෙ ළමයි දෙසියකින්
ළමයි දාසයක්.... හැම පහසුකමක්ම තිබිල ( ඒ කියන්නෙ අඩුම තරමෙ මිදුල අතුගාන්න වත් මේ
ළමයින්ට නෑ.. ඒකටත් සේවකයො ඉන්නව.) අළුත්ම පොත්පත් ඇඳුම් හැම දෙයක්ම මදිවට මේවගෙ
ඉගෙන ගන්නෙ උපරිමේටම සල්ලි තියෙන දෙමවුපියන්ගෙ දරුවො.. ඉතින් මේකට එකම හේතුව
කැපවීම නෙමෙයිද?
මං
ගිය හද්ද වන්නියේ ඉස්කෝලෙ සීයට දහයක් පේල්.... ඇස් උඩ ගියා නේද?...... සීයට දහයක්
කියන්නෙ එක ළමයෙක්.. මොකද අපෙ පන්තියේ හිටියෙ ළමයි දහයයි..
මේකෙන්
පේනව මොනදේ තිබුණත් වැඩක් නෑ කැපවීම නිත්තම් කියල..
ඊ ළඟට බුද්ධිමත් කම...
කියන්නම
ඕන මේ වගේ ළමයි ඉන්නෙත් ටවුමෙ ඉස්කෝල වල කියල.. ගමේ ඉස්කෝල වල ඉන්නෙ අසීමිතවය
කැපවෙන බුද්ධිමත් බව තරමක් අඩු ළමයි..
හොඳම
උදාහරණෙ අපේ බටයා... සම්මතේට පොතක් අල්ලපු නැති මෙයා ඕලෙවල් ඒ හයයි බී තුනයි..
ඔක්කොම හිතල තියෙන්නෙ මේක ෆේල් වෙයි කියල..
02. ගුරුවරුන්ගේ ඉගැන්වීමේ හැකියාව හා කැපවීම...
ගුරුවරු
කොච්චර ඉගෙනගෙන තියනවද කියන එක මෙතනට අදාල නෑ... ළමයට ග්‍රහණය කරගන්න පුළුවන්
විදියට උගන්නන්න පුළුවන් වෙන එක ප්‍රමාණවත්.. මගේ වාසනාවට මට කොළබිස්සෙදි ඒ වගේ
ගුරුවරු ටික දෙනෙක් ලැබුණ..
ඒත්
අවාසනාව කියන්නෙ මේ වගේ ඉස්කෝල වලට ගුරුවරු නැති එක.. පන්ති එකොළහක් තිබුණු
කොළබිස්සට හිටියෙ ගුරුවරු දාසයයි.. (විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ඇතුළුව)
අපේ
ඉස්කෝලෙට විතරක් නෙමෙයි.. අහල පහල හැම ඉස්කෝලෙකටම මේ ප්‍රශ්නෙ මෙහෙම්මම තිබුණ..
තියෙනව..
නුවර
හැම ඉස්කෝලෙකටම අතිරික්ත ගුරුවරු විසි පහක් තිහක් ඉන්නව..
03.තරඟකාරීත්වය...
මේක
බලපාන්නෙ කොහොමද?
ටවුමෙ
ඉස්කෝල වල පළවෙනියගෙ සහ දහවෙනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු උපරිමව විස්සක් විතර...
ගමේ ඉස්කෝලෙක පළවෙනියගෙ දෙවනියගෙ මුලු ලකුණු පරතරය ලකුණු තිහක් හතළිහක්..
මේක
බලපාන්නෙ මෙහෙමයි.. දෙවනියා පළවෙනියට වඩා ලකුණු තුන හතරකිවන් නම් අඩු, පළවෙනියා
ඊළඟ වතාවේ මීට වඩා ලොකු තරඟයක් දීල එක වෙන්නයි බලන්නෙ.. ඉතින් එතකොට නිකන්ම වගේ
අයිලන්ඩ් රෑන්ක් එකක් ගානට ලකුණු වැඩි වෙනව..
හැබැයි
පළවෙනියගෙ දෙවනියගෙ ලකුණු පරතරය තිහක් තිස්පහක් නම්, පළවෙනියට ඒ ප්‍රශ්න නෑ..
පාඩුවේ ඉඳල පාස් වෙන්න බලනව.. ඉතින් පළවෙනිය හැමදාම පළවෙනිය... දෙවනිය හැමදාම
දෙවනිය..
මේ
ලකුණු වලින් කවදාවත් ඒ පහ හයකට වඩා යන්න බෑ..... ඒක තමයි තිත්ත ඇත්ත.. මේකට වැරදි
ළමයි නෙමෙයි..
මට ඕ
ලෙවල් වලට ගණන් වලට තියෙන්නෙ බී එකක්... මොකද මට ඒ එකක් ගන්න ඕන උනේ නෑ.. මං
හිතාගෙන හිටියෙ ඒ නමයක් ගන්නේ ලංකාවෙ
පළවෙනිය දෙවනිය විතරයි කියල.. මොකද ඒ නමයක් ගත්ත ළමයි ගැන අහල්ල ලැබුණෙ එච්චරයි..
කවදාවත් මේ අහල ගම් හතක වත් ළමයෙක්ට ඒ නමයක් තිබිල නෑ.. ගණන් වලට ඒ තිබිල නෑ..
ඔයා
ගිය මාසෙ විතර රූපවාහිනියෙ ගිය ධාරා වැඩ සටහනට පෙන්නපු ඉස්කෝලෙ බැලුවනම් (අවාසනාවට
මට ඒ ඉස්කෝලෙ නම මතක නෑ) අපෙ ගුරුවරු කවද්ද අපිට මෙහෙම ඉගැන්නුවේ කියල හිතෙයි.. ඒ
තරමට ඉන්න ගුරුවරු හතර පස් දෙනා කැප වෙනව.. රෑ ක්ලාස් කරල උගන්නනව..
ඊට
පස්සෙත් මෙතෙක් ඒ පාලලේ ලැබිච්ච වැඩිම රිසාල්ට් එක (හතයි පහක් වගේ මතක) ලැබුණ..
ගුරුවරු
සහ ළමයි මෙච්චර කැප වෙලත් ඒ අටක නමයකට යන්න බැරිවුණේ ඇයි?
උත්තරේ
තරඟකාරීත්වයක් නැති වීම..
මම ඔට්ටුවක් අල්ලනව.. මෙතන ඉන්න ඒ අටක් නමයක් ගත්තු ඕන
කෙනෙක්ට මේක විවෘතයි.. ඒ ඉස්කෝලෙ වැඩිම රිසාල්ට් එක අරගෙන පාස් වුණ මල්ලිවයි
ඔයාවයි එකට එකම සිලබස් එකක් එකම විදියට උගන්නල තරඟයක් තිබ්බොත් 100% ෂුවර් ඒ මල්ලි
දිනුවෙ නැතත් ඔයාට හිතාගන්න බැරි තරඟයක් දෙනව..
04. තෝරා ගත හැකි විශයන් (ඛාණ්ඩ විශයයන්)
මේක ඒ
වලට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?
අපි
එක එක්ටකනා කැමති දේවල් වෙනයි.. මේ කාණ්ඩ විශයනුත් ඒ වගේ... තුන්දෙනෙක් කැමති
විශයන් තුනකට..
ඔයා
කැමති දෙයක් ඉගෙන ගන්න තියෙනවනම්... ඒක කැමැත්තෙන්ම හොය හොය ඉගෙනගන්නව නේද? ඒත්
ඔයාට කැමති දේ ඉගෙන ගන්න නැතිව වෙන කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න වෙනවනම්....
ඔයාට ඔයා කැමති විශයට ගන්න තිබ්බ රිසාට් එක ලැබෙයිද?
අහන්න
අකමැති වුණත් ඇත්ත මේකයි... වැඩි ඉස්කෝල ප්‍රමාණයකට අමතර විශයන් වලට තියා හර
විශයන් වලට වත් ගුරුවරු නෑ.. ඉතින් ළමයින්ට සිද්ධ වෙනව තියෙන දේ කැමැත්තෙන් හරි
අකමැත්තෙන් හරි ඉගෙන ගන්න.. ඉතින් අපරාදෙ ඒ එකක් දෙකක් නැති වෙන එකයි වෙන්නෙ..
එහෙනම් මොනවද කරන්න පුළුවන්?....
01.ගුරුවරුන්ට ඕන විදියට නොව ක්‍රමත් ව ගුරු මාරු කිරීම් සිදු කිරීම
මෙහෙම
කළොත් හැම ඉස්කෝලෙකටම ගුරුවරයෙක් ලැබෙයි.. එතකොට වත් මේ ළමයින්ට සාධාරණයක් වෙයි..
02.හැම පාසලකම සම්පත් දියුණු කිරීම
ටොයිලට්
එකක් වත් නැති ඉස්කෝල අනන්තයි.. ඇස් පේන කවුරුහරි ඉන්නවන නම් මේ ගැන හොයල බැලුවොත්
නරකද? මේ ළමයි ඉල්ලන්නෙ කොම්පියුටර් ලැප්ටොප් නෙමෙයි.. ටොයිලට් එකක්.. අබලන් ටොයිලට් එකට යන්න, කාල බොන්න වතුර ටිකක්...
පින්තූරය මෙතනින්
ඔය එකක් වත් බැරිනම් මේක වත් කරන්න..
03.ඕ ලෙවල් ප්‍රථිඵල දිස්ත්‍රික් මට්ටමින් නොව පාසල් මට්ටමින් ලබා දීම
මෙහෙම
අසාධාරණයට ලක් වෙච්චි ළමයින් සහ අතිශය සැප
විඳින ළමයි එක ගොඩට දාල දැනුම මනින එක ගොං කමක් කියල මේක කියවන කොට ඕන කෙනෙක්ට
තේරෙයි.. ඒ ළමයින්ට සාධාරණයක් කරන්න නම් ඒ ළමයින්ගෙ පාසලට සාපේක්ෂව රිසාල්ට් එක
දෙන්න..
මේ
ගැන තව කියන්න ගොඩක් දේ තියෙනව.. ඒත් අද පෝස්ටුව දිග වැඩි වුණා.. කියන්න ඕන මේ පෝස්ට් එකට හේතුව ශිෂ්‍යත්ව කඩයිම්
ලකුණු දැකපු එක.. මේක හදල තියෙන්නෙ කවදාවත් ගමේ පොඩි එකෙක්ට ටවුමක ඉස්කොලෙකට යන්න
බැරි වෙන්න... කොළඹ රෝයල් එකට කඩයිම්
ලකුණු එකසිය අසූ ගානක්..
මේ ක්‍රමේ
ටවුමෙ ළමයි තවත් ලොකු ඉස්කෝල හොයන එක නවත්තන්න හොඳයි.. හැබැයි ගමේ ඉන්න බුද්දිමත්
අහිංසකයින්ට ඉස්සරහට එන්න නොදෙන එකට මං එකහෙලාම විරුද්ධයි..
මේ
පෝස්ට් එක ලියුටෙ ටිකක් විතර ආවේගයෙන්.. උපරිමව කාටවත් අපහාසයක් නොවෙන්න ලියන්න
උත්සාහ කළා.. ඒක වැරදුණා නම් සමාවෙන්න..
=============================================================
පහුගිය ටිකේ යාන්ත්‍රිකයා ආෆ්ටර් ඒ ලෙවල් බිස්නස් එකක්
පටන්ගත්ත.. ඒ නිසා දැන් ටිකක් කාර්ය බහුලයි.. කීයක් හරි හොයල තියාගත්තම රිවිශන්
යන්න වුණොත් පාවිච්චි කළෑකි කියලයි වැඩේට බැස්සේ..
ඒ නිසා ඩෑෂ් බෝඩ් එකට ලොග් වුණේ දවස් ගානකට පස්සෙ..
ගොඩක් ලිපි කියවන්නත් බරි වුණා.. ඒ ගැන සමාව ඉල්ලනවා.. ඉස්සරහටත් මේ වගේම බිසී
වෙයි.. ඉස්සර වගේ ලිපි වැටෙන එකකුත් නෑ..... ඒකටත් සමාව ඉල්ලනවා..
"මෙතන ඉන්න ඒ අටක් නමයක් ගත්තු ඕන කෙනෙක්ට මේක විවෘතයි.. ඒ ඉස්කෝලෙ වැඩිම රිසාල්ට් එක අරගෙන පාස් වුණ මල්ලිවයි ඔයාවයි එකට එකම සිලබස් එකක් එකම විදියට උගන්නල තරඟයක් තිබ්බොත් 100% ෂුවර් ඒ මල්ලි දිනුවෙ නැතත් ඔයාට හිතාගන්න බැරි තරඟයක් දෙනව.." ඇත්ත මෙකට මම එකගවෙනවා....
ReplyDelete"මේ පෝස්ට් එකට හේතුව ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු දැකපු එක.. මේක හදල තියෙන්නෙ කවදාවත් ගමේ පොඩි එකෙක්ට ටවුමක ඉස්කොලෙකට යන්න බැරි වෙන්න... කොළඹ රෝයල් එකට කඩයිම් ලකුණු එකසිය අසූ ගානක්." මම හිතන්නෙ මෙක නමි පේපර් එක මත රදාපවතින දෙයක්...
ඔතනින් තමයි නගරෙ පාසල් වලට ගොඩාක් ළමයි එන්නෙ..
ඒ නිසා ඔකට මම එකග නැහැ....
අපේ පාසලට පොලොන්නරුව හමිබන්තොට වගේම අනුරාධපුරෙනුත් ළමයි ආවා.....
//අපේ පාසලට පොලොන්නරුව හමිබන්තොට වගේම අනුරාධපුරෙනුත් ළමයි ආවා.....//
Deleteඅපේ ඉස්කෝලෙටත් ආව... හැබැයි ඒ ඒ පළාත් වල තියෙන ලොකුම ඉස් කෝල වලින්..
මං ඒකයි සහෝ කියුවෙ පාසලට සාපේක්ෂව බලන්න ඕන කියල.. නුවර එළිය තමයි අඩුම රිසාල්ට් බලන දිස්ත්‍රික්කය.. ඒ දිස්ත්‍රීක්කයේ ඉස්කෝල වලටත් අන්ත ඉස්කෝල තියෙනව නුවර..
ස්තූතියි කමෙන්ට් එකට..
මේ යාන්ත්රිකයගෙත් මොළේ හිටපු ගමන් ට්‍රැක් පනිනවා නේද.. මේ කතන්දරේ ඇත්ත..
ReplyDeleteහැබැයි මං හිතන්නේ මේ සිස්ටම් එකෙන් වැඩිපුරම කේස් වෙන්නේ ශිෂ්‍යත්වෙදි නෙවෙයි... ඔලෙවල් ඒ ලෙවල් වලදි කියලා...
මොකද 155 ඉඳලා හොඳ කොළඹ ඉස්කෝල තියෙනවා.. අනිත් එක මේක ළකුණු වලින්මනේ බලන්නේ.. ඒක එක් ස්කෝර් වලින් නෙවෙයිනේ... ඔය කොළඹට ගොඩක් ඈත නැති උනත් අපේ ගෙවල් පැත්තේ ඉස්කෝලෙත් ඔය කේස් එක තිබ්බා.. ළමයි ගොඩක් ෆේල් උනා.. හැබැයි ඊළඟට නීතියක් ආවා 100ට අඩු උනොත් ලොකු ඉස්කෝලට නෙවෙයි වටේ අනිත් ඉස්කෝලවට යන්න වෙනවා කියලා... කොහොම හරි ළමයි දඟළලා ඉගෙන ගන්න පටන් ගත්තා.. ඔයා කියනවා වගේ තරඟකාරීත්වය අනිවාර්යයෙන්ම ඕනේ... මේ වගේ තරඟ විභාග වලට...
ඕලෙවල් ඒ ලෙවල් ගැන නම් ඔයා කියලා තියෙන ටික සහතික ඇත්ත...
//මේ යාන්ත්රිකයගෙත් මොළේ හිටපු ගමන් ට්‍රැක් පනිනවා නේද..//
Deleteයාන්ත්‍රිකයාට නිශ්චිත ට්‍රැක් එකක් නැත...
//මොකද 155 ඉඳලා හොඳ කොළඹ ඉස්කෝල තියෙනවා..//
මේක නෙමෙයි අක්කො මෙතන තියෙන ප්‍රශ්නේ..
ශිෂ්‍යත්වෙ ලියන්න ශිෂ්‍යත්වෙට උගන්නන්න පුළූවන් ගුරුවරයෙක් ඉන්න ඕන.. එහෙම පුහුණු ගුරුවරයෙක් නැතිව සාමාන්‍ය පෙළට උගන්නන ගුරුවරයෙක් ශිෂ්‍යත්වයට ඉගැන්නුවට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න බෑ...
ජීවිතේට සෙමිනා එකකට යන්න නොලැබුණ ගෑනු ළමයයෙක් සෙමින එකකට යැවුවට පස්සෙ එයාගෙ අම්මට කියනව "අනේ අම්මෙ මං මේව කවදාවත් අහල නෑ කොහොමද මං ලියන්නෙ" කියල.. ඒ වෙලාවෙ එයාගෙ අම්ම අඬපු විදිය දැක්කනම්............................
මල්ලි කියල තියෙන හැම කරුණක්ම වගේ ඇත්ත... ඔය පැත්තේ නෙමෙයි මල්ලි මේ පැත්තෙත් ඕන තරම් ඉස්කෝල තියෙනවා ඔය වගේ. හැබැයි මං නම් කියන්නේ ඉගෙන ගන්න එකා කොහෙ හිටියත් ඉගෙන ගන්නවා. මොකද හොද ඉස්කෝල වලට ගියා කියල මේ රටේ කොච්චර ඉන්නවද සා.පෙ. වත් පාස් නැති. ඒ එයාලට බැරිකම නෙමෙයි වුවමනාව නැතිකම. ඒ අතින් අඩු පහසුකම් තියෙනකොට ළමයි ඉගෙන ගන්න තියෙන ආසාව වැඩියි. හැබැයි ඒ වගේ ළමයින්ට වෙන අසාධාරණය නම් හොද නෑ තම. ඒත් ඉතිං මක්ක කරන්නද අප්පා... මේක ලංකාවනේ.......
ReplyDeleteඒක හරි..... ඒත් කොහේ වුණත් ඉගෙනගන්න එකාට ඉගෙනගන්න ලැබෙන්නෑ හරිහමන් පහසුකමක් නැතිව...
Deleteඒ වලින් මනින්න බෑ තමා. ඒ අරගෙන ඉගෙනුමින් ඉහල ගිය උන්ට වඩා, උ.පෙ. ෆේල් වෙලා කර්මාන්තයක් ඉගෙන ගත් එවුන් ස්මාජයේ ඉහලින් ඉන්න අවස්තා බොහොමයි.
ReplyDeleteඉස්කෝලත් කේන්ද්‍ර ගතවෙලා තියෙන්නෙ බලය මතනෙ. කොලඹ ඉස්කෝල හෝ ගාල්ලෙ ඉස්කෝල කියල වෙනසක් නෑ...
දෙමාපියන් ශිෂ්‍යත්වය පස්සෙ දුවන්නෙ ඕකනෙ.සමාජ විශමතාවය කියන්නෙ ඒකට තමා. කවුරුත් බලන්නෙ එහෙම ඉස්කෝලයකට දරුව දාන්න.
ඒක,මුදලින්...,ශිෂ්‍යත්වයෙන්,..ඕ.ලෙවල් වලින්...නැත්නම් වෙනත් අයතාමාර්ගයකින් වෙන්න පුලුවන්.
මේ විභාග ක්‍රමේ නිසා අසාධාරණේට ලක් වෙන අහිංසකයින්ට ඒ නමයක් ගන්න බැරි පව පන්න පන්න පටිසන් දෙනව වීයෝ....
Deleteඔය සමස්ත කතාව ඇත්ත .ඕනේ තරම් ඉස්කෝල තියෙනවා
ReplyDeleteගුරුවරු නෙවේ , හරියට වැසිකිලියක් නැති .පිරිමි ලමයිනම්
කමක් නැහැ කියමුකෝ ඒත් වයස 12 ට වැඩි ගෑනු දරුවෝ ?
ඒ දේවල් හදන්න ඕනේ නම් රු 60, 000 - 120,000 යාවි .
ඒත් මේ මිනිස්සු කරන්නේ මිලියන ගානේ ව්‍යාපෘති .ලැප් ටොප්
එක බල බල ඉද්දි චූ බැරල් ආවොත් යන්න තැනක් නැහැ ...
ඕව හරි විදිහට තියෙනවා කියමුකෝ , ඒ තැන් වල ගුරු ප්‍රශ්න තියෙනවා.
ඒ ගුරු ප්‍රශ්නත් විසදන්න පුළුවන් පළාත් මහ ඇමති මගින් පත් වීම්
ලැයිස්තු වලට මැදිහත් වීම් වෙන්නේ නැත්නම් ..
( ඕව මේ කියන තරම් සුන්දරව වෙන්නේ නැහැ , වෙන්නෙම නැහැ ..)
ඊළඟ දේ නම් ඔය කඩඉම් ලකුණු මල්ලි ඔයිට වඩා වෙන ක්‍රමයක් නැහැ .
ඕක වෙනස් කරන්න ගියොත් තනිකර අවුල් ජාලයක් වෙනවා .නමුත්
වෙන අසාදාරනය පිලිගන්නවා .
තව දෙයක් ඔයා ඔය කියන දෙදි කොළඹ ඉන්න අයට ඉතාම තද අසාදාරනයක්
වෙනවා දැනටත් . ඒ ගැන කව්රුත් කතා නැහැ .මොකද ඒක ඇද්දොත් ආයෙම
අවුල් ජාලයක් වෙනවා ..
උදාහරණයක් තමයි මැත්ස් වලින් A 3 දැම්මත් මොරටු යන්න බැරුව යනවා
සමහර වෙලාවට.ඒත් කොහෙවත් ඉන්න B , C අය එලෙක්ට්‍රොනික් සහ විදුලි
සංදේශ උපාධිය ගන්නවා ..ඒක සදරණද ?
මැත්ස් වලින් A 3 කියන්නේ සෙල්ලමක්ද ?
අර විදිහට ගිය අය( A 3 තියෙන අය ) පස්සේ පිට රටකට ගිහින්
හරි නියම නියම නියම විදිහට සුදුසුකම් පිට විදුලි සංදේශ උපාධිය ගත්තම ඒ අයටත් දොස්
කියනවා.නමුත් ඇත්තෙන්ම අර හොරට ( ඔව් හොරට තමයි ) ගිය
මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනේ...
(තව දෙයක් යාන්ත්රිකයෝ උබව නම් ගෑවුන
තැනකට ගන්න හොද නැහැ
.උබල වගේ උන් හරි භයානකයි:D
wihiluwak hode , namuth aththa kiwwe )
///.ලැප් ටොප්
Deleteඑක බල බල ඉද්දි චූ බැරල් ආවොත් යන්න තැනක් නැහැ ...
/////
.ලැප් ටොප්
එක බල බල ඉද්දි චූ බරක් ආවොත් යන්න තැනක් නැහැ ...
mewani mudrana dosha keepayak athi bawa salakanna.....
( IME fault )
සහන් මෙතන කියල තියන කතාවත් ඇත්ත. හැබැයි අසාධාරණේ කොළඹට විතරක් නෙමෙයි. මාතරට ගාල්ලටත් එහෙම තමයි. අපේ පාර වැඩිම කඩඉම් ඉසෙඩ් අගය තිබුනේ මාතරට. ඒත් මම ඒ ගැන අහිතක් හිතන්න හිතන්නේ නැත්තේ මේ යාන්ත්‍රිකයා කියන කතාව නිසා. දුෂ්කර පළාත්වල ළමයි ඒ 3ක් නොගන්නේ බුද්ධිය මදි හින්දා නොවෙන්න පුළුවන්. එහෙම අයට අවස්තාවක් ලැබෙන්නේ දිස්ත්‍රික් ලකුණු ක්‍රමය නිසා නේ. නැත්නම් අයිලන්ඩ් රෑන්ක් එකෙන් ගත්තොත් කැම්පස් එකේ ළමයි දිස්ත්‍රික්ක ගණනකට විතරක් සීමා වේවි නේද.
Delete//උදාහරණයක් තමයි මැත්ස් වලින් A 3 දැම්මත් මොරටු යන්න බැරුව යනවා
Deleteසමහර වෙලාවට.ඒත් කොහෙවත් ඉන්න B , C අය එලෙක්ට්‍රොනික් සහ විදුලි
සංදේශ උපාධිය ගන්නවා ..ඒක සදරණද ?//
මෙහෙම වුනේ එකම විදියට හැමතැනම අධ්‍යාපනේ ව්‍යාප්ත වෙලා නැති නිසා...
අනික, කොළඹින් ඒ තුනක් ගන්න එකා නුවරින් ලියුවනම් බී තුනකටත් බහින්න පුළුවන්.. ඒකයි සාපේක්ෂයි කියන්නේ..
@ යාන්ත්‍රිකයා
Delete////අනික, කොළඹින් ඒ තුනක් ගන්න එකා නුවරින් ලියුවනම් බී තුනකටත් බහින්න පුළුවන්.. ඒකයි සාපේක්ෂයි කියන්නේ..///
A 3 කොහොමද නුවරින් ලිව්වා නම් B 3 වෙන්නේ
කොහොමද කියපන්කො මුලින්ම ..
( අධ්‍යාපන විශමත්වය කියන්න එපා, ඒවා බයිලා .
ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා .A / L වයස
වෙද්දී පාසලේ අග හිඟ කම් , ගුරුවරු නෑ , ඕව ප්‍රශ්න
නෙවේ.හැමෝම උපරිම සම්පත් කරා පුද්ගලිකව යොමු
වෙනවා ..ක්ලාස් කියන්නෙත් එහෙම යොමු වීමක් )
Z එක විතරයි මල්ලි වෙනස් වෙන්නේ.
ඒකට තමයි කරන්න දෙයක් නැත්තේ.සයුරිත්
කිව්වා වගේ එතනදී ලොකු ප්‍රශ්නයක් වෙනවා..
නුවර , කොළඹ කියල ළමයින්ගේ මොළ වෙනස්
වෙන්නේ නැහැ .ඉගෙන ගැනීමේ හැකියාව නොහැකියාව
මිසක්.ඒක පටගන්න එපා.
@ සයුරි
Deleteඒක තමා සයුරි ගොඩක් දෙනෙක් අනිත් අය නිසා ඒක
විඳගෙන ඉන්නවා .නමුත් ඒ වෙනුවෙන් මොනවද
ලැබෙන්නේ ?අඩුම තරමේ අපිට මේ අවස්ථාව ලැබුනේ
තව අපිට වඩා දක්ෂ අය නොගෙන හිටපු නිසාවත් කියන දේ
මතකද ඒ අයට ?
මන් කියන්නේ ඒක , ගුණේ තියල මැරුවත් කමක් නැහැ .
ඒත් කාගෙවත් බඩට ගහල යන අයම පස්සේ අර මිනිස්සුන්ටම
දොස් කියනවා ..අවුලක් නැහැ ලංකාවනේ ..
( මේක සයුරි ඔයාට දොසක් කිව්වා නෙවේ හොදද? )
@සහන්
Delete//A 3 කොහොමද නුවරින් ලිව්වා නම් B 3 වෙන්නේ
කොහොමද කියපන්කො මුලින්ම ..//
එහෙම වෙන්නෙ තරඟකාරීත්වය නිසා...
තරඟකාරීත්වය කියන මාතෘකාව ඒ තරම්ම වැදගත් වෙන්නෙ ඒ නිසා.. ඒ බී පළාතට සාපේක්ෂයි.. බුද්ධිමත් උන් වැඩී නම් තරඟෙ වැඩී නම් ලැබෙන රිසාල්ට් එක වැඩි වෙනවා.. මේ කට කහනවට කියනව නෙමෙයි..
මේකට බුද්ධිය සම්බන්ධ නෑ.. සමාන මොලේ තියෙන වුන් දෙන්නෙක් දිස්ත්‍රික්ක දෙකකදී වෙනස් රිසාල්ට් ගන්නෙ ඒ නිසා..
බලහං සහන් අයියේ සයුරි අක්කට ඒක තේරුණා.. උමට තේරුන්නෑ..
ආ මේ සහන් අයියගෙ ප්‍රින්ටිං මිස්ටේක් වැඩියි.. හෙමින් කොටල හරි හදාගත්තොත් හොඳයි.. නැත්තං කුණු හරුපත් ලියවෙයි..
මේ පොඩි එකා හිටපු ගමන් අමුතුම ඒවා ලියනවා,හැබැයි ඇත්තම ඇත්ත, ඔයාගේ කතාවට මම 100% එකගයි මොකද මමත් හිතන්නෙ ඔය විදියටම නිසා,ඒ නිසා මම මෙතන ලොකු ක්මෙන්ට් එකක් කොටන්න යන්නෙ නෑ..
ReplyDeleteමගේ කතාවට එකඟ වුණා කියල පොඩි එකා කියල කරපු අපහාසය අමතක කරන්නෑ..:)
Deleteමමත් ඕ ලෙවල් කලේ ගමේ ඉස්කෝලේ. ඔය කතා ටික නම් සහතික ඇත්ත.
ReplyDeleteඑහෙනම් අයියයි මායි එක වල්ලෙ පොල්...:)
Deleteඑකඟයි මලේ කතාවට.... වැඩි විස්තර කොටන්න වෙලාව මදි වැඩ කරන ගමන්.....
ReplyDeleteඅයියගෙ වටිනා කාලයෙන් තත්පරයක් හරි වියදම් කරල මේ පැත්තට ආවනම් මට ඒ ගැන සතුටුයි...
Deleteස්තූතියි..
කතාව සම්පූර්ණ ඇත්ත. යාන්ත්‍රිකයාට තියෙන මොළෙන් එක කලඳක් අර අධ්‍යාපන ඇමතියට තිබ්බ නම්...රටේ ඉගෙන ගන්නාවූ ළමයින්ගේ අනාගතය සුබවාදී වෙයි.
ReplyDeleteඔය ඉතිං.... මාව මුරුංගා අත්තෙ තියනවා...
Delete2008 - පුතාගෙ O/L රිසල්ට් මොනාද ?
ReplyDeleteA9
-හ්ම්ම්ම්.. ඇත්තද....
**************************************
2011 - පුතාගෙ A/L රිසල්ට් මොනාද ?
කෙමෙස්ට්‍රි ඩවුන්
- හපෝ, ඒ මොකද? ඒකවත් කර ගන්න බැරිද?
***************************************
කියල දෙන්න ඕන ඕ ලෙවල් වලට ඒ නමයක් තිබ්බත් ඒ ලෙවල් වලට සී තුනක් ගන්න බැරි බව.....
Deleteඇත්ත..
ReplyDeleteසමහර ගම්බද පාසල් වලට පරිපාලනයේ ගොඩාක් ලොකු දුර්වලකම් තියෙනවා.. මගේ අක්කා තඹුත්තේගම, අංගමුව යාය 6 මහා විද්‍යාලයේ ගුරුවරියක්. ඒ පාසලේ විදුහල්පති මහ දවල්ටත් බීගෙන ඉන්නේ. එයා බර්ටි ප්‍රේමලාල්ගේ හොද හිතවතෙක්. ඒ නිසා මොන වරදක් කරත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ. ඒ නිසාම පාසලේ පරිපාලනය බල්ලට ගිහින් තිබුනේ British council එක මගින් කරපු ISA award එක 2011 වසරේ දිනා ගත්තේ ඒ පාසල.මගේ අක්කා තමයි ඒ සම්බන්ධයෙන් වැඩ කරේ. ඒ වසරේම තමයි කොළඹ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකුත් ISA award දිනා ගත්තේ. විශේෂත්වය ISA award දිනා ගත්තු පාසල් අතරින් මගේ සොහොයුරිය සේවය කල පාසල පළමු ස්ථානයට පැමිණිමයි. එහි සම්පූර්ණ ගෞරවය මගේ සොහොයුරියට හිමිවිය යුතුයි. ඒ සම්මානයත් එක්ක පාසලට බෙහොමයක් දේ ලැබුනා. ඒත් විදුහල්පතිගේ ඔලමොට්ටල වැඩ නිසා දැන් ඒ පාසලේ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. බර්ටිගේ මාරුවත් එක්ක විදුහල්පතිත් මාරු උනා. ISA award ලබා ගත් කොළඹ සමහර පාසල් ඒ පිළිබදව බොහොම ආඩම්බරයෙන් පත්තරවල පවා ලිපි පල කරා. නමුත් පළමු ස්ථානය ගත්තු පාසලට ඒක ගැන වගක් නෑ. මගේ අක්කා දුශ්කර සේවයට ගියේ කැමැත්තෙන්.(ඇය ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ) ඒත් වෙච්ච දේවල් නිසා දැන් එයා කළකිරිලා. කොළඹට මාරුවක් ගන්න උත්සහ කරනවා. ISA award පළමු තැන ගත්ත නිසා ඇයට කොළඹ පාසල් වලින් හොද ප්‍රතිඡාර ලැබෙනවා.
දුශ්කර කියන ගොඩක් පාසල් කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ අයහපත් පරිපාලනය නිසා. දුශ්කර සේවයට යැවෙන ගොඩක් දෙනා අලුත් පත්වීම් ගන්න ගුරුවරු. ඔවුන් උත්සහ කරන්නෙම ගියපු දවසේ ඉදලම ආපහු තමන්ගේ ගෙවල් කිට්ටුවට මාරුවක් ගන්න. එක අතකින් ඒක අසාධාරණයි කියන්නත් බෑ.
ළමයි ටික දෙනා ඉන්න පාසල් කීපයක් එකතු කරලා ඒ සේරම සම්පත් එකතු කරලා එක පාසලක් දියුණු කරානම් වටින්නේ නැද්ද??
මම කතා කරේ යාන්ත්රිනයා කියන කරුණු වලින් මම දන්න එකක් ගැන විතරයි. සුදුස්සාට සුදුසු තැන ලැබෙනවානම්..
සුදුස්සාට සුදුසු තැන ලැබේවා!!
ලිහිණි කියන්නා වගේ වගකිව යුත්තන්ට උඹේ මොලේ තිබ්බනම්..
මං ඕ ලෙවල් කරපු ඉස්කෝලෙත් ප්‍රින්සිපල් අමු ගොන් මෝඩයෙක්.. ඉස්කෝලෙ අරගෙන ගියේ ගුරු මණ්ඩලය.. පරිපාලනේට නුසුදුස්සො ආවම ඔහොම වෙනව..
Deleteකථාව ඇත්ත...භෞතික සම්පත් මීට වඩා තියේ නම් ගමේ ළමයි නගරෙට දුවන්න වැඩ පෙන්නනවා ෂුවර්...
ReplyDeleteසාක්ෂි තායෙනවා...
Deleteසංගීතය නැති අපේ ඉස්කෝලෙන් ගායනා අංශයෙන් අයිලන්ඩ් ෆස්ට් ගහපු කොල්ලෙක් හිටියා දෙදාස් අටේ..