Pages

Thursday, January 3, 2013

යාන්ත්‍රික ඉඟි වැකි




            යාන්ත්‍රික භාෂාව ටිකක් විතර වෙනස්.. නිතර අහන්න දකින්න නොලැබෙන වචන වගේම වැකි ඒ භාෂාවෙ ඇතුළත්.. මේ ඒවගේ ටිකක්.. ඔයාලගේ ඩික් එකටත් එකතු කරගන්න හොඳනම් විතරක්..

01.කට්ට කන්නාට මදය කෑමට ලැබේ..
හා නැද්ද මං අහන්නේ.. මදය කන්නනං කට්ට කන්නම වෙනවනේ.. මේක මට කියවෙන්නෙ ක්ලාස් සිහිවුණහම..

02.යකාගෙ ආණ්ඩුවේ පුතාගෙ ඇමතිකම වගේ..
            ඇමතිගෙ පුතා ඒම නං මෙයා කොහොම වෙයිද?
පිංතූරය මෙතනින්
03.බටයගෙ කෙල්ල වගේ..
            තේරුන්නෑනේ?.... ඒ කියන්නෙ හරියටම නිශ්චිත නෑ කියන එක... මොකද ‍මේ බටයට අවුරුදු පහකදී කෙල්ලො තිස් දෙකක් හිටිය.. දැං එකත් එක්ක තිස් තුනයි.. හැබැයි ඌ මීටරේ..

04.ප්‍රොපෙසර්ට වැරදුණු ප්‍රශ්න පත්තරේ වගෙ...
            ඇයි පහුගිය ෆිසික්ස් ප්‍රශ්න පත්තරයක්  ෆිසික්ස් රට වටේ කරකවල ටොං පචයක් දාල හදල තිබ්බේ... ඒක වැරදියි කියුවම ඒකටත් උත්තරයක් දුන්නනේ..ගණං පේපර් එකකටත් එහෙම කළා නේ.. ඉතිං  ඕන පැත්තකට හරවල දෙන්න පුළුවන් උත්තර තියෙන ඒවට මෙහෙම කියනව.. එදා ඉඳන් මේක යාන්ත්‍රිකයගෙ ඉඟි වැකියක්..

05.ඩේවිඩ් ප්‍රතිමාව සීගිරියට ගෙනාව වගේ..
            කොහොම තියෙයිද?.... ඩේවිඩ් ප්‍රතිමාවේ සුළු සුළු වෙනස්කම් එහෙමත් වෙයි නේහ්?....

06.මගේ කොම්පියුටරේ වගේ..
            නැති දේකුත් නෑ... ඇති දේකුත් නෑ...
පිංතූරම මෙතනින්
07.රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා අපෙ අප්පච්චිට මාමා කියුව වගේ..
            අන්ධ භූත මෝඩ කතාවක් දැක්වීම සඳහා යෙදේ.. 
            ඇත්තටම කියනවනම් රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා තමයි යාන්ත්‍රිකයා...:) 

        මේවා එකදිගට කල්පනා කරකර කියන ඒව නෙමෙයි... ක්ෂණිකව මොකක්  හරි වචනයකට මැදින් දාන්න යනකොට එළියට එන ඒව... අද තමයි මුල් වරට පෙළගස්වන ලද්දේ.... තව ඇති.. එකදිගට මතක්වෙන්නෙ නෑ..:(

------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?....... හරියටම දැනගන්න ෆිසික්ස් ලන්තෙ කියවන්න..

41 comments:


  1. හැක් හැක් ...
    එල ...

    ReplyDelete
    Replies
    1. තැංකියු...තැංකියු...

      Delete
  2. ඈ මලේ හදමුකෝ අලුත්ම වොකැබ්ලරියක්..මෙන්න නූතන යාන්ත්‍රික උපමා....ජනප්‍රිය කරමු මේවා.. එතකොට අර භටය කව්ද?....

    ReplyDelete
    Replies
    1. සහයෝගය මත හදමු...:)
      ආ... බටයා කියන්නෙ අපේ අහල පහල ඉස්කෝලෙක කොල්ලෙක්.. ඌ නේවි කැඩෙට් එකේ හිටපු නිසා සර්ලා ඇතුළු සියළු පිරිස් අමතන ලද්දේ බටයා කියල..:)
      ඌට එකසිය ගාණට වැඩිය පිස්සු... හැබැයි මීටරේ...

      Delete
  3. තව ඒවා තියනවා. ඒවා කියන්න නම් ඇනෝ එන වෙයි.

    ReplyDelete
  4. හපොයි...මගේ ඔලුවත් මඤ්ඤන් වුනා......හික්....

    ReplyDelete
    Replies
    1. ඔළුවේ ප්‍රශ්න වලට මාව ගාව ගන්න එපා හරී...

      Delete
  5. අන්න එහෙම තැනට සුදුසු කියමන් හදල හරි ගන්න ඕනේ. :)
    ඔහොම ඒවා තව තිබුන, මෙමරිය අවුල් නිසා එන්නේ නෑ එලියට. ඔන්න පිසික්ස් ලන්තේ පැත්තෙත් ගියා.

    ReplyDelete
    Replies
    1. මගෙත් තව ගොඩක් තියෙනව... මේ වෙතාවෙ ඔළුවට එන්නෙ නෑ..

      Delete
  6. "යාන්ත්‍රිකයගෙ මොළය වගේ" - තිබ්බත් නෑ වගේ, නැතත් තිබ්බා වගේනෙ :P

    ReplyDelete
  7. මගුලක් කතා කරනව...මගෙ ඔලුවත් මෙව්ව වෙලා ගියා...!!!

    ReplyDelete
    Replies
    1. දැන්ම හිස සම්බන්ධ විහේශඥයෙකුට(හරිද මංදා) පෙන්නුවනං හරි මගෙ හිතේ...:))

      Delete
  8. මරු. ඉතුරු ඒවත් මතක් උනොත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මතක් වුණ සැණිත් ඉතිරි ටික..

      Delete
  9. මදෑ ඉඳල ඉඳල කියෝපු අට මගුල. ඈහ් බන් හදමුද ඩික් එකක් ???

    ReplyDelete
    Replies
    1. වචන මං ගානෙ සල්ලි උඹ ගානේ... මොකද කියන්නේ..??

      Delete
  10. elaz, macho umbe ara atamagale akuru wala paata wenas karapan mobile version eke. Dan light nethi thoranak wagE.

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් මට ඒක හදන විදිය කියල දෙනවද? මං ඒ ගැන දන්නෑ... දැනගත්ත ගමන් හදන්නම්..:(

      Delete
    2. දැං හරිද බලන්න... දන්න ශිල්ප දාල බැලුව..

      Delete
  11. හේ හේ. ජය වේවා. අන්ධභුත කියන්නේ මොකද කියල දන්නවද යාන්ත්‍රිකයා.. අර කිලෝවේ පුරස්නෙ නං කේස් නේස් පුළුන් කිලෝ එක මහ ලොකුයි නේ නේද??

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. පුළුන් ලොකු නිසා බර අඩු වෙනව...

      Delete
  12. ස්තූතියි කතන්දර...
    කතන්දර මේ පැත්තෙ ආපු පළවෙනි වතා‍ව... සාදරයෙන් පිළිගන්නව..!!!

    ReplyDelete
  13. හෑ...
    යාන්ත්‍රික ඉගි වැකි වගේ..
    යසට ඉන්න අයව කරකවලා අතාරින දේවලට.. :)

    කළු සුදු

    ReplyDelete
    Replies
    1. හිහී....

      අන්න හොඳ ළමයි.. ලිංක් එක දැම්මම මටත් ලේසියි..

      Delete
  14. අම්මපා මේ පොඩි එකාට හිතෙන එව්වා... මරු ඈ මුනා වුනත්...

    ReplyDelete
    Replies
    1. මෙයා අවුරුද්දකින් අක්ක වෙලා මට සද්දෙ දානව...........:(

      Delete
  15. නිර්මාණාත්මක ගතියක් තියෙනවා... මම නම් ලයික්...

    ReplyDelete
    Replies
    1. තෑංක්ස් සිරා අයියා....

      Delete
  16. අකුරුත් ලස්සනයි වචනත් ගැලපෙනවා ............

    ReplyDelete
    Replies
    1. මේ මගේ අකුරු නෙමෙයි... ඉස්කෝල පොත ෆොන්ට් එක...:D

      Delete
  17. ඉගෙනීම කටු අත්තකි-එහි පලය මල් ඉත්තකි.ඕවා දැන් අහලම එපා වෙලා.මෙහෙම අලුත් ඒවා එපෑ ලියැවෙන්න.

    කට්ට කන්නාට මදය කෑමට ලැබේ.. මේක තමයි අධ්‍යාපනය ගැන මෑතකදි ඇහිච්ච අපූරුම ඉගි වැකිය..!

    තව ලියවේවා යාන්ත්‍රික ඉගිවැකි.හරිම නිර්මාණශීලියි!

    ReplyDelete
    Replies
    1. වර්ශව සාදරයෙන් පිළිගන්නවා...
      ස්තූතියි කමෙන්ට් එකට..
      ආයිත් එන්න...

      Delete
  18. එලම තමා! මේවා දෙක තුනක් පුරුදු වෙන්න ඕනේ!

    ReplyDelete