Pages

Saturday, October 5, 2013

ඕං ආයිත්..................................

ආයු බෝ වේවා හැමෝටම.....!!!!  
කට්ටියට අපිව මතකද දන්නෙත් නෑ.... ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආයිත් පටන්ගන්නයි යන්නෙ...

දැන්නම් ඉස්සර වගේ ලේසි වෙන එකක් නෑ මං හිතන්නෙ. බ්ලොග් කෙරුවාවත් දඩ කලාවක් වෙලා... මේ ගැන විචාර පවා පත්තර පිටුවල තිබුණා දකින්න ලැබුණා පහු ගිය දවස්වල.. කොහොම හරි අවුරුද්දක් බ්ලොගේ දිහා බලන්නෙවත් නැතිව ඉදලා මොකක්දෝ එහෙකට ආයිමත් පටන්ගන්න හිතුණා...

යාන්ත්‍රිකයා බ්ලොග් කෙරුවාව පටන්ගත්තෙ අවුරුදු එකහමාරකට විතර කළින්. එක එක නම් වලින් බ්ලොග් කීපයක්ම අත් හදා බලලයි යාන්ත්‍රිකයා "යාන්ත්‍රික සිතිවිලි" නමින් මේ බ්ලොගේ පටන් ගත්තෙ... ඒකත් මාස තුනකට වඩා පුද්ගලික හේතු නිසා පවත්වගෙන යන්න බැරි වුණා..... නිදහස ලැබුණ නිසා ඕං ආයිමත් වැඩේ පටන්ගත්ත.....

පහුගිය කාලෙ අන්තර් ජංජාලෙ පැත්තෙ නොආවාම නෙවෙයි... හැබැයි ඔය සමාජ ජාල පැත්තෙ නාවේ දුක හිතෙන නිසයි... කාලෙකට පස්සෙ මේ පැත්තෙ එනකොට පරණ යාළුවොන්ට මාව මතකයි කියල දැක්කම පට්ට සතුටකුත් ආවා...

කොහොම හරි පල් හෑලි ලියවිල්ල නතර කරන්න කාලෙ හරි වගේ.. මොකක් හරි වැදගත් දෙයක් හොයාගෙනම ආපහු එන්නම්...

20 comments:

  1. appatasiri....menna meyaa awith..

    liyamu liyamu ehenan :D

    ReplyDelete
    Replies
    1. අපිව දැක්කම නිකං දෙයියො බුදුං දැක්ක වගේ නේ??????

      Delete
  2. යකෝ දුක මොකෑ....මට මතකයි උඹ මයෙ ඉසව්වෙත් ඇවිත් කොමෙන්ට් කොටලා යන අපූරුව...ආයෙමත් පුලු පුලුවන් වෙලාවට ලියමුකො බලන්ට...

    ReplyDelete
    Replies
    1. ඒක තමා කේස් එක.... පුලු පුලුවන් විදියට වත් වෙලාව හොයා ගන්න එක...??

      Delete
  3. ලියපන් ලියපන් ඉක්මනටම!

    ReplyDelete
    Replies
    1. හිටහං හිටහං පොඩ්ඩක්....

      Delete
  4. උඹ කවුද? මට උඹව මතක නෑ.
    අපිත් දැන් මෙව්වයෙ වැඩිය සක්මං කොරන්නෙ නෑ බං

    ReplyDelete
    Replies
    1. කවුද බං මේ...? මටත් උඹව මතක නෑනේ... මං මේ පැත්තෙ ආවෙම නෑනෙ නේ?

      Delete
  5. අඩෝ ලියපන් මොඅන මගුලෙක් අරි වරෙන් අපේ පැත්තේ අ[ඉ නියම ඒවා කරන්ව්.

    ReplyDelete
    Replies
    1. ලියන ඉටිගෙඩියක් පැහැදිලිව ලියහං බං... උඹ සිංහල පේල් නේ?

      Delete
  6. උඹ නේද අර කස්තිරමක් ඇල්ලුවේ දැක්ක නේ ඒකේ බලේ.. දැං ඒක බිදිල නං වැඩ පටනු ගනු.. වහාම... සන්තෝසයි ආපු එකට. (රෝලෙන් අයින් කරන්න ඇපුව් වෙලා තිබුනේ)

    ReplyDelete
    Replies
    1. ආයි... මතකයි නේ...?
      ඕං වැඩ පටන් ගන්නවා ඒනං.... මාව රෝලෙන් අයින් කළානං බලාගන්ට තිබුණා....

      Delete
  7. මොකද පහුගිය කාලෙ පේන්න හිටියෙ නැත්තෙ....මම හිතුවා මැරිලා ඇති කියලා...නැවත පැමිණීම ගැන සතුටුයි...මෙදා පොටේවත් බැටේ දීපන්...

    ReplyDelete
    Replies
    1. නොමැරී මැරිල හිටියේ හයියො.... කාටද බැටේ ඕන?

      Delete
  8. හෙහ් හේ... කොහොම අමටක වෙන්නද ;) මස්සිනා ආයෙත් ඇවිත් නේ ? :D දිගටම ලියන්න දැන්වත්...
    (අපිවනම් මතකද දන්නෙත් නැහැ :p )

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං එහෙම අමතක වෙනවනම් මේ යාන්ත්‍රිකයා නෙමෙයි!!!

      Delete
    2. හෙහ් හේ.. එහෙනම් කවුද කියං බලන්න :D කලින් කරපු blog එකේ නමවත් ;)

      Delete
  9. තාම වැදගත් ඒවා හොයනවා ඇති

    ReplyDelete
  10. luckyclub.live
    Lucky luckyclub club: A VIP club offering all the players the chance to play and win big on the top 5 online slots · 2. Super Monkey · 3. Jungle Riches · 4. Raging Bull · 5.

    ReplyDelete